A/Level Chemistry Syllabus

13 ඒකකය – විද්‍යුත් රසායනය

ඒකකය 13 – විද්‍යුත් රසායනය

 

නිපුණතාව 13.0 –

විද්‍යුත් රසායනික පද්ධතිවල ප්‍රායෝගික වැදගත්කම විමර්ශනය කරයි.

නිපුණතා මට්ටම 13.1 –

ජලීය ද්‍රාවණයේ ඇති ද්‍රව්‍යවල ස්වභාවය හා සන්ද්‍රණය පිළිබඳ ව අවබෝධය ලබනු වස් සන්නායකතාව භාවිත කරයි.

කාලච්ඡේද ගණන –

04

ඉගෙනුම් ඵල –

  • ප්‍රබල විද්‍යුත් විච්ජේද්‍ය, දුබල විද්‍යුත් විච්ජේද්‍ය හා විද්‍යුත් අවිච්ජේද්‍ය යන පද සඳහන් කරයි.
  • ජලීය මාධ්‍යයේ ප්‍රබල විද්‍යුත් විච්ජේද්‍ය, දුබල විද්‍යුත් විච්ජේද්‍ය
    හා විද්‍යුත් අවිච්ජේද්‍ය සඳහා නිදසුන් සඳහන් කරයි.
  • ධාරාව ගෙන යන අංශු, සචල අයන හා සචල ඉලෙක්ට්‍රෝන
    ඇසුරින් විද්‍යුත් සන්නායක හා අයනික සන්නායක සසඳයි.
  • විද්‍යුත් විච්ජේද්‍යයක් හරහා විද්‍යුත් ධාරාවක් ගැලීමට
    ඉලෙක්ට්‍රෝඩ දෙක ම අසල ඉලෙක්ට්‍රෝඩ ප්‍රතික්‍රියා සිදු විය
    යුතු බව ප්‍රකාශ කරයි.
  • ප්‍රතිරෝධය හා ප්‍රතිරෝධකතාව යන පද අර්ථදක්වයි.
  • සන්නායකතාව හා සන්නයනතාව යන පද අර්ථදක්වයි.
  • විද්‍යුත් විච්ජේද්‍යයක ද්‍රාවණයක සන්නායකතාව කෙරෙහි
    බලපාන සාධක සඳහන් කරයි.

පාඩම් සැලසුම් සඳහා උපදෙස් –

  • විද්‍යුත් විච්ඡේද්‍යය, විද්‍යුත් අවිච්ඡේද්‍යය, ප්‍රබල විද්‍යුත් විච්ඡේද්‍යය හා දුබල විද්‍යුත් විච්ඡේද්‍යය යන පද සුදුසු උදාහරණ දෙමින් හඳුන්වන්න.
  • විද්‍යුතය සන්නයනය වීමට අවශ්‍ය සචල ඉලෙක්ට්‍රෝන හා සචල අයන යොදා ගනිමින් ධාරාව සන්නයනය වීමේ යන්ත්‍රණය පැහැදිලි කරන්න.
  • විද්‍යුත් විච්ඡේද්‍යයක් හරහා ධාරාවක් සන්නයනය වීම සඳහා ඉලෙක්ට්‍රෝඩ දෙකෙහි ම ප්‍රතික්‍රියා සිදු විය යුතු බව ප්‍රකාශ කරන්න.
  • ප්‍රතිරෝධය, ප්‍රතිරෝධකතාව, සන්නයනතාව හා සන්නායකතාව යන පදවල අර්ථදක්වන්න.
  • විද්‍යුත් විච්ඡේද්‍ය ද්‍රාවණයක සන්නායකතාව කෙරෙහි බලපාන සාධක පිළිබඳ ව සාකච්ඡා කරන්න. (සාන්ද්‍රණය, උෂ්ණත්වය විද්‍යුත් විච්ඡේද්‍යයේ ස්වභාවය)
  • විවිධ ජල නියැදිවල සන්නායකතා සංසන්දනය කිරීමට දෙන ලද දත්ත භාවිත කරන්න.

ඇගයීම් හා තක්සේරුකරණය –

  • දෙන ලද රසායනික ද්‍රව්‍ය ප්‍රබල විද්‍යුත් විච්ඡේද්‍ය, දුබල විද්‍යුත් විච්ඡේද්‍ය හා විද්‍යුත් අවිච්ඡේද්‍ය ලෙස වර්ග කිරීමට ඇති හැකියාව අගයන්න.
  • ඉහත ද්‍රව්‍ය අයනික සන්නායක හා විද්‍යුත් සන්නායක ලෙස වෙන් කිරීමට ඇති හැකියාව තක්සේරු කරන්න.

නිපුණතා මට්ටම  13.2 –

සමතුලිතතාවේ ඇති ඉලෙක්ට්‍රෝඩ හා ඒවාට අදාළ ප්‍රතික්‍රියා

කාලච්ඡේද ගණන –

 6

ඉගෙනුම් ඵල –

  • ලෝහ – ලෝහ අයන ඉලෙක්ට්‍රෝඩයක් කටුසටහන් කරයි.
  • නිදසුන් දෙමින්, සුලබ ලෝහ-ලෝහ අයන ඉලෙක්ට්‍රෝඩවල ඉලෙක්ට්‍රෝඩ ප්‍රතික්‍රියා ලියා දක්වයි.
  • ඉලෙක්ට්‍රෝඩ / විද්‍යුත් – විච්ජේද්‍ය අතුරු මුහුණතේ දී ඉලෙක්ට්‍රෝඩය හා එකී ද්‍රාවණය අතර විභව අන්තරයක් ඇති වන අයුරු විස්තර කරයි.
  • විවිධ වර්ගයේ ඉලෙක්ට්‍රෝඩ, රූපසටහන් ඇසුරින් විදහා දක්වයි (වායු ඉලෙක්ට්‍රෝඩ, ලෝහ-ලෝහ අයන ඉලෙක්ට්‍රෝඩ, රෙඩොක්ස් ඉලෙක්ට්‍රෝඩ).
  • විවිධ වර්ගයේ ඉලෙක්ට්‍රෝඩ සඳහා ප්‍රතිවර්ත්‍ය ඉලෙක්ට්‍රෝඩ ප්‍රතික්‍රියා ලියයි.
  • සම්මත ඉලෙක්ට්‍රෝඩය අර්ථදක්වයි.
  • සම්මත අංකනයෙන් කෝෂ නිරූපණය කරයි.

පාඩම් සැලසුම් සඳහා උපදෙස් –

  • ලෝහ – ලෝහ අයන ඉලෙක්ට්‍රෝඩයක් සාදා ගන්නා ආකාරය පැහැදිලි කරන්න.
  • සුදුසු උදාහරණ භාවිත කර ලෝහ – ලෝහ අයන ඉලෙක්ට්‍රෝඩ කටුසටහන් කරන්න.
  • සම්මත ලෝහ – ලෝහ අයන ඉලෙක්ට්‍රෝඩය අර්ථදක්වන්න.
  • ලෝහය හා විද්‍යුත් විච්ඡේද්‍ය ද්‍රාවණය අතර විභව අන්තරයක් හට ගන්නා අන්දම හා
    එහි ඍජු විභවය මැනිය නොහැකි වීම පිළිබඳ ව සාකච්ඡා කරන්න.
  • ඉලෙක්ට්‍රෝඩවල විභව අන්තරය ඍජු ව මැනීමට නොහැකි වීමට හේතු පැහැදිලි කරන්න.
  • සම්මත තත්ත්ව දක්වමින් සම්මත ඉලෙක්ට්‍රෝඩ අර්ථදක්වන්න.
  • විවිධ වර්ගවල ඉලෙක්ට්‍රෝඩ හදුන්වා දෙන්න. (ලෝහ – අද්‍රාව්‍ය ලවණ ඉලෙක්ට්‍රෝඩ, වායු ඉලෙක්ට්‍රෝඩ (O2, H2, Cl2) රෙඩොක්ස් ඉලේකට්‍රෝඩ)
  • සුදුසු  උදාහරණ භාවිත කර ඉහත ඉලෙක්ට්‍රෝඩ සාදා ගන්නා අයුරු පැහැදිලි කරන්න.
  • ඉහත ඉලෙක්ට්‍රෝඩ සඳහා අර්ධ ඉලෙක්ට්‍රෝඩ ප්‍රතික්‍රියා ලියන ආකාරය පැහැදිලි කරන්න.
  • ඉලෙක්ට්‍රෝඩයක සම්මත අංකනය යන්න අර්ථදක්වන්න.

ඇගයීම් හා තක්සේරුකරණය –

  • දෙන ලද විවිධ වර්ගයේ ඉලෙක්ට්‍රෝඩ සඳහා කටුසටහන් ඇඳීමට සම්මත අංකනය සඳහන් කිරීම හා අර්ධ ඉලෙක්ට්‍රෝඩ ප්‍රතික්‍රියා ලිවීමට ඇති හැකියාව අගයන්න.

නිපුණතා මට්ටම 13.3 –

විද්‍යුත් රසායනික කෝෂවල ගුණ නිර්ණය කරයි.

කාලච්ඡේද ගණන –

15

ඉගෙනුම් ඵල –

  • ද්‍රව සන්ධිය, ලවණ සේතුව/ විභේදකය යන ඒවායේ කාර්යය
    සඳහන් කරයි.
  •  ද්‍රව සන්ධියක් සහිත හා රහිත කෝෂවලට නිදසුන් දක්වයි.
  • ඉලෙක්ට්‍රෝඩයක ඉලෙක්ට්‍රෝඩ විභවය විස්තර කරයි.
  • සැසඳුම් ඉලෙක්ට්‍රෝඩයක් ලෙස සම්මත හයිඞ්රජන් ඉලෙක්ට්‍රෝඩය හඳුන්වා දෙයි.
  • ඉලෙක්ට්‍රෝඩයක සම්මත ඉලෙක්ට්‍රෝඩ විභවය අර්ථදක්වයි.
  • සම්මත ඉලෙක්ට්‍රෝඩ විභවය මනින ආකාරය පැහැදිලි කරයි.
  • ඉලෙක්ට්‍රෝඩ විභවයට බලපාන සාධක සඳහන් කරයි.
  • ප්‍රායෝගික සැසඳුම් ඉලෙක්ට්‍රෝඩය ලෙස සිල්වර් – සිල්වර් ක්ලෝරයිඞ් ඉලෙක්ට්‍රෝඩය සඳහන් කරයි.
  • රූප සටහන් ආධාරයෙන් විද්‍යුත් රසායනික කෝෂ සඳහා නිදසුන් සපයයි.
  • විද්‍යුත් රසායනික කෝෂයක සම්මත අංකනය ඉදිරිපත් කරයි.
  • ඉලෙක්ට්‍රෝඩවලින් සමන්විත සරල විද්‍යුත් රසායනික කෝෂවල ඉලෙක්ට්‍රෝඩ ප්‍රතික්‍රියා ලියා දක්වයි.
  • විද්‍යුත්ගාමක බලය අර්ථදක්වයි.
  • විද්‍යුත්ගාමක බලයට අදාළ සරල ගැටලු විසඳයි.
  • විද්‍යුත්ගාමක බලය කෙරෙහි බලපාන සාධක විස්තර කරයි.
  • එදිනෙදා භාවිත කරන ප්‍රායෝගික විද්‍යුත් රසායනික කෝෂ සඳහා උදාහරණ සපයයි (ලෙක්ලාන්ච් කෝෂය, ඩැනියල් කෝෂය, ඊයම් අම්ල ඇකියුමිලේටරය).
  • ඩැනියල් කෝෂයේ රූප සටහන අඳියි.
  • සම්මත ඉලෙක්ට්‍රෝඩ විභව උපයෝගී කර ගනිමින් විද්‍යුත්
    රසායනික ශ්‍රේණිය ගොඩනඟයි.
  • ලෝහ, විද්‍යුත් රසායනික ශ්‍රේණියේ දරන ස්ථානය හා ඒවායේ
    පැවැත්ම, නිස්සාරණ ක්‍රම හා රසායනික ගුණ අතර ඇති සම්බන්ධතා විස්තර කරයි.
  • සුලභ ලෝහ කීපයක් විද්‍යුත් රසායනික ශ්‍රේණියේ පවතින සාපේක්ෂ ස්ථානය පරීක්ෂණාත්මකව නිර්ණය කරයි.
  • සම්මත Ag(s) / AgCl(s) / Cl‾(aq) ඉලෙක්ට්‍රෝඩය පිළියෙල කරයි.

පාඩම් සැලසුම් සඳහා උපදෙස් –

  • ඉලෙක්ට්‍රෝඩයක ඉලෙක්ට්‍රෝඩ විභවය අර්ථදක්වන්න.
  • සම්මත හයිඞ්රජන් ඉලෙක්ට්‍රෝඩය යන්න අර්ථදක්වන්න.
  • සැසඳුම් ඉලෙක්ට්‍රෝඩයක් ලෙස, සම්මත හයිඞ්රජන් ඉලෙක්ට්‍රෝඩයේ ඇති වැදගත්කම
    සඳහන් කරමින් එම ඉලෙක්ට්‍රෝඩය රූප සටහන් ආධාරයෙන් පැහැදිලි කරන්න.
  • ඉලෙක්ට්‍රෝඩයක සම්මත ඉලෙක්ට්‍රෝඩ විභවය E0 යන්න අර්ථදක්වන්න.
  • සම්මත හයිඞ්රජන් ඉලෙක්ට්‍රෝඩ භාවිත කර සම්මත ඉලෙක්ට්‍රෝඩ විභවය මනින
    ආකාරය පැහැදිලි කරන්න.
  • සම්මත ඉලෙක්ට්‍රෝඩ විභවය කෙරෙහි බලපාන සාධක පිළිබඳ ව සාකච්ඡා කරන්න.
  • සම්මත හයිඞ්රජන් ඉලෙක්ට්‍රෝඩය වෙනුවට යොදා ගත හැකි ප්‍රායෝගික සැසඳුම්
    ඉලෙක්ට්‍රෝඩයක් ලෙස සිල්වර් – සිල්වර් ක්ලෝරයිඞ් ඉලෙක්ට්‍රෝඩයේ ව්‍යූහය ඉදිරිපත්
    කරන්න.
  • විද්‍යුත් රසායනික කෝෂයක් සාදා ගන්නා ආකාරය හා එය රූප සටහනක් මගින්
    නිරුපණය කරන ආකාරය පැහැදිලි කරන්න.
  • ද්‍රව සන්ධියක් ඇති හා ද්‍රව සන්ධියක් නැති විද්‍යුත් රසායනික කෝෂ පිළිබඳ ව විස්තර
    කරන්න.
  • විද්‍යුත් රසායනික කෝෂවල ඇනෝඩයේ දී හා කැතෝඩයේ දී සිදු වන ඉලෙක්ට්‍රෝඩ
    ප්‍රතික්‍රියා ලියා දක්වන්න.
  • නිදසුන් කිපයක් ඉදිරිපත් කරමින් විද්‍යුත් රසායනික කෝෂයක සම්මත අංකනය හඳුන්වා
    දෙන්න.
  • Ecell 0 = E0(කැතෝඩය) – E0 (ඇනෝඩය) යන සමීකරණය ඉදිරිපත් කර විද්‍යුත්ර සායනික කෝෂයක සම්මත විද්‍යුත් ගාමක බලය යන පදය හඳුන්වා දෙන්න.
  • විද්‍යුත්ගාමක බලය කෙරෙහි බලපාන සාධක සාකච්ඡා කරන්න.
  • විවිධ විද්‍යුත් රසායනික කෝෂවල Ecell අගයයන් සන්සන්දනය කරන්න.
  • විවිධ ඉලෙක්ට්‍රෝඩවල ඉලෙක්ට්‍රෝඩ විභව සැලකිල්ලට ගෙන විද්‍යුත් රසායනික ශ්‍රේණිය
    ගොඩ නඟන ආකාරය පැහැදිලි කරන්න.
  • විද්‍යුත් රසායනික ශ්‍රේණියේ ලෝහ හා අලෝහ පිහිටන ස්ථානය සහ ඒවායේ නිස්සාරණ
    ක්‍රම අතර ඇති සම්බන්ධතාව පිළිබඳ ව විස්තර කරන්න.

අදාල පරීක්ෂණ –

  • සුලභ ව පවතින ලෝහ කිහිපයක් විද්‍යුත් රසායනික ශ්‍රේණියේ පවතින ස්ථානය
    පරීක්ෂණාත්මක ව නිර්ණය කිරීම.
  • සම්මත Ag(s) / AgCl(s) / Cl‾(aq) ඉලෙක්ට්‍රෝඩය පිළියෙල කිරීම

ඇගයීම් හා තක්සේරුකරණය –

  • පහත සඳහන් ආකාරයේ ප්‍රශ්න ඉදිරිපත් කිරීමෙන් විද්‍යුත් රසායනික කෝෂ පිළිබඳ ව ලබා ඇති දැනුම අගයන්න.
    උදාහරණ:-සින්ක් හා මැග්නීසියම් ඉලෙක්ට්‍රෝඩ යොදා ඇති විද්‍යුත් රසායනික කෝෂය සලකන්න (සින්ක්වල හා මැග්නීසියම්වල අගයයන් දෙන්න).

    1. ඉහත කෝෂයේ සම්මත අංකනය ලියන්න.
    2. එහි ඇනෝඩයේ හා කැතෝඩයේ සිදු වන අර්ධ කෝෂ ප්‍රතික්‍රියා ලියන්න.
    3. සම්මත කෝෂ ප්‍රතික්‍රියාව ලියන්න.
    4. කෝෂයේ ඍණ අග්‍රය කුමක් ද?
    5. කෝෂයේ ධන අග්‍රය කුමක් ද?
    6. E°  cell ගණනය කරන්න

නිපුණතා මට්ටම 13.4 –

විද්‍යුත් විච්ඡේදන ක්‍රියාවලියේ දී සපිරිය යුතු අවශ්‍යතා හඳුනා ගනිමින් ෆැරඬේ නියතය භාවිත කර අදාළ ගණනය කිරීම් සිදු කරයි.

කාලච්ඡේද ගණන –

08

ඉගෙනුම් ඵල –

  • විද්‍යුත් විච්ජේදනය යන්න අර්ථදක්වයි.
  • විද්‍යුත් විච්ජේදන මූලධර්ම විස්තර කරයි.
  • සරල විද්‍යුත් විච්ජේදන පද්ධතිවල ඵල පුරෝකථනය කරයි.
  • ෆැරඬේ නියතය මත පදනම් වූ සරල ගැටලු විසඳයි.

පාඩම් සැලසුම් සඳහා උපදෙස් –

  • විද්‍යුත් විච්ඡේදනය යන පදය අර්ථදක්වන්න.
  • විද්‍යුත් විච්ඡේදනය සම්බන්ධ මූලධර්ම සාකච්ඡා කරන්න.
  • සක්‍රිය හා අක්‍රිය ඉලෙක්ට්‍රෝඩ යොදා ගනිමින් සිදු කරන විවිධ වර්ගයේ විද්‍යුත් විච්ඡේද්‍ය පද්ධති පැහැදිලි කරන්න
    • විලීන ද්‍රව විද්‍යුත් විච්ඡේදනය (NaCl(I))
    • ජලීය ද්‍රාවණවල විද්‍යුත් විච්ඡේදනය (ජලීය සෝඩියම් ක්ලෝරයිඞ් හා ජලීය
      කොපර් සල්ෆේට් ද්‍රාවණ වෙන වෙන ම කොපර් ඉලෙක්ට්‍රෝඩ යොදා ගනිමින්)
  • විද්‍යුත් විච්ඡේදනයෙන් ලැබෙන ඵල පුරෝකථනය කරන අයුරු සාකච්ඡා කරන්න.
  • විද්‍යුත් විච්ඡේදනය සම්බන්ධ ගැටලු විසඳීමට ෆැරඬේ නියතය භාවිත කරන අයුරු පැහැදිලි කරන්න.

ඇගයීම් හා තක්සේරුකරණය –

  • දෙන ලද විද්‍යුත් විච්ඡේදන ක්‍රියාවලි මගින් ලබා ගත හැකි ඵල ලියා දැක්වීමට ඇති හැකියාව අගයන්න.
  • ෆැරඬේ නියතය යොදා ගනිමින් විද්‍යුත් විච්ඡේදනයේ දී විසර්ජනය වන මූලද්‍රව්‍යවල ස්කන්ධ ගණනය කිරීමට ඇති හැකියාව තක්සේරු කරන්න.

You Might Also Like