A/Level Chemistry Syllabus

06 ඒකකය – s, p හා d ගොනුවලට අයත් මූලද්‍රව්‍යයන්ගේ රසායනය

ඒකකය 6 – s, p හා d ගොනුවලට අයත් මූලද්‍රව්‍යයන්ගේ රසායනය

 

නිපුණතාව 6.0 –

s, p හා d ගොනුවල මූලද්‍රව්‍ය හා ඒවායේ සංයෝගවල ගුණ විමර්ශනය කරයි

නිපුණතා මට්ටම 6.1 –

s ගොනුවේ මූලද්‍රව්‍යවල ගුණ විමර්ශනය කරයි

කාලච්ඡේද ගණන –

10

ඉගෙනුම් ඵල –

  • s ගොනුවේ මූලද්‍රව්‍යවල හා සංයෝගවල පැවැත්ම විස්තර කරයි.
  • පළමු වැනි හා දෙ වැනි කාණ්ඩවල මූලද්‍රව්‍ය වාතය / ඔක්සිජන්, ජලය, අම්ල, නයිට්රජන් හා හයිඞ්රජන් සමඟ සිදු කරන ප්‍රතික්‍රියාවල ස්වභාවය තුලිත රසායනික සමීකරණ ඇසුරින් විස්තර කරයි.
  • සෝඩියම් හා මැග්නීසියම් නියෝජිත මූලද්‍රව්‍ය ලෙස ගනිමින් ඒවා වාතය, ඔක්සිජන්, ජලය හා අම්ල සමඟ සිදු කරන ප්‍රතික්‍රියා නිරීක්‍ෂණය කරයි.
  • පරීෂණාත්මක නිරීක්ෂණ භාවිත කරමින් 1 හා 2 කාණ්ඩවල මූලද්‍රව්‍යයන්ගේ ප්‍රතික්‍රියතාව සංසන්දනය කරයි.
  • s ගොනුවේ මූලද්‍රව්‍ය, න්‍යෂ්ටියට ලිහිල් ව බැඳී ඇති අවසාන
    කවචයේ ඉලෙක්ට්‍රෝන බැහැර කර (ඔක්සිකරණය) උච්ච වායු වින්‍යාසය සහිත ස්ථායී කැටායන සෑදීම නිසා ඒවාට ඔක්සිහාරක ලෙස ක්‍රියා කළ හැකි බව පැහැදිලි කරයි.
  • පහන් සිළු පරීක්‍ෂාවෙන් සංයෝගවල ඇති s ගොනුවේ මූලද්‍රව්‍යවල පහන් සි`එ වර්ණය සඳහන් කරයි.

පාඩම් සැලසුම් සඳහා උපදෙස් –

  • සෝඩියම්, පොටෑසියම්, මැග්නීසියම් සහ කැල්සියම් ස්වභාවයේ පවතින ආකාරය ගැන සාකච්ඡා කරන්න.
  • පළමු හා දෙ වැනි කාණ්ඩවල මූලද්‍රව්‍ය වාතය ඔක්සිජන්, ජලය, අම්ල, නයිට්රජන් හා හයිඞ්රජන් සමඟ දක්වන ප්‍රතික්‍රියා පැහැදිලි කරන්න.
  • නියෝජිත මූලද්‍රව්‍ය ලෙස සෝඩියම් හා මැග්නීසියම් යොදා ගනිමින් ඉහත ප්‍රතික්‍රියා සඳහා තුලිත රසායනික සමීකරණ ලියන්න.
  • ඉලෙක්ට්‍රෝන වින්‍යාස සලකා බලමින් ර්‍ණි, මූලද්‍රව්‍යවල ඔක්සිහාරක හැකියාව පැහැදිලි කරන්න.

අදාල පරීක්ෂණ –

  • s ගොනුවේ ලෝහ, වාතය, ජලය සහ අම්ල සමග සිදු කරන ප්‍රතික්‍රියා සංසන්දනය
    කරන්න.
  • Li+, Na+, K+, Ca2+, Ba2+ හා Sr2+ හදුනාගැනීම සදහා පහන්සිළු පරික්ෂාව සිදු කරන්න.

ඇගයීම් හා තක්සේරුකරණය –

  • සුදුසු ප්‍රශ්න ඉදිරිපත් කිරීමෙන් 1 හා 2 කාණ්ඩවල මූලද්‍රව්‍යවල ප්‍රතික්‍රියතාව සංසන්දනය
    කිරීමට ඇති හැකියාව අගයන්න.
  • දෙන ලද මූලද්‍රව්‍ය හයිඞ්රජන් තනුක අම්ල, ඔක්සිජන් සහ වාතය සමග දක්වන ප්‍රතික්‍රියා
    සඳහා තුලිත රසායනික සමීකරණ ලිවීමට ඇති හැකියාව අගයන්න.

නිපුණතා මට්ටම  6.2 –

p ගොනුවේ මූලද්‍රව්‍ය හා සංයෝගවල ගුණ විමර්ශනය කරයි.

කාලච්ඡේද ගණන –

23

ඉගෙනුම් ඵල –

  • s ගොනුවට සාපේක්‍ෂ ව p ගොනුවේ මූලද්‍රව්‍යවල හා සංයෝගවල පැවැත්ම විස්තර කරයි.
  • ඇලුමිනියම් හා ඇලුමිනියම් ඔක්සයිඞ්වල ප්‍රතික්‍රියා මඟින් එහි උභයගුණී
    ස්වභාවය විස්තර කරයි.
  • ඇලුමිනියම් ක්ලෝරයිඞ් (AlCl3) හි ඉලෙක්ට්‍රෝන ඌනතාව හා Al2Cl6සෑදීම විස්තර කරයි.
  • කාබන්වල ප්‍රධාන බහුරූපී ආකාර නම් කරයි. (මිනිරන්, දියමන්ති, ෆුලරීන්)
  • මිනිරන්වල හා දියමන්තිවල ව්‍යූහ පැහැදිලි කරයි.
  • දියමන්තිවල හා මිනිරන්වල ද්‍රවාංක, ලිහිසි ගුණ, දැඩි බව හා විද්‍යුත් සන්නායකතාව පැහැදිලි කරයි.
  • කාබන් මොනොක්සයිඞ්වල හා කාබන් ඩයොක්සයිඞ්වල ව්‍යූහ හා ගුණ ඉදිරිපත් කරයි.
  • කාබොනික් අම්ලයේ (HCO3) ව්‍යූහය හා එහි ආම්ලික ගුණ පැහැදිලි කරයි.
  • නයිට්රජන් හි අක්‍රියභාවය එහි බන්ධන ශක්ති ඇසුරෙන් පැහැදිලි කරයි.
  • නයිට්රජන් හි විවිධ ඔක්සිකරණ අංක සඳහා නිදසුන් ලියා දක්වයි.
  • නයිට්රජන් හි ඔක්සයිඩ හා ඔක්සොඅම්ලවල ව්‍යූහ ඉදිරිපත් කරයි.
  • දී ඇති ලෝහ හා අලෝහ සමඟ නයිට්රික් අම්ලයේ ප්‍රතික්‍රියා සඳහා තුලිත සමීකරණ ලියයි (මැග්නීසියම්, කොපර්, කාබන් හා සල්ෆර් සමග).
  • ඇමෝනියා ඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරන අවස්ථා සඳහා ප්‍රතික්‍රියා
    ලියයි. (සෝඩියම් හා මැග්නීසියම් සමග)
  • ක්ලෝරීන් හා කොපර් (II) ඔක්සයිඞ් සමග ඇමෝනියා ඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරන අවස්ථා සඳහා සමීකරණ ලියයි.
  • ඇමෝනියම් ලවණවල තාප වියෝජනය සඳහා තුලිත සමීකරණ ලියයි.
  • හයිඞ්රොක්ලෝරික් අම්ලය, ලිට්මස් හා නෙස්ලර් ප්‍රතිකාරකය යොදා ගනිමින් ඇමෝනියා වායුව හා ඇමෝනියම් අයන පරීක්ෂණාත්මක ව හඳුනා ගනියි.
  • ඔක්සිජන් හා සල්ෆර්වල බහුරූපී ආකාරවල තොරතුරු ඉදිරිපත් කරයි.
  • සල්ෆර්වල ඔක්සොඅම්ල සඳහා ව්‍යූහ ඉදිරිපත් කරයි.
  • සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලයේ ඔක්සිකාරක හැකියාව පැහැදිලි කරනු පිණිස එය ලෝහ, කාබන් හා සල්ෆර් සමඟ සිදු කරන ප්‍රතික්‍රියා ලියා දක්වයි.
  • NH3 හා HCl සමග ප්‍රතික්‍රියා යොදා ගනිමින් ජලයේ උභයගුණී ස්වභාවය
    විස්තර කරයි.
  • H2O2 , KI හා Fe2+ සමග සිදු කරන ප්‍රතික්‍රියා ලියා දක්වයි.
  • ඔක්සිහාරක ලෙස H2 O2 , H+/KMnO4 , H+/K2 Cr2 O7  සමග සිදු කරන ප්‍රතික්‍රියා ලියා දක්වයි.
  • H+/KMnO4 , H+/K2 Cr2 O7 හා SO2  සමග H2S  හි ඔක්සිකරණ ප්‍රතික්‍රියා ලියා දක්වයි.
  • සෝඩියම් හා මැග්නීසියම් සමග H2S හි ඔක්සිහරණ ප්‍රතික්‍රියා ලියා දක්වයි.
  • H+/KMnO4, H+/K2 Cr2 O7 සමග SO2 හි ඔක්සිකරණ ප්‍රතික්‍රියා ලියා දක්වයි.
  • හයිඞ්රජන් සල්ෆයිඞ් හා මැග්නීසියම් සමග SO2 හි ඔක්සිහරණ ප්‍රතික්‍රියා ලියා දක්වයි.
  • හැලජනවල භෞතික තත්ත්ව සහ වර්ණ පිළිබඳ විස්තර කරයි.
  • කොපර්, අයන් සහ ඇමෝනියා සමඟ ක්ලෝරීන්වල ප්‍රතික්‍රියා සඳහා තුලිත සමීකරණ ලියයි.
  • හැලජනවල ප්‍රතිස්ථාපන ප්‍රතික්‍රියා සඳහා තුලිත සමීකරණ ලියයි.
  • හැලජනවල සාපේක්‍ෂ ඔක්සිකාරක හැකියාව පැහැදිලි කරයි.
  • ක්ලෝරීන්වල සහ chlorate (I) අයනයේ ද්විධාකරණය තුලිත සමීකරණ මගින් විස්තර කරයි.
  • විවිධ ඔක්සිකරණ අවස්ථාවල ඇති ක්ලෝරීන් හි ඔක්සොඅම්ලවල ව්‍යූහ ඉදිරිපත් කරයි.
  • ක්ලෝරීන්වල ඔක්සොඅම්ලවල ආම්ලික ප්‍රබලතාව හා ඔක්සිකාරක හැකියාව සසඳයි.
  • සුදුසු නිදසුන් දෙමින් ජලීය මාධ්‍යයේ හයිඞ්රජන් හේලයිඩවල ආම්ලිකතාව විස්තර කරයි.
  • උච්ච වායු සාදන සංයෝග සමහරකට නිදසුන් සපයමින් ඒවායේ ගුණ
    සඳහන් කරයි.   (XeF4 , XeF2 , XeF6 )
  • අවක්ෂේපණ ක්‍රම භාවිතයෙන් ඇනායන හඳුනා ගනියි.(SO4 2-, SO3 2-, S2 O3 2-, S2-, CO3 2-)
  • ඇනායනයේ ස්වභාවය පදනම් කර ගනිමින් අම්ලවල දී අවක්ෂේපවල ද්‍රාව්‍යතාව පැහැදිලි කරයි.
  • තනුක හයිඞ්රොක්ලෝරික් අම්ලය, දුඹුරු වලය පරීක්ෂාව හා NaOH/ Al මගින් NO3 – ,NO2 හඳුනා ගනියි.
  • වාතයේ නයිට්රජන් ඇති බව පරීක්‍ෂණාත්මක ව පෙන්වා දෙයි.
  • AgNO3 /NH3 , Pb(NO3 )2 සහ Cl2 /CCl4 මගින් හේලයිඩ අයන පරීක්‍ෂණාත්මක ව හඳුනා ගනියි.
  • KIO3හා KI භාවිත කර තයෝසල්ෆේට් ද්‍රාවණයක් ප්‍රමාණීකරණය කරයි.

පාඩම් සැලසුම් සඳහා උපදෙස් –

  • කාබන්, නයිට්රජන් හා ඔක්සිජන් අඩංගු සංයෝග ස්වභාවයේ පවතින ආකාරය සාකච්ඡා
    කරන්න.
  • ඇලුමිනියම්වල හා ඇලුමිනියම් ඔක්සයිඞ්වල වල උභයගුණී ලක්ෂණ, ඒවාට අදාළ
    ප්‍රතික්‍රියා සමග පැහැදිලි කරන්න.
  • ඉලෙක්ට්‍රෝන ඌනතා සංකල්පය යොදා ගනිමින් Al2Cl6 සෑදෙන අයුරු විස්තර කරන්න.
  • කාබන්, ඔක්සිජන් හා සල්ෆර් නිදසුන් ලෙස ගනිමින් “p” ගොනුවේ මූලද්‍රව්‍යවල බහුරූපී
    ආකාර හඳුන්වා දෙන්න.
  • ඇලුමිනියම් ඔක්සයිඞ් හා කාබන්, නයිට්රජන් හා සල්ෆර් සාදන ඔක්සයිඩවල ගුණ සහ
    ප්‍රතික්‍රියා පැහැදිලි කරන්න.
  • කාබන්, නයිට්රජන්, සල්ෆර් හා ක්ලෝරීන්වල අචක්‍රීය අම්ලවල ලක්ෂණ විස්තර කරන්න.
  • නයිට්රික් අම්ලය ලෝහ සහ අලෝහ සමග දක්වන ප්‍රතික්‍රියා පැහැදිලි කරන්න.
  • නයිට්රජන්වල හයිඞ්රයිඩයක් ලෙස ඇමෝනියා හඳුන්වා දෙන්න.
  • ඇමෝනියම් ලවණවල හැසිරීම පැහැදිලි කරන්න.
  • ඔක්සිකාරකයක් හා ඔක්සිහාරකයක් ලෙස ඇමෝනියා ප්‍රතික්‍රියා ලියන්න.
  • ජලයේ හා හයිඞ්රජන් පෙරොක්සයිඞ්වල ගුණ සහ ප්‍රතික්‍රියා පැහැදිලි කරන්න.
  • හයිඞ්රජන් සල්ෆයිඞ්වල, සල්ෆර් ඩයොක්සයිඞ්වල හා සල්ෆියුරික් අම්ලයේ ගුණ සහ
    ප්‍රතික්‍රියා සාකච්ඡා කරන්න.
  • ඔක්සිකාරකයක් ලෙස, විරංජන කාරකයක් ලෙස සහ ද්විධාකරණයට භාජනය වන
    ද්‍රව්‍යයක් ලෙස ක්ලෝරින් ප්‍රතික්‍රියා සාකච්ඡා කරන්න.
  • ක්ලෝරින්වල විස්ථාපන ප්‍රතික්‍රියා පැහැදිලි කරන්න
  • බන්ධන විඝටන එන්තැල්පි යොදා ගනිමින් හයිඞ්රජන් හේලයිඩවල ආම්ලිකතා
    සංසන්දනය කරන්න.
  • නිෂ්ක්‍රිය වායුවල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය මතකයට නංවමින් ඒවායේ අක්‍රිය ස්වභාවය
    සහ සෙනොන්වලට ඔක්සයිඩ හා ප්ලුවොරයිඩ සෑදීමට ඇති හැකියාව පැහැදිලි කරන්න.

අදාල පරීක්ෂණ –

  • ඇමෝනියා වායුව හඳුනා ගැනීම (ලිට්මස්, හයිඞ්රොක්ලෝරික් අම්ලය නෙස්ලර් ප්‍රතිකාරකය)
  • ඇනායන හඳුනාගැනීම (X, SO42-, SO32-, S2O32-, S2-, CO32-, NO3, NO2)
  • වාතයේ නයිට්රජන් ඇති බව පරීක්ෂණාත්මක ව පෙන්වීම.
  • හේලයිඩ හඳුනා ගැනීම.
  • KIO3 හා KI භාවිතයෙන් තයෝසල්ෆේට් අයන ද්‍රාවණයක් ප්‍රාමාණීකරණය කිරීම.

ඇගයීම් හා තක්සේරුකරණය –

  • ඇලුමිනියම්වල හා ඇලුමිනියම් ඔක්සයිඞ්වල උභයගූනී ස්වභාවය විස්තර කිරීමට ඇති හැකියාව අගයන්න
  • H2S, SO2 , H2O2 , Cl2 , HNO3 සහ H2SO4 යන ඒවාට අදාල ප්‍රතික්‍රියා ලිවීමට ඇති හැකියාව අගයන්න
  • දෙන ලද ලේබල් රහිත හේලයිඩ සාම්පල වෙන් කර හඳුනා ගැනීමට ඇති හැකියාව අගයන්න.

නිපුණතා මට්ටම 6.3 –

s හා p ගොනු මූලද්‍රව්‍යවල හා ඒවායේ සංයෝගවල ගුණ සහ ඒවායේ නැඹුරුතා විමර්ශනය කරයි.

කාලච්ඡේද ගණන –

8

ඉගෙනුම් ඵල –

  • s ගොනුවේ මූලද්‍රව්‍යවල ලවණවල ජල ද්‍රාව්‍යතාව සංසන්දනය කරයි.
  • s ගොනුවේ මූලද්‍රව්‍යවල නයිට්රේටවල කාබනේටවල හා බයිකාබනේටවල තාපස්ථායීතාව සසඳයි.
  • තෙ වැනි ආවර්තය දිගේ දකුණට යාමේ දී s හා p ගොනුවල ඔක්සයිඩවල හා හයිඞ්රොක්සයිඩවල ආම්ලික / භාස්මික / උභයගුණී ස්වභාවය වෙනස් වන ආකාරය පහදා දෙයි.
  • හයිඞ්රයිඩවල හා හේලයිඩවල ජලවිච්ඡේදන නැඹුරුතා අවබෝධ කර ගැනීම සඳහා අදාළ තුලිත සමීකරණ ලියයි.
  • 15 වන කාණ්ඩයේ හේලයිඩවල ජලවිච්ඡේදන හැකියාව සසඳයි.
  • s ගොනුවේ ලවණවල ජල ද්‍රාව්‍යතාව පරීක්‍ෂණාත්මක වසංසන්දනය කරයි.
  • නයිට්රේටවල හා කාබනේටවල තාපස්ථායිතාව පරීක්‍ෂණාත්මකව සසඳයි.

පාඩම් සැලසුම් සඳහා උපදෙස් –

  • s ගොනුවේ මූලද්‍රව්‍ය NO3 , CO3 2-, SO4 2-, Cl , OH , C2 O4 2-, PO4 3-, HCO3 , NO2 , S2, SO3 2-, CrO4 2- වැනි ඇනායන සමග සාදන ලවණවල ජල ද්‍රාව්‍යතාව විචලනය වන අයුරු පරීක්ෂණාත්මක ප්‍රතිඵල මගින් පැහැදිලි කරන්න. 
  • s ගොනුවේ මූලද්‍රව්‍ය සාදන කාබනෙටවල බයිකාබනේටවල හා නයිට්රේටවල තාපස්ථායිතාව විචලනය වන අයුරු ඒවායේ සහසංයුජ හා අයනික ලක්ෂණ භාවිතයෙන් පැහැදිලි කරන්න.
  • ඉහත සංයෝගවල තාප වියෝජන ප්‍රතික්‍රියාවලට අදාළ තුලිත රසායනික සමීකරණ ලිවීමට මග පෙන්වන්න.
  • තුන් වැනි ආවර්තයේ මූලද්‍රව්‍ය සාදන ඔක්සයිඩවල සහ හයිඞ්රොක්සයිඩවල ආම්ලික/භාස්මික/උභයගුණීි ස්වභාවය හේතු දක්වමින් පැහැදිලි කරන්න.
  • ඉහත සංයෝගවල ආම්ලික/ භාස්මික/ උභයගුණීි ස්වභාවය හඳුනා ගැනීමට හේතුවන අයුරින් අදාළ තුලිත රසායනික සමීකරණ ලිවීමට මග පෙන්වන්න.
  • තුන් වැනි ආවර්තය හරහා දකුණට යෑමේ දී හයිඞ්රයිඩ හා හේලයිඩ ජලය සමඟ දක්වන ප්‍රතික්‍රියා මගින් ලැබෙන ඵල විස්තර කරන්න.
  • 15 කාණ්ඩයේ පහළට යන විට හේලයිඩ ජලය දක්වන ප්‍රතික්‍රියා ඇසුරින් ජලවිච්ඡේදන හැකියාව සසඳන්න.

අදාල පරීක්ෂණ –

  • sගොනුවේ මූලද්‍රව්‍ය සාදන ලවණවල ද්‍රාව්‍යතාව පරීක්ෂණාත්මක ව නිර්ණය කිරීම.
  • sගොනුවේ මූලද්‍රව්‍ය සාදන නයිට්රේටවල හා කාබනේට්වල තාපස්ථායිතාව ප්‍රයෝගිකව නිර්ණය කිරීම.

ඇගයීම් හා තක්සේරුකරණය –

  • ලවණවල ද්‍රාව්‍යතා ප්‍රයෝජනයට ගනිමින් සංයෝග හඳුනා ගැනීමට හා වෙන් කර හඳුනා
    ගැනීමට ඇති හැකියාව සුදුසු ප්‍රශ්න ලබාදීමෙන් අගයන්න.
  • දෙන ලද සංයෝගවල ජලීය ද්‍රාවණවල ආම්ලිකතාව විස්තර කිරීමට ඇති හැකියාව
    අගයන්න.
  • දෙන ලද සංයෝගවල තාප වියෝජනයට අදාළ තුලිත රසායනික සමීකරණ ලිවීමට
    ඇති හැකියාව අගයන්න.
  • දෙන ලද සංයෝග ජලය සමඟ දක්වන ප්‍රතික්‍රියා සඳහා තුලිත රසායනික සමීකරණ
    ලිවීමට ඇති හැකියාව අගයන්න.

නිපුණතා මට්ටම 6.4 –

ආවර්තයක් හරහා දකුණට යෑමේ දී d ගොනුවේ මූලද්‍රව්‍යවල ගුණ විචලනය වන ආකාරය විමර්ශනය කරයි.

කාලච්ඡේද ගණන –

06

ඉගෙනුම් ඵල –

  • d ගොනුවේ ඇතැම් මූලද්‍රව්‍යවල (Cu, Fe හා Ti) හා සංයෝගවල
    පැවැත්ම සහ ප්‍රයෝජන විස්තර කරයි.
  • ඉලෙක්ට්‍රෝන වින්‍යාස පදනම් කර ගෙන සිව් වැනි ආවර්තයේ
    d ගොනුවට අයත් මූලද්‍රව්‍ය පෙන්වන විචල්‍ය ඔක්සිකරණ
    අවස්ථා සඳහන් කරයි.
  • d ගොනුවේ මූලද්‍රව්‍යවල විචල්‍ය ඔක්සිකරණ අවස්ථා දැක්වීමේ
    හැකියාව, s හා p ගොනුවල මූලද්‍රව්‍යවල එම ගුණ සමඟ සංසන්දනය කරයි.
  • d ගොනුවේ මූලද්‍රව්‍යවල විද්‍යුත්-සෘණතාව s ගොනුවේ මූලද්‍රව්‍ය සමඟ සසඳයි.
  • d ගොනුවේ මූලද්‍රව්‍යවල ලෝහමය ගුණ ි ගොනුවේ මූලද්‍රව්‍ය සමඟ සසඳයි.
  • d ගොනුවේ මූලද්‍රව්‍යවල උත්ප්‍රේරක ලෙස ක්‍රියා කිරීමේ හැකියාව විස්තර කරයි.
  • සුදුසු නිදසුන් දෙමින් d ගොනුවේ මූලද්‍ර්‍යවල වර්ණවත් සංයෝග සැදීමේ හැකියාව විස්තර කරයි.
  • d ගොනුවේ සංකීර්ණ අයනවල වර්ණ පරීක්‍ෂණාත්මක ව හඳුනා ගනී.

පාඩම් සැලසුම් සඳහා උපදෙස් –

  • පළමු  “d” ශ්‍රේණියේ ඇති මූලද්‍රව්‍ය ඒවායේ ඉලෙක්ට්‍රෝන වින්‍යාස සමග හඳුන්වා දෙන්න.
  • කොපර්, යකඩ හා ටයිටේනියම් ඒවායේ සංයෝග ස්වභාවයේ පවතින ආකාරය හා ඒවායේ ප්‍රයෝජන සාකච්ඡා කරන්න.
  • d ගොනුවේ මූලද්‍රව්‍යවල ගුණ සාකච්ඡා කරන්න. (විචල්‍ය ඔක්සිකරණ අංක, විද්‍යුත්සෘණතාව, ලෝහමය ගුණ, උත්ප්‍රේරක ක්‍රියාව සහ වර්ණවත් සංයෝග සෑදීමට ඇති හැකියාව)
  • ඉහත ලක්ෂණ  “s” හා  “p” මූලද්‍රව්‍යවල ගුණ සමග සංසන්දනය කරන්න.
  • d සංකිර්ණවල ව්‍යූහ සූත්‍ර සහ වර්ණ හඳුන්වා දෙන්න.

අදාල පරීක්ෂණ –

  • ජලීය මාධ්‍යයේ දී සංකිර්ණවල වර්ණ හඳුනා ගැනීම.

ඇගයීම් හා තක්සේරුකරණය –

  • 3d මූලද්‍රව්‍ය සහ ඒවායේ සංයෝගවල ප්‍රයෝජන ඉදිරිපත් කිරීමට ඇති හැකියාව ඒවා සෙවීමට පැවරුමක් ලබාදීමෙන් අගයන්න.
  • දෙන ලද මූලද්‍රව්‍යවල දෙන ලද ගුණ පැහැදිලි කිරීමට ඇති හැකියාව අගයන්න.
  • d ගොනුවේ මූලද්‍රව්‍යවල සමහරක් ගුණ ඒවායේ ඉලෙක්ට්‍රෝන වින්‍යාස අනුසාරයෙන් පැහැදිලි කිරීමට ඇති හැකියාව අගයන්න.

නිපුණතා මට්ටම 6.5 –

d ගොනුවේ සංයෝගවල ගුණ විමර්ශනය කරයි.

කාලච්ඡේද ගණන –

8

ඉගෙනුම් ඵල –

  • ක්‍රෝමියම්වල හා මැංගනීස්වල ඔක්සයිඩවල ආම්ලික /භාස්මික / උභයගුණී ස්වභාවය ප්‍රකාශ කරයි.
  • ක්‍රෝමියම්වල හා මැංගනීස්වල ඔක්සොඇනායන ඔක්සිකාරක ලෙස ක්‍රියා කරන ප්‍රතික්‍රියා සඳහා තුලිත රසායනික ප්‍රතික්‍රියා ලියයි.
  • දෙන ලද නියැදියක අඩංගු Fe2+ අයන සාන්ද්‍රණය ආම්ලික පොටෑසියම් ප්මැංගනේට් මගින් පරීක්‍ෂණාත්මක ව නිර්ණය කරයි.
  • දෙන ලද Na2C2O4 ද්‍රාවනණක සාන්ද්‍රණය පරීක්ෂණාත්මකව නිර්නය කරයිදෙන ලද පොටෑසියම් ප්මැංගනේට් ද්‍රාවණයක සාන්ද්‍රණය ආම්ලික පොටෑසියම් ඔක්සලේට් මගින් පරීක්ෂණාත්මක ව නිර්ණය කරයි.

පාඩම් සැලසුම් සඳහා උපදෙස් –

  • ක්රෝමියම් හා මැංගනීස් සාදන ඔක්සයිඩවල සූත්‍ර සහ ඒවායේ ආම්ලික, භාස්මික,
    උභයගුණී ස්වභාවය ඉදිරිපත් කරන්න.
  • Cr2O72- , CrO42- හා MnO4 වල ඔක්සිකාරක හැකියාව පැහැදිලි කිරීම් සඳහා ඒවායේ
    ප්‍රතික්‍රියාවලට අදාළ තුලිත රසායනික සමීකරණ ලිවීමට උපදෙස් දෙන්න.
  • සුදුසු ප්‍රතිකාරක යොදා ගනිමින් ක්‍රෝමියම් හා මැංගනීස් සාදන ඔක්සොඇනායනවල
    ඔක්සිකාරක හැකියාව ආදර්ශනය කරන්න.  උදා: C2O42-, H2O2 , H2S , SO2
  • H+/ KMnO4 භාවිත කරමින් දෙන ලද සාම්පලයක ඇති ත්‍ැ2ූ සාන්ද්‍රණය නිර්ණය කරන
    අයුරු පැහැදිලි කරන්න.
  • සම්මත ආම්ලික  K2C2O4 ද්‍රාවණයක් මගින්  H+/ KMnO  ද්‍රාවණයක සාන්ද්‍රණය පරීක්ෂණාත්මක නිර්ණය කරන අයුරු පහදා දෙන්න.

අදාල පරීක්ෂණ –

  • H+/ KMnO4 භාවිතා කරමින් දෙන ලද  Fe2+ ද්‍රාවණයක සාන්ද්‍රණය නිර්ණය කිරීම.
  • C2O42- භාවිත කරමින් දෙන ලද H+/ KMnO4 ද්‍රාවණයක සාන්ද්‍රණය සෙවීම.

ඇගයීම් හා තක්සේරුකරණය –

  • ක්‍රෝමියම් හා මැංගනීස් සාදන දෙන ලද ඔක්සයිඩවල ආම්ලික/ භාස්මික/ උභයගුණි ස්වභාවය ලිවීමට ඇති හැකියාව අගයන්න.
  • MnO4, CrO42- හා Cr2O72- වල ඔක්සිකාරක හැකියාව පෙන්වීම පිණිස ඒවා දෙන ලද ප්‍රතිකාරක සමග දක්වන ප්‍රතික්‍රියා සඳහා තුලිත රසායනික සමීකරණ ලිවීමට ඇති හැකියාව අගයන්න.

නිපුණතා මට්ටම 6.6 –

d ගොනුවේ සංකීර්ණ සංයෝගවල ගුණ විමර්ශනය කරයි.

කාලච්ඡේද ගණන –

9

ඉගෙනුම් ඵල –

  • Cr, Mn, Fe, Co, Ni  හා Cuසාදන කැටායන හයිඞ්රොක්ලොරික් අම්ලය හා ජලය සමඟ සාදන සංකීර්ණ ලියා දක්වයි.
  • IUPAC නිතී භාවිත කර බන්ධ කාණ්ඩ එකක් පමණක් ඇති
    සංකීර්ණ අයන නම් කරයි.
  • Cr3+, Mn2+, Fe2+, Fe3+, Co2+, Ni2+, Cu2+ හා Znඅයන ජලීය සෝඩියම් හයිඞ්රොක්සයිඞ් හා ඇමෝනියා සමග දක්වන ප්‍රතික්‍රියා ලියා දක්වයි.
  • කොපර් (II), කොබෝල්ට් (II), නිකල් (II) ලවණ හයිඞ්රොක්ලෝරික් අම්ලය හා ඇමෝනියා සමග ලබා දෙන වර්ණ නිරීක්ෂණය කර ලියා දක්වයි.
  • මැංගනීස්වල +2, +4,+6 හා +7 ඔක්සිකරණ අවස්ථාවලට අනුරූප විශේෂවල වර්ණ ඔක්සිකරණ – ඔක්සිහරණ ප්‍රතික්‍රියා ඇසුරෙන් නිරීක්‍ෂණය කරයි.
  • ජලීය මාධ්‍යයේ ඇති Ni2+, Fe2+, Fe3+, Cu2+ හා Cr3+ අයන
    පරීක්ෂණාත්මකව හඳුනා ගනියි.

පාඩම් සැලසුම් සඳහා උපදෙස් –

  • d ගොනුවේ මූලද්‍රව්‍ය සාදන වර්ණවත් සංකීර්ණ පිළිබඳ ව සාකච්ඡා කරන්න.
  • IUPAC ක්‍රමයට අනුව එක් වර්ගයක බන්ධන පමණක් ඇති සංකීර්ණ නම් කරන අයුරු
    පෙන්වා දෙන්න.
  • Cr, Mn, Fe, Co, Ni සහ Cu යන මුලද්‍රව්‍යවල කැටායන H2O, NH3 සහ Cl වැනි ඒක දායක බන්ධ (ලිගන) සමග සාදන සංකීර්ණ සංයෝගවල වර්ණ ආදර්ශනය කරන්න.
  • +2, +4, +6, +7 යන ඔක්සිකාරක අංක අනුව මැංගනීස්වල වර්ණය වෙනස් වීම අදාළ
    සංයෝග යොදා ගනිමින් නිරීක්ෂණය කිරීමට මග පෙන්වන්න.
  • ජලීය ද්‍රාවණයක දී වර්ණවත් සංකීර්ණ සෑදීමට ඇති හැකියාව ප්‍රයෝජනයට ගනිමින්  Ni2+, Co2+ , Fe3+, Cu2+ හා Cr3+ යන අයන හදුනාගන්නා ආකාරය පැහැදිලි කරන්න.

අදාල පරීක්ෂණ –

  • Ni²+, Co²+ සහ Cu³+ අයන හඳුනා ගැනීමට ඒවා හයිඞ්රොක්ලෝරික් අම්ලය සහ ජලීය ඇමෝනියා සමග සාදන සංකීර්ණවල වර්ණ පරීක්ෂා කිරීම.
  • +2, +4, +6, +7 යන ඔක්සිකාරක අංක අනුව මැංගනීස් හි වර්ණ වෙනස් වන අයුරු
    නිරීක්ෂණය කිරීම.
  • Ni2+, Co2+ , Fe3+, Cu2+ හා Cr3+ යන අයන හඳුනා ගැනීමේ පරීක්ෂා සිදු කිරීම.

ඇගයීම් හා තක්සේරුකරණය –

  • සංකීර්ණවල වර්ණ යොදා ගනිමින් d ගොනුවේ කැටායන හඳුනා ගැනීමට ඇති හැකියාව අගයන්න.

You Might Also Like