A/Level Chemistry Syllabus

12 ඒකකය – සමතුලිතතාව

ඒකකය 12 – සමතුලිතතාව

 

නිපුණතාව 12.0 –

ගතික සමතුලිතතාවේ පවතින සංවෘත පද්ධතිවල මහේක්ෂ ගුණ ප්‍රමාණාත්මක ව නිර්ණය කිරීම සඳහා සමතුලිතතාව පිළිබඳ සංකල්පය හා මූලධර්ම භාවිත කරයි.

නිපුණතා මට්ටම 12.1 –

සමතුලිතතාව පිළිබඳ සංකල්ප ඇසුරින් පද්ධතිවල මහේක්ෂ ගුණ ප්‍රමාණාත්මක ව නිර්ණය කරයි.

කාලච්ඡේද ගණන –

19

ඉගෙනුම් ඵල –

  • සංවෘත පද්ධතියක සිදු වන ප්‍රතිවර්ත්‍ය ප්‍රතික්‍රියා යොදා ගනිමින් ගතික සමතුලිතතාව පැහැදිලි කරයි.
  • පද්ධතියක මහේක්ෂ ගුණ පද්ධතිය සමතුලිතතාවට ළඟා වීමෙන් පසු වෙනස් නොවන බව සඳහන් කරයි.
  • සමතුලිතතාවේ පවත්නා පද්ධති විස්තර කිරීම සඳහා අවස්ථා විපර්යාස, ද්‍රාවණවල සමතුලිතතා, රසායනික පද්ධති, අයනික පද්ධති, අල්ප වශයෙන් ද්‍රාව්‍ය පද්ධති හා ඉලෙක්ට්‍රෝඩ වැනි භෞතික හා රසායනික ක්‍රියාවලි නිදසුන් ලෙස භාවිත කරයි.
  • සමතුලිතතා නියමය සඳහන් කරයි.
  • සමජාතීය හා විෂමජාතීය පද්ධති සඳහා සමතුලිතතා නියත
    (Kp, Kc) ලියා දක්වයි.
  • Q අර්ථදක්වයි.
  • Q හා K සංසන්දනය කරයි.
  • පද්ධතියක සමතුලිතතා නියතය, නියත උෂ්ණත්වයේ දී වෙනස්
    නොවී පවතින බව ප්‍රකාශ කරයි.
  • Kp හා Kc හා Q අතර සම්බන්ධතාව ව්‍යුත්පන්න කරයි.
  • සමතුලිතතා ලක්ෂ්‍යය පැහැදිලි කරයි.
  • සමතුලිතතා ලක්ෂ්‍යය කෙරෙහි පීඩනය, උෂ්ණත්වය හා උත්ප්‍රේරක විස්තර කරයි.
  • ලේ චැටලියර් මූලධර්මය සඳහන් කරයි.
  • සාන්ද්‍රණය, පීඩනය හා උෂ්ණත්වය යන බාහිර බලපෑමකට යටත් කරන ලද සමතුලිත පද්ධතියක් කෙරෙහි ලේ චැටලියර් මූලධර්මයේ බලපෑම පුරෝකථනය කරයි.
  • K p , Kc සහ Kp = Kc (RT) Δn පදනම් වූ ගැටලු විසඳයි.
  • Fe³+ / SCN‾ සමතුලිත පද්ධතිය කෙරෙහි සාන්ද්‍රණයේ බලපෑම පරීක්ෂා කරයි.
  • NO2 හා N2O4 සමතුලිත පද්ධතිය කෙරෙහි උෂ්ණත්වයේ බලපෑම පරීක්ෂා කරයි.

පාඩම් සැලසුම් සඳහා උපදෙස් –

  • එදිනෙදා ජීවිතයේ හමු වන උදාහරණ භාවිත කරමින් සමතුලිත පද්ධති පිළිබඳ ව
    සාකච්ඡා කරන්න.
  • එම උදාහරණ සලකමින් “ගතික සමතුලිතතාව” යන සංකල්පය හඳුන්වා දෙන්න.
  • CrO22- / Cr2O72- පද්ධතිය ආදර්ශනය කරමින් සමතුලිත පද්ධතියක ප්‍රතිවර්ත්‍යතාව පිළිබඳ ව අදහසක් ලබා දෙන්න.
  • සමතුලිත පද්ධතියක ලාක්ෂණික ගුණාංග සාකච්ඡා කරන්න.
  • ගතික සමතුලිත පද්ධති වර්ග පිළිබඳ ව සුදුසු නිදසුන් සපයමින් සාකච්ඡා කරන්න. (රසායනික, අයනික, කලාප සහ ඉලෙක්ට්‍රෝඩ සමතුලිත හා පද්ධති)
  • සමතුලිතතා නියමය සඳහන් කරයි.
  • සුදුසු නිදසුන් යොදා ගනිමින් රසායනික සමතුලිත පද්ධති හඳුන්වා දෙන්න.
  • දෙන ලද රසායනික පද්ධති සදහා සමතුලිතා නියත (Kp හා Kc)  සඳහා ප්‍රකාශන ලිවීමට යොමු කරන්න.
  • Kp හා Kc අතර සම්බන්ධතාවය ව්‍යුත්පන්න කරන්න.
  • නියත උෂ්ණත්වයේ දී සමතුලිතතා නියත වෙනස් නොවී පවතින බව අවධාරණය කරන්න.
  • දෙන ලද දත්ත භාවිත කර රසායනික සමතුලිත පද්ධති සඳහා Kp සහ Kc ගණනය කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දෙන්න.
  • සමතුලිත ලක්ෂ්‍යයය හඳුන්වා දෙන්න.
  • සමතුලිත පද්ධතියක් කෙරෙහි බලපාන සාධක (උෂ්ණත්වය, සාන්ද්‍රණය හා පීඩනය) පිළිබඳ ව සාකච්ඡා කරන්න.
  • ලේ චැටලියර් මූලධර්මය හඳුන්වා දෙන්න.
  • ලේ චැටලියර් මූලධර්මය යොදා ගනිමින් සමතුලිත පද්ධතියකට ඉහත සඳහන් සාධක බලපාන ආකාරය විස්තර කරන්න.
  • K p , Kc සහ  Kp = Kc (RT) Δn මත පදනම් වූ ගැටලු විසඳීමට සිසුන්ට අවස්ථාව සලසා දෙන්න.

අදාල පරීක්ෂණ –

  • Fe³+ / SCN‾ පද්ධතිය සලකමින් ගතික සමතුලිත පද්ධතියක ලාක්ෂණික ගුණ පරීක්ෂණාත්මක ව අධ්‍යයනය කිරීම.
  • NO2 හා N2O4 යන සමතුලිත පද්ධතිය කෙරෙහි උෂ්ණත්වයේ බලපෑම පරීක්ෂණාත්මක ව අධ්‍යයනය කිරීම.

ඇගයීම් හා තක්සේරුකරණය –

  • සමතුලිත පද්ධතියකට බලපෑමක් ඇති කළ විට එහි සමතුලිත ලක්ෂ්‍යය වෙනස් වන
    ආකාරය පැහැදිලි කිරීමට ඇති හැකියාව අගයන්න.
  • දෙන ලද දත්ත භාවිතයෙන්  K p සහ Kසම්බන්ධ විවිධ ගැටලු විසඳීමට ඇති හැකියාව

නිපුණතා මට්ටම  12.2 –

දුබල අම්ල, ප්‍රබල අම්ල, ආම්ලික ලවණ, භාස්මික ලවණ හා සම්බන්ධ සමතුලිතතා පද්ධතිවල ගුණ ප්‍රමාණනය කරයි.

කාලච්ඡේද ගණන –

26

ඉගෙනුම් ඵල –

  • සුදුසු නිදසුන් ඇසුරින් ආහීනියස් වාදය, බ්‍රොන්ස්ටඞ් – ලෝරි
    වාදය හා ලුවිස් වාදය පැහැදිලි කරයි.
  • අම්ල හා භස්ම, දුබල හා ප්‍රබල ලෙස ගොනු කර දක්වයි.
  • සංයුග්මක අම්ල හා භස්ම පැහැදිලි කරයි.
  • ජලයේ ස්වයං අයනීකරණය සලකමින් Kw සඳහා ප්‍රකාශනය ලියා
    දක්වයි.
  • Ka හා Kb සඳහා ප්‍රකාශන ඉදිරිපත් කරයි.
  • Ka , Kbහා තනූකරණ නියමය සඳහා සමීකරණ ව්‍යුත්පන්න කරයි.
  • සංයුග්මක අම්ල-භස්ම යුගලවල Ka හා K අතර සම්බන්ධතාව ව්‍යුත්පන්න කරයි.
  • Kw , Ka හා Kභාවිත කරමින් ගැටලු විසඳයි.
  • pH අර්ථදක්වයි.
  • ලවණවල ජලවිච්ඡේදනය වෙන් කර ලියා දක්වයි.
  • අම්ල හා භස්මවල ජලීය ද්‍රාවණවල pH ගණනය කරයි.
  • කැටායන හා ඇනායනවල ජලවිච්ඡේදනය සලකමින් අම්ල, භස්ම හා ලවණවල ජලීය ද්‍රාවණවල pH ගණනය කරයි.
  • අනුමාපන භාවිත කරමින් ගැටලු විසඳයි.
  • pH දර්ශක ප්‍රබල අම්ල හෝ දුබල භස්ම හෝ බව සඳහන් කරයි.
  • දර්ශකවල අයනීකරණය නොවූ හා අයනීකරණය වූ ආකාර, වෙනස් වර්ණවලින් යුක්ත බව සඳහන් කරයි.
  • දර්ශකයක  pH පරාසය එහි විඝටන නියතය (KIn )  මත රැඳී පවතින බව ප්‍රකාශ කරයි.
  • දර්ශකයක් තෝරා ගැනීම, ක්ෂණික pH වෙනසක් සිදු වන pH
    පරාසය මත හෝ අනුමාපනයේ සමකතා ලක්ෂ්‍යයේ pH අගයට
    අනුරූප වන, දර්ශකයේ  pKIn අගය මත රැඳී පවතින බව ප්‍රකාශ කරයි.
  • දෙන ලද අනුමාපනයකට සුදුසු දර්ශකය තෝරා ගැනීම සඳහා දර්ශක පිළිබඳ වාදය භාවිතයට ගනියි.
  • අම්ල – භස්ම ප්‍රතික්‍රියාවල සමකතා ලක්ෂ්‍යයේ දී pH අගය ගණනය කරයි.
  • විවිධ වර්ගයේ අම්ල – භස්ම අනුමාපනවල අනුමාපන වක්‍ර කටුසටහන් කරයි.
  • සමකතා ලක්ෂ්‍යය ආසන්නයේ දී එකතු කරන ලබන කුඩා ද්‍රාවණ පරිමාවක් නිසා pH අගයේ විශාල වෙනසක් සිදු වන බව ප්‍රකාශ කරයි.
  • සෝඩියම් කාබනේට් – හයිඞ්රොක්ලෝරික් අම්ල අනුමාපනයේ ප්‍රධාන ලක්ෂණ ගුණාත්මක ව සාකච්ඡා කරයි.
  • pH අගය මැනීමෙන් ලවණවල ජලීය ද්‍රාවණවල ආම්ලික, භාස්මික, උදාසීන ස්වභාවය පරික්ෂණාත්මකව නිර්ණය කරයි.
  • ෆිනෝප්තැලීන් හා මෙතිල් ඔරේන්ජ් භාවිත කර සෝඩියම් කාබනේට් හා හයිඞ්රොක්ලෝරික් අම්ලය අතර අනුමාපනය සිදු කරයි.

පාඩම් සැලසුම් සඳහා උපදෙස් –

  • අම්ල හා භස්ම පිළිබඳ ව පෙර දැනුම විමසන්න.
  • අම්ල හා භස්ම පිළිබඳ ව ඉදිරිපත් කර ඇති වාද හඳුන්වා දෙන්න. (ආහීනියස් වාදය, බ්‍රොන්ස්ටඞ් – ලෝරි වාදය සහ ලුවිස් වාදය)
  • සුදුසු නිදසුන් භාවිත කරමින් සංයුග්මක අම්ල සහ භස්ම පැහැදිලි කරන්න.
  • ජලයේ ස්වයං අයනීකරණය සලකමින් Kසඳහා ප්‍රකාශනය ව්‍යුත්පන්න කරන්න.
  • දුබල අම්ල හා දුබල භස්ම සඳහා Ka හා Kb  ප්‍රකාශන ව්‍යුත්පන්න කරන්න.
  • සංයුග්මක අම්ල – භස්ම යුගලක් සදහාKa හා Kb  අතර ඇති සම්බන්ධය ව්‍යුත්පන්න කරන්න.
  • pH යන පදය අර්ථදක්වන්න.
  • දෙන ලද අම්ල හා භස්ම ද්‍රාවණවල ච්‍ය අගය ගණනය කිරීමට ඉඩ සලසා දෙන්න.
  • කැටායන හා ඇනායනවල ජලවිච්ඡේදනය සඳහා අදාළ ප්‍රතික්‍රියා ලිවීමට ඉඩ සලසා
    දෙන්න.
  • ලවණ ද්‍රාවණවල ච්‍ය අගයෙන් ගණනය කිරීමට ඉඩ සලසා දෙන්න.
  • දර්ශක පිළිබඳ පෙර දැනුම විමසන්න.
  • දර්ශක පිළිබද සිද්ධාන්තය සාකච්ඡා කරන්න. (වර්ණ විපර්යාස pH පරාස pkIn)
  • pH දර්ශක යනු දුබල අම්ල හෝ දුබල භස්ම වන බව අවධාරණය කරන්න.
  • දර්ශකයක් අයනීකරණය වූ හා නොවූ තත්ත්ව යටතේ දී එකිනෙකට වෙනස් වර්ණ පෙන්නුම් කරන අයුරු පැහැදිලි කරන්න.
  • දර්ශකයක pH පරාසය එහි විඝටන නියතය, ණෂබ මත රඳා පවතින බව ප්‍රකාශ කරන්න.
  • දෙන ලද අම්ල – භස්ම අනුමාපනයකට යෝග්‍ය දර්ශකය තෝරා ගන්නා අයුරු පැහැදිලි කරන්න.
  • අම්ල / භස්ම අනුමාපනයක අන්ත ලක්ෂ්‍යයයේ pHය අගය ගණනය කිරීමට ඉඩ
    සලස්වන්න.
  • විවිධ අම්ල/භස්ම අනුමාපන සඳහා අනුමාපන වක්‍ර (pH වක්‍ර) අඳින අයුරු සුදුසු රූප
    සටහන් සහිත ව පැහැදිලි කරන්න.
  • අනුමාපනයක සමකතා ලක්ෂ්‍යය ආසන්නයේ දී සිදු වන ශීඝ්‍ර pH විචලනය පිළිබඳ ව පැහැදිලි කරන්න.
  • Na2CO3 හා HCl අතර අනුමාපනයට අදාළ සිද්ධාන්ත සාකච්ඡා කරන්න.
  • අනුමාපන සම්බන්ධ ගැටලු විසඳීමට ඉඩ සලසා දෙන්න.

අදාල පරීක්ෂණ –

  • pH අගය මැනීමෙන් මගින් ජලීය ද්‍රාවණවල ආම්ලික/භාස්මික/ උදාසීන ස්වභාවය පරීක්ෂණාත්මක ව නිර්ණය කිරීම.
  • දර්ශක ලෙස පිනෝප්තැලීන් හා මෙතිල් ඔරේන්ජ් භාවිත කර  Na2CO3 හා HCl අතර අනුමාපනය සිදු කිරීම.

ඇගයීම් හා තක්සේරුකරණය –

  • විවිධ වර්ගයේ ද්‍රාවණවල pH අගය ගණනය කිරීමට ඇති හැකියාව අගයන්න.
  • උදා : පහත ද්‍රාවණවල ච්‍ය අගය ගණනය කරන්න.
    • 0.1 moldm-3 HCl ද්‍රාවණයක
    • 0.1 moldm-3 NaOH ද්‍රාවණයක
    • 0.1 moldm-3 CH3COOH ද්‍රාවණයක (Ka = 1×10-5 moldm-3)
    • 0.1 moldm-3 NH4OH ද්‍රාවණයක (Kb = 1×10-5 moldm-3)
    • 0.1 moldm-3 HCl 250 cm3 ක් හා 0.1 moldm-3 CH3COOH 250 cmමිශ්‍ර කර ඇති ද්‍රාවණයක
    • 0.1 moldm-3 HCl 250 cm3 ක් හා 0.1 moldm-3 NaOH 250 cmමිශ්‍ර කර ඇති ද්‍රාවණයක
  • දෙන ලද අනුමාපනයක් සඳහා දෙන ලද දර්ශකවලින් වඩා යෝග්‍ය දර්ශකය තෝරා ගැනීමට ඇති හැකියාව අගයන්න.

නිපුණතා මට්ටම 12.3 –

අවශ්‍යතා අනුව ස්වාරක්ෂක ද්‍රාවණ පිළියෙල කරයි.

කාලච්ඡේද ගණන –

12

ඉගෙනුම් ඵල –

  • ස්වාරක්ෂක ද්‍රාවණයක් අර්ථදක්වයි.
  • ස්වාරක්ෂක ද්‍රාවණ ගුණාත්මක ව හා ප්‍රමාණාත්මක ව විමර්ශනය කරයි.
  • ඒකභාස්මික ස්වාරක්ෂක පද්ධති සඳහා හෙන්ඩර්සන් සමීකරණය ව්‍යුත්පන්න කරයි.
  • සරල ගණනය කිරීම් සඳහා හෙන්ඩර්සන් සමීකරණය යොදා ගනියි.
  • ස්වාරක්ෂක පද්ධතියක pH අගය ගුණාත්මක ව හා ප්‍රමාණාත්මක ව පැහැදිලි කරයි.

පාඩම් සැලසුම් සඳහා උපදෙස් –

  • ස්වභාවයේ පවතින ස්වාරක්ෂක ද්‍රාවණ පිළිබඳ ව දැනුවත් කිරීම සඳහා සාකච්ඡාවක් මෙහෙයවන්න.
  • ස්වාරක්ෂක ද්‍රාවණයක් අර්ථකථනය කරන්න.
  • අම්ල හා භස්ම භාවිතයෙන් ස්වාරක්ෂක ද්‍රාවණයක් පිළියෙල කර ගන්නා අයුරු පැහැදිලි කරන්න.
  • ස්වාරක්ෂක ද්‍රාවණ වර්ග හඳුන්වා දෙන්න.
  • ඒක ආම්ලික හා ඒක භාස්මික ස්වාරක්ෂක ද්‍රාවණ සදහා හෙන්ඩර්සන් සමීකරණය ව්‍යුත්පන්න කරන්න.
  • හෙන්ඩර්සන් සමීකරණය භාවිත කර ස්වාරක්ෂක ද්‍රාවණවල pH අගය ගණනය කිරීමට ඉඩ සලසා දෙන්න.

ඇගයීම් හා තක්සේරුකරණය –

  • හෙන්ඩර්සන් සමීකරණය භාවිත කර දෙන ලද ද්‍රාවණ මිශ්‍රණවල pH අගය ගණනය කිරීමට ඇති හැකියාව අගයන්න
    උදාහරණ: 0.1 moldm-3 CH3 COOH  අම්ල ද්‍රාවණ 100 cm3 ක් හා 0.1 moldm-3 NaOH ද්‍රාවණ  50 cm3 මිශ්‍ර කර ඇති ද්‍රාවණයක pH  අගය ගණනය කරන්න.

නිපුණතා මට්ටම 12.4 –

ජලයේ අල්ප වශයෙන් ද්‍රාව්‍ය අයනික සංයෝග ආශ්‍රිත සමතුලිතතා පද්ධතිවල ගුණ ප්‍රමාණනය කරයි.

කාලච්ඡේද ගණන –

12

ඉගෙනුම් ඵල –

  • ඇතැම් අයනික සංයෝග ජලයේ ඉතා ද්‍රාව්‍ය නමුත් සමහර අයනික සංයෝග ජලයේ යන්තමින් දිය වන බව සඳහන් කරයි.
  • යන්තමින් ද්‍රාව්‍ය විද්‍යුත් විච්ජේද්‍යයකට සමතුලිතතා මූලධර්මය යොදයි.
  • ජලීය ද්‍රාවණයකින් අයනික සංයෝගයක් අවක්ෂේප වීමට අවශ්‍යතා සඳහන් කරයි.
  • යන්තමින් ද්‍රාව්‍ය විද්‍යුත් විච්ඡේද්‍යවල Ksp ආශ්‍රිත ගැටලු විසඳයි.
  • පොදු අයන ආචරණය භාවිත කරයි.
  • අවක්ෂේපණයෙන් හා එම අවක්ෂේපය විවිධ ප්‍රතිකාරකවල ද්‍රාවණය වීම අනුසාරයෙන් කැටායන හඳුනා ගනියි.
  • ද්‍රාව්‍යතා ගුණිත මූලධර්මය භාවිතයෙන් අවක්ෂේපයක ද්‍රාව්‍යතාව පැහැදිලි කරයි.
  • විවිධ තත්ත්ව යටතේ අයනික සංයෝගවල ද්‍රාව්‍යතා ගුණිත
    පදනම් කර ගනිමින් ලැයිස්තු ගත කරන ලද කැටායන කාණ්ඩ පහකට බෙදයි.
  • කැල්සියම් හයිඞ්රොක්සයිඞ්වල පරීක්ෂණාත්මකව නිර්ණය කරයි.

පාඩම් සැලසුම් සඳහා උපදෙස් –

  • දෙන ලද අයනික සංයෝග ජලයේ දිය වීම හා දිය නොවීම අනුව කාණ්ඩ දෙකකට
    වෙන් කිරීමට සලස්වන්න.
  • සමහරක් අයනික සංයෝග ජලයේ දිය නොවන බව පෙනුණ ද සියලු ම අයනික සංයෝග යන්තමින් හෝ ජලයේ දිය වන බව අවධාරණය කරන්න.
  • සුළු වශයෙන් ජලයේ ද්‍රවිත අයනික සංයෝගයක සන්තෘප්ත ද්‍රාවණයක පවතින සමතුලිතාව සඳහා සමීකරණයක් ලියා දක්වන්න.
  • ඉහත සමතුලිතතාවයෙහි සමතුලිතතා නියතය,  Kp සඳහා ප්‍රකාශනයක් ව්‍යුත්පන්න කරන්න.
  • සංයෝගයක් අවක්ෂේප වීම සදහා අවශ්‍යතා සාකච්ඡා කරන්න.
  • දෙන ලද සුළු වශයෙන් ජලයේ ද්‍රවිත අයනික සංයෝගවල Ksp සඳහා ප්‍රකාශන ලිවීමට සලස්වන්න.
  • සුදුසු නිදසුන් හා ගණනය කිරීම් සමග පොදු අයන ආචරණය පැහැදිලි කරන්න.
  • පොදු අයන ආචරණය මත පදනම් වු ගැටලු විසඳීමට සලස්වන්න.
  • ද්‍රාව්‍යතා ගුණිතය යොදා ගනිමින් සිදු කරන කාණඩ විශ්ලේෂණයේ මූලධර්මය පැහැදිලි කරන්න.
  • ඉහත මූලධර්මය යොදා ගනිමින් කැටායන මිශ්‍රණයක් කාණ්ඩවලට වෙන් කරන අයුරු පැහැදිලි කරන්න.

අදාල පරීක්ෂණ –

  • කැල්සියම් හයිඞ්රොක්සයිඞ්වල ද්‍රාව්‍යතා ගුණිතය පරීක්ෂණාත්මක ව නිර්ණය කිරීම

ඇගයීම් හා තක්සේරුකරණය –

  • Ksp සහ පාදු අයන ආචරණය යොදා ගනිමින් ගැටලු විසඳීමට ඇති හැකියාව සුදුසු ගැටලු ඉදිරිපත් කිරීම මගින් අගයන්න.
  • කාණ්ඩ විශ්ලේෂණය භාවිත කර දෙන ලද කැටායන මිශ්‍රණයක ඇති කැටායන හඳුනා ගැනීමට ඇති හැකියාව අගයන්න.

නිපුණතා මට්ටම 12.5 –

ඒක සංරචක පද්ධතිවල ද්‍රව – වායු සමතුලිතතාව විචලනය වන ආකාරය විමර්ශනය කරයි.

කාලච්ඡේද ගණන –

04

ඉගෙනුම් ඵල –

  • සුදුසු නිදසුන් දක්වමින් කලාපයක් යනු කුමක් දැයි සඳහන් කරයි.
  • සංශුද්ධ ද්‍රව පද්ධති හඳුනා ගනියි.
  • අණුක චලිතය පදනම් කර ගනිමින් ද්‍රව-වායු සමතුලිතතාව පැහැදිලි කරයි.
  •  සන්තෘප්ත වාෂ්ප පීඩනය අර්ථදක්වයි.
  • තාපාංකය අර්ථදක්වයි.
  • උෂ්ණත්වය සමඟ ද්‍රවවල වාෂ්ප පීඩනයේ විචලනය පැහැදිලි කරයි.
  • වාෂ්ප පීඩනය හා තාපාංකය අතර සම්බන්ධතාව හඳුනා ගනියි.
  • අවධි උෂ්ණත්වය අර්ථදක්වයි.
  • ජලයේ කලාප රූපසටහන භාවිතයෙන් ත්‍රික ලක්ෂ්‍යය නම්
    කරයි.

පාඩම් සැලසුම් සඳහා උපදෙස් –

  • සුදුසු උදාහරණ සපයමින් කලාපයක් යනු කුමක් දැයි පැහැදිලි කරන්න.
  • දෙන ලද සමතුලිත පද්ධතියක ඇති කලාප ගණන හඳුනා ගැනීමට සලස්වන්න.
  • අණුක චලිතය පදනම් කර ගනිමින් ද්‍රව-වාෂ්ප සමතුලිතතාව පැහැදිලි කරන්න.
  • සංශුද්ධ ද්‍රවයක සංතෘප්ත වාෂ්ප පීඩනය යන්න අර්ථදක්වන්න.
  • සංශුද්ධ ද්‍රවයක තාපාංකය යන්න අර්ථදක්වන්න.
  • ද්‍රවයක වාෂ්ප පීඩනය උෂ්ණත්වය සමග විචලනය වන ආකාරය ප්‍රස්තාර මගින් පැහැදිලි කරන්න.
  • වාෂ්ප පීඩනය හා තාපාංකය අතර ඇති සම්බන්ධතාව විස්තර කරන්න.
  • අවධි උෂ්ණත්වය අර්ථදක්වන්න.
  • ජලයේ කලාප රූප සටහනක ත්‍රික ලක්ෂ්‍යයය නම් කිරීමට සලස්වන්න.

ඇගයීම් හා තක්සේරුකරණය –

  • දෙන ලද තාපාංක සහිත විවිධ ද්‍රාවණ සඳහා අදාළ ප්‍රස්තාර (වාෂ්ප පීඩන හා උෂ්ණත්වය අතර) ඇඳීමට ඇති හැකියාව අගයන්න.

නිපුණතා මට්ටම 12.6 –

ද්ව්‍යංගී ද්‍රව පද්ධතිවල ද්‍රව – වාෂ්ප සමතුලිතතාවේ විචලනය විමර්ශනය කරයි.

කාලච්ඡේද ගණන –

12

ඉගෙනුම් ඵල –

  • ද්‍රව-ද්‍රව පද්ධති, පූර්ණ මිශ්‍ර, භාගික මිශ්‍ර සහ පූර්ණ අමිශ්‍ර ලෙස වර්ගීකරණය කරයි.
  • රඌල් නියමය ව්‍යුත්පන්න කිරීම සඳහා ද්ව්‍යංගී ද්‍රව පද්ධතියකට සමතුලිතතා සහ චාලක මූලධර්ම යොදයි.
  • පරිපූර්ණ ද්‍රාවණයක් අර්ථදක්වයි.
  • අපරිපූර්ණ ද්‍රාවණ රඌල් නියමයෙන් අපගමනය වන්නේ කෙසේ ද හා මන්ද යන බව සංයුති වාෂ්ප පීඩන ප්‍රස්තාර මගින් පැහැදිලි කරයි.
  • සමතුලිතතාවේ දී ද්‍රව හා වාෂ්ප කලාපවල සංයුති සෙවීම
    සඳහා රඌල් නියමය යොදයි.
  • ද්ව්‍යංගී ද්‍රාවණවල පරිපූර්ණ හා අපරිපූර්ණ හැසිරීම් විස්තර කරයි.
  • අවාෂ්පශීලී ද්‍රව්‍යයක් වාෂ්පශීලී ද්‍රාවකයක ද්‍රවණය වී සෑදෙන ද්‍රාවණයක සංඝටක වෙන් කිරීම සඳහා සරල ආසවනය භාවිත කළ හැකි බව සඳහන් කරයි.
  • සරල ආසවනය හා භාගික ආසවනය සඳහා නිදසුන් දක්වයි.
  • ද්‍රව මිශ්‍රණයන්හි වාෂ්පශීලි සංඝටක වෙන් කර ගැනීමට භාගික අසවනය යොදා ගත හැකි බව සඳහන් කරයි.

පාඩම් සැලසුම් සඳහා උපදෙස් –

  • සම්පුර්ණයෙන් මිශ්‍ර වන ද්‍රව-ද්‍රව පද්ධති කීපයක් සඳහා නිදසුන් සපයන්න.
  • සමතුලිතතාව හා චාලක විද්‍යාව පිළිබඳ මූලධර්ම සලකමින් ද්ව්‍යංගී ද්‍රාවණ පද්ධතියක් සඳහා රඌල් නියමය ව්‍යුත්පන්න කරන්න.
  • සුදුසු උදාහරණ යොදා ගනිමින් පරිපූර්ණ ද්‍රාවණයක් යන්න අර්ථදක්වන්න.
  • වාෂ්ප පීඩන – සංයුති ප්‍රස්තාර යොදා ගනිමින් රඌල් නියමයෙන් ධන අපගමන හා ඍණ අපගමන පෙන්වන ද්ව්‍යංගී ද්‍රාවණ පිළිබඳ ව පැහැදිලි කිරීම් සිදු කරන්න.
  • රඌල් නියමය භාවිතයෙන් ද්‍රව කලාපයේ හා වාෂ්ප කලාපයේ සංයුති ගණනය කිරීමට සලස්වන්න.
  • සරල ආසවනයේ හා භාගික ආසවනයේ සිද්ධාන්ත පැහැදිලි කරන්න.
  • භාගික ආසවනය පැහැදිලි කිරීම සදහා උෂ්ණත්ව සංයුති කලාප රූප සටහන් අඳින්න.

ඇගයීම් හා තක්සේරුකරණය –

  • දෙන ලද ද්ව්‍යංගී ද්‍රාවණ සදහා නිවැරදි වාෂ්ප පීඩන – සංයුති රූප සටහන් ඇඳීමට ඇති හැකියාව අගයන්න.
    උදාහරණ
  1. හෙක්සේන් හා හෙප්ටේන්
  2. එතනෝල් හා බෙන්සීන්
  3. ක්ලොරෆෝම් හා ඇසිටෝන්

නිපුණතා මට්ටම 12.7 –

සම්පූර්ණයෙන් අමිශ්‍ර ද්‍රව පද්ධති දෙකක යම් ද්‍රව්‍යයක් ව්‍යාප්ත වීම පිළිබඳ ව විමර්ශනය කරයි.

කාලච්ඡේද ගණන –

09

ඉගෙනුම් ඵල –

  • පූර්ණ අමිශ්‍ර ද්‍රව පද්ධති සඳහා නිදසුන් ඉදිරිපත් කරයි.                                                               CCl4 /H2 O, CHCl3 /H2 O, C6 H6 /H2 O
  • ව්‍යාප්ති සංගුණකය (KD) පැහැදිලි කරයි.
  • නර්න්ස්ට් ව්‍යාප්ති නියමය යෙදීම සඳහා අවශ්‍යතා සඳහන් කරයි.
  • (KD) භාවිත කරමින් ගැටලු විසඳයි.
  • ජලය හා බියුටනෝල් අතර එතනොයික් අම්ලයේ ව්‍යාප්ති
    සංගුණය පරීක්ෂණාත්මක ව නිර්ණය කරයි.

පාඩම් සැලසුම් සඳහා උපදෙස් –

  • පූර්ණ අමිශ්‍ර ද්‍රාවණ සඳහා නිදසුන් ඉදිරිපත් කරන්න.
  • අමිශ්‍ර ද්‍රාවක දෙකක් අතර ව්‍යාප්ත වී ඇති යම් කිසි ද්‍රාව්‍යයක් සඳහා ව්‍යාප්ති සංගුණකය සුදුසු උදාහරණ යොදා ගනිමින් පැහැදිලි කරන්න.
  • දෙන ලද දත්ත භාවිත කර ව්‍යාප්ති සංගුණකය KD අදාළ ගැටලු විසඳීමට සලස්වන්න.
  • නර්න්ස්ට් ව්‍යාප්ති නියමය යෙදීමට සපුරාලිය යුතු අවශ්‍යතා සඳහන් කරන්න.

අදාල පරීක්ෂණ –

  • ජලය හා 2-බියුටනෝල් අතර එතනොයික් අම්ලයේ ව්‍යාප්ති සංගුණකය පරීක්ෂණාත්මක ව නිර්ණය කිරීම.

ඇගයීම් හා තක්සේරුකරණය –

  • දෙන ලද දත්ත භාවිත කර  Kමත පදනම් වූ ගැටලු විසඳීමට ඇති හැකියාව අගයන්න.

You Might Also Like