A/Level Chemistry Syllabus

11 ඒකකය – චාලක රසායනය

ඒකකය 11 – චාලක රසායනය

 

නිපුණතාව 11.0 –

රසායනික ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාව නිර්ණය කිරීමට හා ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව සුදුසු පරිදි පාලනය කිරීමට චාලක රසායන විද්‍යා මූලධර්ම යොදා ගනියි.

නිපුණතා මට්ටම 11.1 –

ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාව හඳුන්වා දී රසායනික ප්‍රතික්‍රියා කෙරෙහි බලපාන සාධක නිර්ණය කරයි.

කාලච්ඡේද ගණන –

06

ඉගෙනුම් ඵල –

  • විවිධ ශීඝ්‍රතාවලින් සිදු වන ප්‍රතික්‍රියා සැසඳීම සඳහා අවශ්‍ය
    උදාහරණ ඉදිරිපත් කරයි.
  • ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාව කෙරෙහි බලපාන සාධක ලෙස උෂ්ණත්වය, සාන්ද්‍රණය, පීඩනය, භෞතික ලක්ෂණ (ප්‍රතික්‍රියකවල පෘෂ්ඨික වර්ගඵලය) හා උත්ප්‍රේරක සඳහන් කරයි.
  • රසායනික ප්‍රතික්‍රියාවක් aA + bB⇒ cC+ dDලෙස සාමාන්‍යකරණය කරයි.
  • ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාව මැනීමේ දී, ද්‍රව්‍ය සාන්ද්‍රණය වෙනස් වීම මැනීම මූලික සාධකය ලෙස සඳහන් කරයි.
  • ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාව සෙවීමේදී, A ප්‍රතික්‍රියකයට සාපේක්‍ෂව සාන්‍ද්‍රණය වෙනස්වීමේ ශීඝ්‍රතාවය       (-ΔCA/Δt) ලෙස ද, D ඵලයට සාපේක්‍ෂව සාන්‍ද්‍රණය වෙනස්වීමේ ශීඝ්‍රතාවය (ΔCD/Δt) ලෙසද අර්ථදක්වයි
  • දෙන ලද ප්‍රතික්‍රියාවක එක් එක් ප්‍රතික්‍රියකය ඉවත් වීමේ ශීඝ්‍රතාව, එක් එක් ඵලය සෑදීමේ ශීඝ්‍රතාවයට සමාන නොවන බව ප්‍රකාශ කරයි.
  • ප්‍රතික්‍රියකයක් ඉවත් වීමේ ශීඝ්‍රතාව හෝ ඵලයක් උත්පාදනය වීමේ ශීඝ්‍රතාව හෝ අදාළ සංඝටකයේ ස්ටොයිකියෝමිතික සංගුණකය මත රඳා පවතින බව සඳහන් කරයි.
  • මේ අනුව ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාව

          බව සඳහන් කරයි.

  • ශීඝ්‍රතාවය යනු ඒකක කාලයක දී සිදු වන සාන්ද්‍රණයේ වෙනස බව උදාහරණ භාවිත කරමින් සඳහන් කරයි.
  • දෙන ලද නියත වෙනසක් සිදු වීම සඳහා ගතවන කාලය, ශීඝ්‍රතාව මැනීම සඳහා යොදා ගත හැකි බව උදාහරණ මගින් පෙන්වා දෙයි. (සිඝ්‍රතාව ∝ 1/t)
  • ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාව නිර්ණය කිරීමට ප්‍රමාණ හෝ සාන්ද්‍රණ
    මත රඳා පවතින ගුණ (වර්ණ තීව්‍රතාව, ආවිලතාව වැනි) යොදා ගත හැකි බව ප්‍රකාශ කරයි.
  • ශීඝ්‍රතාව නිර්ණය කිරීම සඳහා පහසුවෙන් කාලය මැනිය හැකි සෙමින් සිදු වන ප්‍රතික්‍රියා සඳහා උදාහරණ සපයයි.

පාඩම් සැලසුම් සඳහා උපදෙස් –

  • සුදුසු නිදසුන් සපයමින් විවිධ ප්‍රතික්‍රියාවල ශීඝ්‍රතා සංසන්දනය කරන්න.
  • ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාව කෙරෙහි බලපාන සාධක විස්තර කරන්න. (උෂ්ණත්වය, සාන්ද්‍රණය/ පීඩනය, භෞතික ස්වභාවය, උත්ප්‍රේරක)
  • ප්‍රතික්‍රියක සහ ඵල අනුසාරයෙන් ප්‍රතික්‍රියාවක සීඝ්‍රතාවය අර්ථ දක්වන්න. aA + bB ⇒ cC + dD ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය – (-ΔCA/Δt) හෝ ප්‍රතික්‍රියාවේ සීඝ්‍රතාවය – (ΔCD/Δt)                (ප්‍රතික්‍රියක වැයවීමේ සිඝ්‍රතාවය)                        (ඵල සෑදීමේ සීඝ්‍රතාව)
  • යම් ප්‍රතික්‍රියාවක දී එක් එක් ප්‍රතික්‍රියකය ඉවත් වන හෝ එක් එක් ඵලය සෑදෙන හෝ
    ශීඝ්‍රතා එකිනෙකට සමාන නොවන බව අවධාරණය කරන්න.
  • ප්‍රතික්‍රියකයක් ඉවත් වීමේ ශීඝ්‍රතාව හෝ ඵලයක් සැදීමේ ශීඝ්‍රතාව හෝ අදාළ සංඝටකයක
    ස්ටොයිතියොමිතික සංගුණකය මත රඳා පවතින බව පවසන්න.
  • ප්‍රතික්‍රියක වැය වීමේ ශීඝ්‍රතාව සහ ඵල සෑදීමේ ශීඝ්‍රතා පහත පරිදි සංසන්දනය කළ
    හැකි බව පවසන්න.
  • aA + bB ⇒ cC + dD යන ප්‍රතික්‍රියාව සඳහා

  • ඕනෑ ම ආකාරයේ ප්‍රතික්‍රියාවක් සඳහා ශීඝ්‍රතාව යනු ඒකක කාලයක දී යම් ප්‍රභේදයක සිදු වන සාන්ද්‍රණ වෙනස ලෙස සැලකෙන බව හඳුන්වා දෙන්න.
  • ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාව මැනීමට යොදා ගත හැකි වර්ණය, ආම්ලිකතාව, වායු නිදහස් වීම ආදී සාධක පිළිබඳ ව සාකච්ඡා කරන්න.

ඇගයීම් හා තක්සේරුකරණය –

  • යම් ප්‍රතික්‍රියාවක එක් සංඝටකයක් වැය වීමේ/ සැදීමේ ශීඝ්‍රතාව දී ඇති විට එක් එක් සංඝටක වැය වීමේ/ ශීඝ්‍රතා සංසන්දනය කිරීමට ඇති හැකියාව අගයන්න.
  • (ΔC/Δt) යොදා ගනිමින් සාන්ද්‍රණය හා කාලය දී ඇති විට ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාව ගණනය කිරීමට ඇති හැකියාව අගයන්න.
  • ප්‍රතික්‍රියා ශීඝ්‍රතා මැනීමට භාවිත කළ හැකි ක්‍රම පැවසීමට ඇති හැකියාව ප්‍රශ්න ඇසීමෙන් තක්සේරු කරන්න.

නිපුණතා මට්ටම  11.2 –

රසායනික ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාව කෙරෙහි විවිධ සාධකවල බලපෑම විග්‍රහ කිරීමට අණුක චාලක වාදය යොදා ගනියි.

කාලච්ඡේද ගණන –

06

ඉගෙනුම් ඵල –

  • තනි පියවර ප්‍රතික්‍රියාවක් සඳහා ශක්ති සටහන් අඳියි.
  • සක්‍රියන ශක්තිය අර්ථදක්වයි.
  • ප්‍ප්‍රතික්‍රියාවක් සිදු වීම සඳහා සපුරාලිය යුතු අවශ්‍යතා ලැයිස්තු ගත කරයි.
  • උෂ්ණත්වය වැඩිකිරීමේ දී අණුවල චාලක ශක්තිය වැඩි වන බව සඳහන් කරයි.
  • වෙනස් උෂ්ණත්ව දෙකක දී වායු අණු සඳහා බොල්ට්ස්මාන් ව්‍යාප්ති වක්‍රවල සරල ආකාරය ඇඳ, එම උෂ්ණත්ව දෙකෙහි දී වායු අණුවල චාලක ශක්ති ව්‍යාප්තිය සසඳයි.
  • උෂ්ණත්වය වැඩි වන විට, අණුවල චාලක ශක්තිය වැඩි වී සක්‍රිය සංඝට්ටන සංඛ්‍යාව ද වැඩි වන බැවින් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව වැඩි වන බව පැහැදිලි කරයි.
  • සාන්ද්‍රණ සංකල්පය උපයෝගී කර ඒකක පරිමාවක දී හා ඒකක කාලයක දී සිදු වන සංඝට්ටන සංඛ්‍යාවේ වැඩි වීම පැහැදිලි කරයි.
  • නිවැරදි දිශානතියට සිදු වන සංඝට්ටන සංඛ්‍යාව සමස්ත සංඝට්ටන සංඛ්‍යාවට අනුලෝම ව සමානුපාතික වන බව සඳහන් කරයි.

පාඩම් සැලසුම් සඳහා උපදෙස් –

  • ප්‍රතික්‍රියාවක සක්‍රියන ශක්තිය අර්ථදක්වන්න.
  • තනි පියවර ප්‍රතික්‍රියාවන් සඳහා ශක්ති සටහනක් අඳින ආකාරය පැහැදිලි කරන්න.
  • සංඝට්ටන වාදයට අනුව ප්‍රතික්‍රියාවක් සිදු වීමට අවශ්‍ය මූලික අවශ්‍යතා විස්තර කරන්න.
  • වායුමය අණු සඳහා උෂ්ණත්ව දෙකක දී බෝල්ට්ස්මාන් ව්‍යාප්ති වක්‍ර අඳින්න.
  • ඉහත වක්‍ර අනුසාරයෙන් විවිධ උෂ්ණත්වවල දී අණුවල චාලක ශක්තිය විචලනය වන ආකාරය සංසන්දනය කරන්න.
  • උෂ්ණත්වය වැඩි කළ විට ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාව වැඩි වීමට බලපාන හේතු පැහැදිලි කරන්න.

ඇගයීම් හා තක්සේරුකරණය –

  • දෙන ලද උෂ්ණත්වයක දී දෙන ලද වායු සඳහා නිවැරදි බෝල්ට්ස්මාන් ව්‍යාප්ත වක්‍ර
    ඇඳීමට ඇති හැකියාව අගයන්න.
  • දෙන ලද තනි පියවර තාපාවශෝෂක හා තාපදායක ප්‍රතික්‍රියා සඳහා ශක්ති සටහන් ඇඳීමට ඇති හැකියාව අගයන්න.
  • දෙන ලද ප්‍රතිවර්ත්‍ය ප්‍රතික්‍රියාවක ඉදිරි සහ ආපසු ප්‍රතික්‍රියාවල සක්‍රියතා ශක්ති සංසන්දනය කිරීමට ඇති හැකියාව අගයන්න.

නිපුණතා මට්ටම 11.3 –

ප්‍රතික්‍රියක සාන්ද්‍රණය උක්ත පරිදි හසුරුවමින් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව පාලනය කරන අයුරු විමර්ශනය කරයි.

කාලච්ඡේද ගණන –

16

ඉගෙනුම් ඵල –

  • සුදුසු ප්‍රස්තාර අනුසාරයෙන් ප්‍රකික්‍රියාවක ආරම්භක ශීඝ්‍රතාව, ක්ෂණික ශීඝ්‍රතාවය සහ මධ්‍යන්‍ය ශීඝ්‍රතාව නිරූපණය කරයි.
  • දෙන ලද ප්‍රතික්‍රියාවක් සඳහා එහි පෙළ හා සාන්ද්‍රණය එම ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව කෙරෙහි බලපාන ආකාරය පැහැදිලි කරයි.
  • ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතා නියමය    ශීඝ්‍රතාව = k[A]x[B]y
  • ශීඝ්‍රතා නියමයේ ඇති පද අර්ථදක්වයි.
  • ශුන්‍ය පෙළ, පළමු වැනි පෙළ හා දෙ වැනි පෙළ ප්‍රතික්‍රියා සඳහා ශීඝ්‍රතා නියමයේ සමීකරණ ලියා දක්වයි.
  • ශුන්‍ය පෙළ, පළමු වැනි පෙළ හා දෙ වැනි පෙළ ප්‍රතික්‍රියා සඳහා ශීඝ්‍රතා නියතයෙහි ඒකක (පරිමේය SI ඒකක හා පරිමේය නොවන SI ඒකක) ව්‍යුත්පන්න කරයි.
  • ප්‍රතික්‍රියාවක සමස්ත පෙළ අර්ථකථනය කරයි.
  • ශුන්‍ය පෙළ පළමු වැනි පෙළ හා දෙ වැනි පෙළ ප්‍රතික්‍රියාවල ශීඝ්‍රතාව කෙරෙහි සාන්ද්‍රණයේ බලපෑම ප්‍රස්තාරික ව පෙන්නුම් කරයි.
  • ප්‍රතික්‍රියාවක අර්ධ ජීව කාලය, (t 1/2)අර්ථකථනය කරයි.
  • පළමු වැනි පෙළ ප්‍රතික්‍රියාවක අර්ධ ජීව කාලය සාන්ද්‍රණය මත
    රඳා නොපවතින බව පැහැදිලි කරයි.
  • විවිධ පෙළවලට අයත් ප්‍රතික්‍රියා සඳහා උදාහරණ සපයයි.
  • ශුන්‍ය පෙළ, පළමු වැනි පෙළ හා දෙ වැනි පෙළ ප්‍රතික්‍රියා විදහා දැක්වීම සඳහා පරීක්‍ෂණ සිදු කරයි.
  • පරීක්ෂණාත්මක ව ලබා ගත් දත්ත භාවිත කරමින් විවිධ ප්‍රතික්‍රියක සඳහා ඊට අදාළ ප්‍රතික්‍රියා පෙළ නිර්ණය කරයි.
  • ශීඝ්‍රතා නියමය හා ප්‍රතික්‍රියා පෙළ ආශ්‍රිත ගැටලු විසඳයි.

පාඩම් සැලසුම් සඳහා උපදෙස් –

  • ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව ප්‍රකාශ කළ හැකි ආකාර සඳහන් කරන්න
  • සුදුසු උදාහරණ මගින් ප්‍රතික්‍රියාවක ආරම්භක ශීඝ්‍රතාව, කිසියම් මොහොතක ශීඝ්‍රතාව හා මධ්‍යන්‍ය ශීඝ්‍රතාව අර්ථදක්වන්න.
  • ශීඝ්‍රතා නියමය හඳුන්වා දෙමින් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව කෙරෙහි සාන්ද්‍රණයේ බලපෑම විස්තර කරන්න.
  • ශීඝ්‍රතා නියතය සහ යම් කිසි ප්‍රතික්‍රියකයකට සාපේක්ෂ ව ප්‍රතික්‍රියාවේ පෙළ යන
    පද අර්ථදක්වන්න.
  • ප්‍රතික්‍රියාවක සමස්ත පෙළ යන්නෙන් කුමක් අදහස් කරන්නේ දැයි පෙන්වා දෙන්න.
  • දෙන ලද විවිධ ප්‍රතික්‍රියා සදහා ශීඝ්‍රතා නියමයට අදාළ ප්‍රකාශන ලියා දක්වන්න.
  • ශුන්‍ය පෙළ, පළමු පෙළ හා දෙ වැනි පෙළ ප්‍රතික්‍රියා සඳහා ශීඝ්‍රතා නියතයෙහි ඒකක
    ව්‍යුත්පන්න කරන්න.
  • විවිධ ප්‍රතික්‍රියාවල ශීඝ්‍රතාවය, සාන්ද්‍රණය සමග විචලනය වන ආකාරය පෙන්වීමට
    ප්‍රස්තාර අඳින්න.
  • කාලයත් සමග සාන්ද්‍රණය විචලනය වන අයුරු පෙන්වීමට ප්‍රස්තාර අඳින්න.
  • ප්‍රතික්‍රියාවක අර්ධ ජීව කාලය, (t 1/2) අර්ථදක්වන්න.
  • ශුන්‍ය පෙළ, පළමු පෙළ හා දෙ වැනි පෙළ ප්‍රතික්‍රියාවල අර්ධ ජීව කාලය සංසන්දනය කරන්න.
  • පළමු පෙළ ප්‍රතික්‍රියාවක අර්ධ ජීව කාලය එහි ප්‍රතික්‍රියක සාන්ද්‍රණය මත රඳා නොපවතින බව සුදුසු උදාහරණ මගින් පෙන්වා දෙන්න.
  • මැග්නීසියම් හා හයිඞ්රොක්ලෝරික් අම්ලය අතර හා සෝඩියම් තයෝසල්ෆේට් හා නයිට්රික් අම්ලය අතර සිදු වන ප්‍රතික්‍රියාවල පෙළ නිර්ණය කිරීම සඳහා පරීක්ෂණ මෙහෙයවන ආකාරය පැහැදිලි කරන්න.
  • විවිධ පරීක්ෂණ සඳහා දෙන ලද දත්ත මගින් ශීඝ්‍රතා නියමය අධ්‍යයනය කිරීම සඳහා සුදුසු ගැටලු විසඳන්න.

අදාල පරීක්ෂණ –

  • මැග්නීසියම් හා අම්ල අතර ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව කෙරෙහි අම්ල සාන්ද්‍රණයේ බලපැම
    පරීක්ෂණාත්මක ව නිර්ණය කිරීම.
  • සෝඩියම් තයෝසල්ෆේට් හා නයිට්රික් අම්ලය අතර ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව කෙරෙහි එක්
    එක් ප්‍රතික්‍රියකයේ බලපෑම පරීක්ෂණාත්මක ව නිර්ණය කිරීම.

ඇගයීම් හා තක්සේරුකරණය –

  • දෙන ලද ප්‍රතික්‍රියා සඳහා ශීඝ්‍රතා නියමයට අදාළ ප්‍රකාශන ලිවීමට ඇති හැකියාව අගයන්න.
  • දෙන ලද පරීක්ෂණාත්මක දත්ත මගින් දෙන ලද සංඝටකයකට සාපේක්ෂ ව ප්‍රතික්‍රියාවේ පෙළ නිර්ණය කිරීමට ඇති හැකියාව අගයන්න.
  • දෙන ලද දත්ත යොද ගනිමින් ප්‍රතික්‍රියාවක අර්ධ ජීව කාලය ගණනය කිරීමට ඇති හැකියාව අගයන්න.

නිපුණතා මට්ටම  11.4 –

ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව කෙරෙහි භෞතික ස්වභාවය හා උත්ප්‍රේරකවල බලපෑම විමර්ශනය කරයි.

කාලච්ඡේද ගණන –

02

ඉගෙනුම් ඵල –

  • ඝන ප්‍රතික්‍රියකයක පෘෂ්ඨික වර්ගඵලය වැඩි කළ විට සංඝට්ටන සංඛ්‍යාව වැඩි වන බැවින් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව වැඩි වන බව සඳහන් කරයි.
  • ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාව කෙරෙහි උත්ප්‍රේරකයක බලපෑම ප්‍රතික්‍රියාවේ සක්‍රියන ශක්තිය ඇසුරින් විස්තර කරයි.

පාඩම් සැලසුම් සඳහා උපදෙස් –

  • ප්‍රතික්‍රියාවක් සිදු වීමට සපුරාලිය යුතු අවශ්‍යතා සලකමින් ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාව කෙරෙහි
    ප්‍රතික්‍රියකයක භෞතික ස්වභාවය බලපාන අයුරු පැහැදිලි කරන්න.
  • බෝල්ට්ස්මාන් ව්‍යාප්ති සහ සක්‍රියන ශක්ති සංකල්පය යොදා ගනිමින් ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාව කෙරෙහි උත්ප්‍රේරකවල බලපෑම විස්තර කරන්න.

ඇගයීම් හා තක්සේරුකරණය –

  • ශක්ති සටහන් යොදා ගනිමින් උත්ප්‍රේරක රහිත ප්‍රතික්‍රියාවක් හා උත්ප්‍රේරක සහිත ප්‍රතික්‍රියාවක් වෙන් කර හඳුනා ගැනීමට ඇති හැකියාව අගයන්න.

නිපුණතා මට්ටම 11.5 –

රසායනික ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාව විග්‍රහ කිරීමට ප්‍රතික්‍රියා යන්ත්‍රණය යොදා ගනියි.

කාලච්ඡේද ගණන –

11

ඉගෙනුම් ඵල –

  • මූලික ප්‍රතික්‍රියා, බහු පියවර ප්‍රතික්‍රියාවලින් වෙන් කර හඳුනා ගනියි.
  • ප්‍රතික්‍රියාවක පෙළ හා සාන්ද්‍රණය අතර සම්බන්ධතාව පැහැදිලි කරයි.
  • ශක්ති සටහන් අඳියි
  • ශක්ති සටහනක අතරමැදි අවස්ථා හා සංක්‍රමණ අවස්ථා ලියා දක්වයි.
  • මූලික ප්‍රතික්‍රියා සහ බහු පියවර ප්‍රතික්‍රියාවල පෙළ සහ අණුකතාව පැහැදිලි කරයි.
  • සංඝට්ටන හේතු කොට ගෙන සිදු වන සංසිද්ධිය චාලක රසායනයේ මූලික සිද්ධාන්ත උපයෝගී කර ගෙන පැහැදිලි කිරීමට, ප්‍රතික්‍රියා සඳහා ශක්ති සටහන් ගොඩනංවයි.
  • Fe3+ අයන සාන්‍ද්‍රණය Fe3+ හා I අතර ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව කෙරෙහි බලපාන අයුරු පැහැදිලි කරයි.
  • ප්‍රතික්‍රියා යන්ත්‍රණය හා සමස්ත පෙළ අතර ඇති සම්බන්ධතාව පැහැදිලි කරයි.
  • ශක්ති සටහන් භාවිත කරමින් ප්‍රතික්‍රියාවක යන්ත්‍රණය සහ වේග නිර්ණයකර පියවර නිර්ණය කරයි.

පාඩම් සැලසුම් සඳහා උපදෙස් –

  • සුදුසු නිදසුන් යොදා ගනිමින් බහු පියවර ප්‍රතික්‍රියා හඳුන්වා දෙන්න.
  • මූලික ප්‍රතික්‍රියාවක් (පළමු පෙළ) හා බහු පියවර ප්‍රතික්‍රියාවක් පිළිබඳ ව ඒවායේ ප්‍රතික්‍රියා යන්ත්‍රණ සැලකිල්ලට ගනිමින් වෙන් කර හඳුන්වා දෙන්න.
  • ප්‍රතික්‍රියාවක පෙළ සහ එහි යන්ත්‍රණය අතර ඇති සම්බන්ධය පැහැදිලි කරන්න.
  • බහුපියවර ප්‍රතික්‍රියා සඳහා ශක්ති සටහන් ඇඳ දක්වන්න.
  • සුදුසු උදාහරණ යොදා ගනිමින් ප්‍රතික්‍රියාවක අතරමැදි ඵල හා සංක්‍රමණ අවස්ථා පිළිබඳව හඳුන්වා දෙන්න.
  • ප්‍රතික්‍රියාවක අණුකතාව යන්නෙන් අදහස් කරන්නේ කුමක් දැයි පෙන්වා දෙන්න.
  • බහු පියවර ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතා නිර්ණයකර පියවර වන්නේ කුමක් දැයි පැහැදිලි කරන්න.
  • Fe3+ සහ I අතර ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය කෙරෙහි Fe3+(m) අයනවල සාන්ද්‍රණය බලපාන අයුරු එහි සාන්ද්‍රණය යොදා ගනිමින් පැහැදිලි කරන්න.

අදාල පරීක්ෂණ –

  • Fe3+ සහ I අතර ප්‍රතික්‍රියාවේ Fe3+ ට සාපේක්ෂව ප්‍රතික්‍රියාවේ පෙල පරික්ෂණාත්මකව නිර්ණය කිරීම

ඇගයීම් හා තක්සේරුකරණය –

  • ප්‍රතික්‍රියාවක පියවර දී ඇති විට එහි වේග නිර්ණයකර පියවර හඳුනා ගැනීමට ඇති
    හැකියාව අගයන්න.
  • දෙන ලද බහු පියවර ප්‍රතික්‍රියාවක් සඳහා උත්ප්‍රේරක ඇති විට හා නැති විට ඒවායේ සටහන් ඇඳීමට ඇති හැකියාව අගයන්න.

You Might Also Like