A/Level Chemistry Syllabus

08 ඒකකය – හයිඩ්‍රොකාබන හා හැලජනීකෘත හයිඩ්‍රොකාබන

ඒකකය 8 – හයිඩ්‍රොකාබන හා හැලජනීකෘත හයිඩ්‍රොකාබන

 

නිපුණතාව 8.0 –

ඇලිපැටික හයිඞ්රොකාබන හා හේලොහයිඞ්රොකාබනවල ව්‍යූහය සහ ගුණ අතර සම්බන්ධතාවය විමර්ශනය කරයි.

නිපුණතා මට්ටම 8.1 –

ඇලිපැටික හයිඞ්රොකාබනවල ව්‍යූහය, භෞතික ලක්ෂණ සහ බන්ධන ස්වභාවය විමර්ශනය කරයි.

කාලච්ඡේද ගණන –

05

ඉගෙනුම් ඵල –

  • සුදුසු නිදසුන් උපයෝගී කර ගනිමින් ඇල්කේන, ඇල්කීන හා ඇල්කයිනවල බන්ධනවල ස්වභාවය විස්තර කරයි.
  • ඇල්කේන, ඇල්කීන හා ඇල්කයින සදෘශ ශ්‍රේණිවල භෞතික ගුණවල විචලනය පැහැදිලි කරයි.
  • සරල ඇල්කේන, ඇල්කීන හා ඇල්කයිනවල ජ්‍යාමිතික හැඩ ඒවායේ කාබන් පරමාණුවල මුහුම්කරණයට සම්බන්ධ කරයි.

පාඩම් සැලසුම් සඳහා උපදෙස් –

  • sp³, sp² හා sp මුහුම්කරණ සහ අදාළ ජ්‍යාමිතික හැඩ උපයෝගී කර ගනිමින් ඇල්කේන,
    ඇල්කීන හා ඇල්කයින හඳුන්වා දෙන්න.
  • පොදු සූත්‍ර භාවිත කර අදාළ සදෘශ ශ්‍රේණි ලියා දක්වමින් ඇල්කේන, ඇල්කීන හා
    ඇල්කයින විස්තර කරන්න.
  • ව්‍යූහ සහ අදාළ අන්තර් අණුක ආකර්ශණ බල සලකමින් ඒවායේ තාපාංක, ද්‍රවාංක,
    ද්‍රාව්‍යතාව වැනි භෞතික ගුණ විචලනය වන ආකාරය සාකච්ඡා කරන්න.
  • හයිඞ්රොකාබනවල ඇති ‘පයි’ හා ‘සිග්මා’ බන්ධන නිරූපණය කිරීමට හැකි වන පරිදි
    සුලභව ලබා ගත හැකි ද්‍රව්‍ය යොදා ගෙන ආකෘති සෑදීමට අවස්ථාව සලසා දෙන්න.

ඇගයීම් හා තක්සේරුකරණය –

  • දෙන ලද කාබනික සංයෝග ශ්‍රේණියක් ඒවායේ ද්‍රවාංකය වැඩි වන පිළිවෙළට සැකසීමට ඇති හැකියාව තක්සේරු කරන්න.
  • එකම අණුක සූත්‍රය ඇති සමාවයවිකවල තාපාංක විචලනය අවබෝධ කර ගැනීමට ඇති හැකියාව තක්සේරු කරන්න.

නිපුණතා මට්ටම  8.2 –

ඇල්කේන, ඇල්කීන හා ඇල්කයිනවල රසායනික ප්‍රතික්‍රියා ඒවායේ ව්‍යූහය පදනම් කර ගනිමින් විමර්ශනය කරයි.

කාලච්ඡේද ගණන –

14

ඉගෙනුම් ඵල –

  • ඇල්කේනවල C-C හා C-H බන්ධනවල නිර්ධ්‍රැවීය ස්වභාවය නිසා ඒවා ධ්‍රැවීය ප්‍රතිකාරක කෙරෙහි ප්‍රතික්‍රියාශීලී නොවීම පැහැදිලි කරයි.
  • මෙතේන්වල ක්ලෝරිනීකරණයේ මුක්ත ඛණ්ඩක යන්ත්‍රණය පැහැදිලි කරයි.
  • ඇල්කීනවල අසංතෘප්තතාව හා වැඩි ඉලෙක්ට්‍රෝන ඝනත්වය නිසා ඒවා ඉලෙක්ට්‍රෝෆිලික (ඉලෙක්ට්‍රෝනකාමී) ආකලන ප්‍රතික්‍රියාවලට දක්වන නැඹුරුතාව පැහැදිලි කරයි.
  • ඇල්කීන හයිඞ්රජන් හේලයිඩ සමග සිදු කරන ප්‍රතික්‍රියාවේ යන්ත්‍රණය ලියා දක්වයි.
  • ඇල්කීන වලට හයිඞ්රජන් හේලයිඩ ආකලනය වීමේ දී සෑදෙන කාබෝකැටායනවල ප්‍රතික්‍රියා අතරමැදි ලෙස හඳුනා ගනියි.
  • ප්‍රාථමික, ද්වීතීයික හා තෘතීයික කාබෝකැටායනවල සාපේක්ෂ ස්ථායිතාව සංසන්දනය කරයි.
  • අතරමැදි ඵල ලෙස සෑදෙන කාබෝ කැටායනයේ ස්ථායිතාව අනුව හයිඞ්රජන් හේලයිඩ ආකලනය කුමන දිශාවට සිදු වේ ද යන්න හඳුනා ගනියි.
  • බ්‍රෝමීන් අණුවේ සිදු වන ධ්‍රැවීකරණය හේතුවෙන් ඇල්කීන හා බ්‍රෝමීන් අතර ප්‍රතික්‍රියාව ද පළමු ව Brආකලනය වීමෙන් සිදු වන ඉලෙක්ට්‍රොෆිලික ආකලන ප්‍රතික්‍රියාවක් බව හඳුනා ගනියි.
  • ඇල්කීන හා බ්‍රෝමීන් අතර ප්‍රතික්‍රියාවේ යන්ත්‍රණය ලියා දක්වයි.
  • ඇල්කීන, තනුක සල්ෆියුරික් අම්ලය හා ජලවිච්ඡේදනය වී සෑදෙන අවසාන ඵලය ලියා දක්වයි.
  • ඇල්කීන, උත්ප්‍රේරක හයිඞ්රජනීකරණයෙන් ලැබෙන ඵල ලියා දක්වයි.
  • ඇල්කීන, ක්ෂාරීය පොටෑසියම් ප’මැංගනේට් සමග ප්‍රතික්‍රියාවෙන් ලැබෙන ඵල ඒවායේ වර්ණ විපර්යාස සමග ලියා දක්වයි.
  • ඇල්කයිනවල අසංතෘප්තතාව හා අධික ඉලෙක්ට්‍රෝන ඝනත්වය
    හේතුවෙන් ඒවා ඉලෙක්ට්‍රොෆිලික ආකලන ප්‍රතික්‍රියාවලට දක්වන
    නැඹුරුතාව පැහැදිලි කරයි.
  • Br2 ,HX, තනුක H2 SO4 /Hg2+ සමග දක්වන ඉලෙක්ට්‍රොෆිලික ආකලන ප්‍රතික්‍රියා ලියා දක්වයි.
  • Ni/Pt/Pd ඇති විට ඇල්කයින, හයිඞ්රජන් වායුව දක්වන ප්‍රතික්‍රියා ලියා දක්වයි.
  • ඇල්කයින  Pd / BaSO4 / ක්වීනොලින් ඇති විට සිදු වන භාගික හයිඩ්‍රජනීකරණයෙන් ලැබෙන ඵල ලියා දක්වයි.
  • අග්‍රස්ථ හයිඞ්රජන් ඇති ඇල්කයින ඒවායේ මුහුම්කරණ අවස්ථාව හේතුවෙන් ඇති වන ආම්ලිකතාව නිසා ලෝහ මගින් විස්ථාපනය වන බව හඳුනා ගනියි.

පාඩම් සැලසුම් සඳහා උපදෙස් –

  • ඇල්කේනවල සංතෘප්ත ස්වභාවයත්, ඇල්කීන හා ඇල්කයිනවල අසංතෘප්ත ස්වභාවයත්
    සාකච්ඡා කරන්න.
  • C-C හා C-H බන්ධන වල නිර්ධ්‍රැවීය ස්වභාවය අනුව ඇල්කේනවල අක්‍රිය ස්වභාවය
    පැහැදිලි කරන්න.
  • මුක්ත ඛණ්ඩක යන්ත්‍රණය යොදා ගනිමින් මෙතේන්, ක්ලෝරීන් සමඟ ප්‍රතික්‍රියා කරන ආකාරය සාකච්ඡා කරන්න.
  • යන්ත්‍රණය, සම විච්ඡේදනය, විෂම විච්ඡේදනය සහ මුක්ත ඛණ්ඩක දාම ප්‍රතික්‍රියා යන පද හඳුන්වා දෙන්න.
  • ඇල්කීන හා ඇල්කයිනවල ලාක්ෂණික ප්‍රතික්‍රියා වර්ගය ඉලෙක්ට්‍රොෆිලික ආකලන ප්‍රතික්‍රියා වන බව එවාට අදාළ යන්ත්‍රණ සැලකිල්ලට ගනිමින් පැහැදිලි කරන්න.
  • ඇල්කීන, හයිඞ්රජන් හේලයිඩ සමග ප්‍රතික්‍රියාවේ දී සෑදෙන අතරමැදි කාබෝකැටායන සහ ප්‍රාථමික ද්විතීයික හා තෘතීයික කාබෝකැටායනවල ස්ථායිතාව පිළිබඳව සාකච්ඡා කරන්න.
  • අග්‍රස්ථ හයිඞ්රජන් පරමාණු ඇති ඇල්කයිනවල ආම්ලික ස්වභාවය සෝඩියම්, සෝඬේමයිඞ්, ඇමෝනීය කියුප්‍රස් ක්ලෝරයිඞ් හා ඇමෝනීය සිල්වර් නයිට්රේට් වැනි ප්‍රතිකාරක භාවිත කරමින් පැහැදිලි කරන්න.

අදාල පරීක්ෂණ –

  • බ්‍රෝමීන් ජලය හා ක්ෂාරීය පොටෑසියම් ප’මැංගනේට් යන ප්‍රතිකාරක සමග ඇල්කීන හා ඇල්කයින දක්වන ප්‍රතික්‍රියා නිරීක්ෂණය කරන්න.
  • ඇමෝනීය කියුප්‍රස් ක්ලෝරයිඞ් හා ඇමෝනීය සිල්වර් නයිට්රේට් සමග අග්‍රස්ථ හයිඞ්රජන් ඇති ඇල්කයින දක්වන ප්‍රතික්‍රියා නිරීක්ෂණය කරන්න.

ඇගයීම් හා තක්සේරුකරණය –

  • බ්‍රෝමීන් ජලය හා ක්ෂාරීය පොටෑසියම් ප’මැංගනේට් භාවිත කර ඇල්කීන හා ඇල්කයිනවලින් ඇල්කේන වෙන් කර හඳුනා ගැනීමට ඇති හැකියාව අගයන්න..
  • ඇල්කේන. ඇල්කීන හා ඇල්කයින දෙන ලද ප්‍රතිකාරක සමඟ දක්වන ප්‍රතික්‍රියාවලින්ලැ බෙන ඵල පෙරයීමට ඇති හැකියාව අගයන්න.
  • ඇල්කේන, ඇල්කීන හා ඇල්කයිනවල විෂය නිර්දේශයට අදාළ ප්‍රතික්‍රියා යන්ත්‍රණ ලිවීමට ඇති හැකියාව අගයන්න.

නිපුණතා මට්ටම 8.3 –

බෙන්සීන්වල බන්ධන ස්වභාවය විමර්ශනය කරයි.

කාලච්ඡේද ගණන –

03

ඉගෙනුම් ඵල –

  • කෙකුලේ විසින් බෙන්සීන් සඳහා පළමු ව ඉදිරිපත් කරන ලද ව්‍යූහය එහි සියලු ගුණ පැහැදිලි නොකිරීමට හේතු ඉදිරිපත්කරයි.
  • බෙන්සීන්වල ව්‍යූහය හා ස්ථායිතාව පැහැදිලි කරයි.
  • බෙන්සීන්වල සත්‍ය ව්‍යූහය සනාථ කිරීම සඳහා සාක්ෂ්‍ය දිරිපත් කරයි.

පාඩම් සැලසුම් සඳහා උපදෙස් –

  • C6H6 අණුක සූත්‍රය සඳහා තිබිය හැකි සියලු ම විවෘත දාම ව්‍යූහ සූත්‍ර ඇඳීමට පවසන්න.
  • එම ව්‍යූහවල තනි බන්ධන හෝ තනි බන්ධන හා ද්විත්ව බන්ධන හා ඒ දෙක ම හෝ අඩංගු වන බැවින් ඒවා අසන්තෘප්තතාව සඳහා පරීක්ෂාවලට පිළිතුරු දිය යුතු බව අවධාරණය කරන්න.
  • මුහුම්කරණය යොදා ගනිමින් බෙන්සීන් හි ‘කෙකුලේ’ ව්‍යූහය සාකච්ඡා කරන්න.
  • ඉලෙක්ට්‍රෝන විස්ථානගත වීම මත පදනම් වූ සම්ප්‍රයුක්ත සංකල්පය උපයෝගී කර ගනිමින් බෙන්සීන් හි සත්‍ය ව්‍යූහය පැහැදිලි කරන්න.
  • හයිඞ්රජනීකරණ එන්තැල්පිය වැනි සෛද්ධාන්තික අගයන් භාවිත කරමින් බෙන්සීන්වල ස්ථායිතාව සංසන්දනය කරන්න.
  • ප්‍රතික්‍රියා යන්ත්‍රණ ලිවීමේ දී බෙන්සීන් නිරූපණය කිරීමට කෙකුලේ ව්‍යූහය යොදා ගැනීම වඩා පහසු වන බව පැහැදිලි කරන්න.

ඇගයීම් හා තක්සේරුකරණය –

  • දෙන ලද එන්තැල්පි අගයන් භාවිත කර එන්තැල්පි රූපසටහන් ඇඳ බෙන්සීන් හි සම්ප්‍රයුක්තතා ශක්තිය ගණනය කිරීමට ඇති හැකියාව අගයන්න.
  • බෙන්සීන් සඳහා සම්ප්‍රයුක්ත ව්‍යූහ ඇදීමට ඇති හැකියාව අගයන්න.

නිපුණතා මට්ටම 8.4 –

බෙන්සීන්වල ලාක්ෂණික ප්‍රතික්‍රියා ඇසුරෙන් එහි ස්ථායිතාව විශ්ලේෂණය කරයි.

කාලච්ඡේද ගණන –

07

ඉගෙනුම් ඵල –

  • සුදුසු නිදසුන් උපයෝගී කර ගනිමින්, බෙන්සීන්වලට ආකලන
    ප්‍රතික්‍රියාවලට වඩා ආදේශ ප්‍රතික්‍රියාවලට භාජන වීමේ ප්‍රවණතාව පෙන්වා දෙයි.
  • නයිට්රොකරණය, ඇල්කිල්කරණය, ඇසිල්කරණය හා හැලජනීකරණය යන ප්‍රතික්‍රියාවල යන්ත්‍රණ උපයෝගී
    කර ගනිමින්, බෙන්සීන්වල ලාක්ෂණීක ප්‍රතික්‍රියා ලෙස ඉලෙක්ට්‍රොෆිලික ආදේශ ප්‍රතික්‍රියා විස්තර කරයි.
  • බෙන්සීන්වල ප්‍රතික්‍රියා, ඇල්කේන, ඇල්කීන හා ඇල්කයිනවල ප්‍රතික්‍රියා සමඟ සංසන්දනය කරයි.
  • බෙන්සීන්වලට ඇසිල් කාණ්ඩ හා ඇල්කිල් කාණ්ඩ බැදී ඇති විට දී ඔක්සිකරණය වීමේ හැකියාව වැඩි වන බව විස්තර කරයි.

පාඩම් සැලසුම් සඳහා උපදෙස් –

  • ඇල්කිල්කරණය, ඇසිල්කරණය, නයිට්රොකරණය සහ හැලජනීකරණය යන ප්‍රතික්‍රියා
    සලකමින් බෙන්සීන් ආකලන ප්‍රතික්‍රියාවලට වඩා ඉලෙක්ට්‍රොෆිලික ආදේශ ප්‍රතික්‍රියාවලට වැඩි ලැදියාවක් දක්වන බව පැහැදිලි කරන්න.
  • නයිට්රොකරණය, ඇල්කිල්කරණය, ඇසිල්කරණය සහ හැලජනීකරණය යන ප්‍රතික්‍රියාවලට අදාළ ප්‍රතික්‍රියා යන්ත්‍රණ සාකච්ඡා කරන්න.
  • සම්ප්‍රයුක්ත ස්ථායිතාව අනුව බෙන්සීන් ඔක්සිකරණයට හා හයිඩ්‍රජනීකරණයට ප්‍රතිරෝධය දක්වන බව සාකච්ඡා කරන්න.
  • බෙන්සීන්වල උත්ප්‍රේරින හයිඞ්රජන් ආකලනය පිළිබඳ ව සාකච්ඡා කරන්න.
  • H+ / KMnO4 , OH / KMnO4 සහ H+ / K2Cr2O7 වැනි ප්‍රබල ඔක්සිකාරක සමග ඇල්කිල්බෙ න්සීන් හා ඇසිල්බෙන්සීන් කාබොක්සිලික් අම්ල බවට ඔක්සිකරණය වීම පැහැදිලි කරන්න.

ඇගයීම් හා තක්සේරුකරණය –

  • බෙන්සීන්හි ඉලෙක්ට්‍රොෆිලික ආදේශ ප්‍රතික්‍රියාවල ප්‍රතික්‍රියා යන්ත්‍රණ ලිවීමට ඇති හැකියාව අගයන්න.

නිපුණතා මට්ටම 8.5 –

ඒක ආදේශිත බෙන්සීන්වල ආදේශන කාණ්ඩවල යොමුකාරක (නියාමක) හැකියාව විමර්ශනය කරයි.

කාලච්ඡේද ගණන –

05

ඉගෙනුම් ඵල –

  • ඒක ආදේශිත බෙන්සීන්වල ආදේශක කාණ්ඩ, ඕතො, මෙටා හා පැරා යොමුකාරක ලෙස හඳුනා ගනියි.
  • ඒක ආදේශිත බෙන්සීන්වල පළමු ව ආදේශ වී ඇති කාණ්ඩයේ යොමුකාරක ගුණය පදනම් කර ගනිමින් දෙ වැනි ආදේශක කාණ්ඩයක් බෙන්සීන් වලයට සම්බන්ධ වන ස්ථානය සඳහන් කරයි.

පාඩම් සැලසුම් සඳහා උපදෙස් –

  • ඒක ආදේශිත බෙන්සීන් ව්‍යුත්පන්නයකට අදාළ ව ‘ඕතෝ’, ‘පැරා’ සහ ‘මෙටා’ යන පද
    පැහැදිලි කරන්න.
  • ඒක ආදේශිත බෙන්සීන් ව්‍යුත්පන්න ඉලෙක්ට්‍රොෆිලික ආකලන ප්‍රතික්‍රියාවලට සහභාගි වීමේ දී ඒවායේ ‘ඕතො’, ‘පැරා’ සහ ‘මෙටා’ යොමුකාරී ස්වභාවය සාකච්ඡා කරන්න.

ඇගයීම් හා තක්සේරුකරණය –

  • බෙන්සීන් මත ඕතො, පැරා සහ මෙටා යොමුකාරක කාණ්ඩ සම්බන්ධ වී ඇති සංයෝගවලට අදාළ සරල පරිවර්තන සිදු කිරීමට ඇති හැකියාව අගයන්න.

නිපුණතා මට්ටම 8.6 –

ඇල්කිල් හේලයිඩවල ව්‍යූහය, C- X බන්ධනයේ ධ්‍රැවීයතාව හා ප්‍රතික්‍රියා විමර්ශනය කරයි.

කාලච්ඡේද ගණන –

9

ඉගෙනුම් ඵල –

  • ප්‍රාථමික ද්විතීයික සහ තෘතීයික ලෙස ඇල්කිල් හේලයිඩ වර්ගීකරණය කරයි.
  • ඇල්කිල් හේලයිඩවල නියුක්ලියෝෆිලික (න්‍යෂ්ටිකාමී) ආදේශ
    ප්‍රතික්‍රියාවලට භාජන වීමේ ප්‍රවණතාව C─ X බන්ධනයේ ධ්‍රැවීය ස්වභාවය හා සම්බන්ධ කරයි.
  • නියුක්ලියෝෆයිලවලට භස්ම ලෙස හැසිරිය හැකි බව හඳුනා ගනියි.
  • නියුක්ලියෝෆයිල කෙරෙහි ඇරිල් හේලයිඩවල සහ විනිල් හේලයිඩවල (sp2 කාබන් පරමාණුවලට සම්බන්ධ හැලජනවල) අක්‍රියතාව පැහැදිලි කරයි.
  • ග්‍රිනාඞ් ප්‍රතිකාරකය පිළියෙල කිරීම හා එහි ගුණ විස්තර කරයි.
  • C – Mg හා C – X බන්ධනවල ධ්‍රැවීයතාව සංසන්දනය කරමින්ධ්‍ රැවීයතාව මාරු වන බව වටහා ගනියි.
  • C- Mg හි ධ්‍රැවීයතාව අනුව මැග්නීසියම්වලට බැඳුණු කාබන්ප රමාණුවට නියුක්ලියෝෆයිලයක් මෙන් ම භස්මයක් ලෙස ද හැසිරිය හැකි බව වටහා ගනියි.
  • ග්‍රිනාඞ් ප්‍රතිකාරකය, විෂය නිර්දේශයේ දෙන ලද ප්‍රෝටෝන දායක සමග ප්‍රතික්‍රියා කිරීමේ දී ලැබෙන ඵල ලියා දක්වයි.

පාඩම් සැලසුම් සඳහා උපදෙස් –

  • ප්‍රාථමික, ද්විතීයික හා තෘතීයක ලෙස ඇල්කිල් හේලයිඩ වර්ගීකරණය පැහැදිලි කරන්න.
  • ඇල්කිල් හේලයිඩවල තාපාංකය, ද්‍රවාංකය සහ ද්‍රාව්‍යතාව වැනි භෞතික ගුණ පැහැදිලි කරන්න.
  • ඇල්කිල් හේලයිඩවල ඇති ක්‍ – ඞ බන්ධනයේ ධ්‍රැවීය ස්වභාවය හේතු කොට ගෙන ඒවා නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාවලට දක්වන නැඹුරුතාව පිළිබඳ ව සාකච්ඡා කරන්න.
  • ඇරිල් හේලයිඩවල සහ විනිල් හේලයිඩවල නියුක්ලියොෆිලික ආදේශ ප්‍රතික්‍රියා සිදු නොවීම පිළිබඳ ව සාකච්ඡා කරන්න.
  • ග්‍රිනාඞ් ප්‍රතිකාරකය පිළියෙල කරගන්නා ආකාරය සහ එය ප්‍රෝටෝන දායක ප්‍රතිකාරක සමග දක්වන ප්‍රතික්‍රියා පැහැදිලි කරන්න.
  • ග්‍රිනාඞ් ප්‍රතිකාරකයේ, ඇල්කිල් කාණ්ඩයේ නියුක්ලියොෆිලික හා භාස්මික ස්වභාවය පැහැදිලි කරන්න.

ඇගයීම් හා තක්සේරුකරණය –

  • දෙන ලද අණුක සූත්‍ර සදහා පැවතිය හැකි සියලු ම ඇල්කිල් හේලයිඩවල ව්‍යූහ ලිවීම සහ
    ඇල්කිල් හේලයිඩ, ප්‍රාථමික, ද්විතීයික හා තෘතීයික ලෙස වර්ග කිරීමට ඇති හැකියාව තක්සේරු කරන්න
  • දෙන ලද ඇල්කයිල් හේලයිඩ OH- , CN- , RC ≡ C- , RO- යන නියුක්ලියොෆයිල් ඇති විට ලබා දෙන ඵල ලිවීමට ඇති හැකියාව අගයන්න.

නිපුණතා මට්ටම 8.7 –

බන්ධන බිඳීමේ හා තැනීමේ ශීඝ්‍රතාව පදනම් කර ගනිමින් ඇල්කිල් හේලයිඩවල නියුක්ලියෝෆිලික ආදේශය විශ්ලේෂණය කරයි.

කාලච්ඡේද ගණන –

03

ඉගෙනුම් ඵල –

  • ඇල්කිල් හේලයිඩවල නියුක්ලියෝෆිලික ආදේශය සිදු විය හැකි ප්‍රතික්‍රියා මාර්ග දෙකක් ඇති බව හඳුනා ගනියි.
  • බන්ධන බිඳීම හා බන්ධන තැනීම සමගාමී ව සිදු වන විට ඇල්කිල් හේලයිඩවල නියුක්ලියොෆිලික ආදේශ ප්‍රතික්‍රියාව තනි පියවර ප්‍රතික්‍රියාවක් ලෙස විස්තර කරයි.
  • නව බන්ධනයක් තැනීම, බන්ධන බිඳීමෙන් පසුව සිදු වන විට, ඇල්කිල් හේලයිඩල නියුක්ලියා්ෆිලික ආදේශය දෙපියවර ප්‍රතික්‍රියාවක් ලෙස විස්තර කරයි.

පාඩම් සැලසුම් සඳහා උපදෙස් –

  • බන්ධන බිඳීමේ හා බන්ධන සෑදීමේ පියවර අතර කාලය පදනම් කර ගනිමින් ඇල්කිල් හේලයිඩවල නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියා සිදු විය හැකි ක්‍රම දෙක හඳුන්වා දෙන්න (තනි පියවර සහ දෙපියවර).
  • සුදුසු නිදසුන් යොද ගනිමින් තනි පියවර ප්‍රතික්‍රියා සහ දෙපියවර ප්‍රතික්‍රියා සිදු වන අන්දම සාකච්ඡා කරන්න.
  • අතරමැදි කාබෝකැටායනයේ ස්වභාවය පදනම් කර ගනිමින් ප්‍රාථමික හේලයිඩ තනි පියවර යන්ත්‍රණයක් හා තෘතීයික හේලයිඩ දෙපියවර යන්ත්‍රණයක් පෙන්වීමට දක්වන නැඹුරුතාව සාකච්ඡා කරන්න.

ඇගයීම් හා තක්සේරුකරණය –

  • සුදුසු ආකෘති යොදා ගනිමින් ඇල්කිල් හේලයිඩවල තනි පියවර හා දෙපියවර ප්‍රතික්‍රියා පැහැදිලි කිරීමට ඇති හැකියාව අගයන්න.

You Might Also Like