A/Level Chemistry Syllabus

09 ඒකකය – ඔක්සිජන් අඩංගු කාබනික සංයෝග

ඒකකය 9 – ඔක්සිජන් අඩංගු කාබනික සංයෝග

 

නිපුණතාව 9.0 –

ඔක්සිජන් අඩංගු කාබනික සංයෝගවල ව්‍යූහය සහ ගුණ අතර සම්බන්ධතාව විමර්ශනය කරයි.

නිපුණතා මට්ටම 9.1 –

ඇල්කොහොලවල ව්‍යූහය, කාබන් – ඔක්සිජන් බන්ධනයේ සහ ඔක්සිජන් – හයිඞ්රජන් බන්ධනයේ ධ්‍රැවීය ස්වභාවය හා ප්‍රතික්‍රියා විමර්ශනය කරයි.

කාලච්ඡේද ගණන –

08

ඉගෙනුම් ඵල –

  • ප්‍රාථමික, ද්විතීයික හා තෘතීයික ලෙස ඇල්කොහොල වර්ගීකරණය කරයි.
  • O – H බන්ධනයේ හා C – O බන්ධනයේ ධ්‍රැවීය ස්වභාවයවිස්තර කරයි.
  • ඇල්කොහොලවල භෞතික ගුණ, ඒවායේ හයිඞ්රජන් බන්ධන තැනීමේ හැකියාව සමඟ සම්බන්ධ කරයි.
  • ඇල්කොහොලවල O ─ H හා C─ O බන්ධනවල බිඳීම හේතුවෙන් ඒවා වෙනස් ආකාර දෙකකට ප්‍රතික්‍රියා සිදු කරන බව වටහා ගනියි.
  • ඇල්කොහොල HBr, Hl, PCl3 / PBr3 , PCl5 යන ප්‍රතිකාරක සමග C ─ O බන්ධනය බිඳීමෙන් සිදු වන නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියා පැහැදිලි කරයි.
  • ඇල්කොහොල සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය හා ඇලුමිනියම් ඔක්සයිඞ් විජලීකරණ සමග විජලීයකරණ ප්‍රතික්‍රියාවල දී ලැබෙන ඵල ලියා දක්වයි.
  • ඇල්කොහොලවල ප්‍රාථමික, ද්වීතීයික හා තෘතීක ස්වභාවය අම්ල හමුවේ දී කාබෝකැටායන සෑදීමට ඇති පහසුතාව සමග සම්බන්ධ කරයි.
  • ප්‍රාථමික, ද්වීතීයික හා තෘතීයික ඇල්කොහොල විවිධ ඔක්සිකාරක සමග විවිධ ආකාරයට ප්‍රතික්‍රියා කරන බව වටහා ගනියි.
  • ඇල්කොහොලවල ගුණ පරීක්ෂා කර වාර්තා කරයි.

පාඩම් සැලසුම් සඳහා උපදෙස් –

  • –OH කාණ්ඩය අඩංගු කාබන් පරමාණුවකට සම්බන්ධ වී ඇති ඇල්කිල් කාණ්ඩ සංඛ්‍යාව
    අනුව ඇල්කොහොල ප්‍රාථමික, ද්විතීයික හා තෘතීයික ලෙස වර්ගීකරණය කරන්න.
  • ඇල්කොහොලවල තාපාංකය, ද්‍රවාංකය, ද්‍රාව්‍යතාව යන භෞතික ගුණ ඒවායේ අණුක
    ස්කන්ධය හා අන්තර් අණුක බල යොදා ගනිමින් පැහැදිලි කරන්න.
  • O – H බන්ධනය බිඳීමෙන් සිදු වන ප්‍රතික්‍රියා සලකමින් ඇල්කොහොලවල රසායනික ලක්ෂණ විස්තර කරන්න. (සෝඩියම් සහ ඇල්කොහොල අතර ප්‍රතික්‍රියාව)
  • C-O බන්ධනයේ ධ්‍රැවීයතාව නිසා C-O බන්ධනය බිඳීමෙන් සිදු වන ප්‍රතික්‍රියා පැහැදිලි
    කරන්න. ( HBr, PCl3 /PBr3 , PClසමග ප්‍රතික්‍රියා)
  • ප්‍රාථමික,ද්විතීයික සහ තෘතීයක ඇල්කොහොල වෙන් කර හඳුනා ගැනීමට සඳහා සාන්ද්‍ර
    හයිඞ්රොක්ලෝරික් අම්ලය හා නිර්ජලීය සින්ක් ක්ලෝරයිඞ් සමග ප්‍රතික්‍රියාව, එහි දී
    සෑදෙන කාබෝකැටායනවල සාපේක්ෂ ස්ථායිතාව සලකමින් සාකච්ඡා කරන්න.
  • ඇල්කීන සෑදීමට සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය හෝ ඇලුමිනියම් ඔක්සයිඞ් සමග සිදු වන
    ඉවත් වීමේ ප්‍රතික්‍රියාව සාකච්ඡා කරන්න
  • ඇල්කොහොල හඳුනා ගැනීමේ පරීක්ෂා ලෙස සැලකෙන  k H+/K2 Cr2 Oහා පිරිඩීනියම්ක්ලො රොක්රෝමේට් (PCC) සමග සිදු වන ඔක්සිකරණ ප්‍රතික්‍රියා පැහැදිලි කරන්න.

අදාල පරීක්ෂණ –

  • ඇල්කොහොල වල ගුණ පරීක්ෂා කිරීම

ඇගයීම් හා තක්සේරුකරණය –

  • දෙන ලද අණුක සූත්‍ර සඳහා තිබිය හැකි සියලු ම ඇල්කොහොලවල ව්‍යූහ දැක්වීමට
    ඇති හැකියාව අගයන්න.
  • විවිධ ප්‍රතික්‍රියක හා ප්‍රතිකාරක දුන් විට ඒවා ඇල්කොහොල සමග ප්‍රතික්‍රියාවෙන් ලැබෙන
    ඵල ලියා දැක්වීමට ඇති හැකියාව අගයන්න.

නිපුණතා මට්ටම  9.2 –

කාබන් – ඔක්සිජන් බන්ධනය හා ඔක්සිජන් – හයිඞ්රජන් බන්ධන ඇසුරෙන් ෆීනෝල්වල ප්‍රතික්‍රියා විශ්ලේෂණය කරයි.

කාලච්ඡේද ගණන –

04

ඉගෙනුම් ඵල –

  • ෆීනෝල, ඇල්කොහොලවට වඩා ආම්ලික වන්නේ මන් දැයි පැහැදිලි කරයි.
  • ඇල්කොහොල භාජන වන නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාවලට ෆීනෝල භාජන නොවන්නේ මන් දැයි පැහැදිලි කරයි.
  • සෝඩියම් ලෝහය හා සෝඩියම් හයිඞ්රොක්සයිඞ් සමග ෆීනෝල් දක්වන ප්‍රතික්‍රියා සඳහන් කරයි.
  • සරල පරීක්‍ෂා මගින් ෆීනෝල්වල ගුණ හඳුනා ගෙන වාර්තා කරයි.

පාඩම් සැලසුම් සඳහා උපදෙස් –

  • ෆීනෝල් හි ආම්ලිකතාව ව්‍යූහය පදනම් කරගෙන පැහැදිලි කරන්න.
  • ෆීනෝල නියුක්ලියොෆිලික ආදේශ පෙන්වන්නේ මන්දැයි පැහැදිලි කරන්න.
  • හයිඞ්රජන් බන්ධන සහ ලන්ඩන් බල යෙදා ගනිමින් ෆීනෝල්වල භෞතික ගුණ සාකච්ඡා
    කරන්න.
  • ෆීනෝල් හි ආම්ලිකතාව පැහැදිලි කිරීමට සෝඩියම් ලෝහය හා සෝඩියම් හයිඞ්රොක්සයිඞ්
    ද්‍රාවණය සමග වෙන වෙන ම සිදු වන ප්‍රතික්‍රියා සාකච්ඡා කරන්න.

ඇගයීම් හා තක්සේරුකරණය –

  • දෙන ලද විවිධ ඇල්කොහොලවලට සාපේක්ෂ ව ෆීනෝල්වල ඉහළ ආම්ලිකතාව
    සංසන්දනය කිරීමට ඇති හැකියාව අගයන්න.

නිපුණතා මට්ටම 9.3 –

ෆීනෝල්වල -OH ය කාණ්ඩය මගින් බෙන්සීන්වලය මත ඇති කෙරෙන බලපෑම විමර්ශනය කරයි.

කාලච්ඡේද ගණන –

02

ඉගෙනුම් ඵල –

  • ෆීනෝලවල ආදේශ ප්‍රතික්‍රියාවල දී ආදේශකය -OH කාණ්ඩයට සාපේක්‍ෂ ව ඕතො (2, 6) හා පැරා (4) ස්ථානවලට සම්බන්ධ වන බව වටහා ගනියි.
  • බෙන්සීන්වලට වඩා ෆීනෝල්වල න්‍යෂ්ටිය ඉලෙක්ට්‍රොෆයිල කෙරෙහි වඩා ප්‍රතික්‍රියාකාරී වන්නේ මන් දැයි පැහැදිලි කරයි.

පාඩම් සැලසුම් සඳහා උපදෙස් –

  • ඕතො – පැරා බලපෑම පැහැදිලි කරමින් ෆීනෝල් හි ආදේශ ප්‍රතික්‍රියා ලෙස නයිට්රොකරණය හා බ්‍රෝමිනීකරණය පිළිබඳ ව සාකච්ඡා කරන්න.
  • සම්ප්‍රයුක්ත ව්‍යූහ යොදා ගනිමින් ෆීනෝල් හි ප්‍රතික්‍රියාතාව බෙන්සීන් සමග සංසන්දනය කරන්න.

ඇගයීම් හා තක්සේරුකරණය –

  • දෙන ලද ප්‍රතිකාරක සමග ෆීනෝල් දක්වන ප්‍රතික්‍රියා ලිවීමට ඇති හැකියාව තක්සේරු කරන්න.

නිපුණතා මට්ටම 9.4 –

ප්‍රතික්‍රියාවලින්  විදහා දැක්වෙන පරිදි ඇල්ඩිහයිඩවල හා කීටෝනල C=O බන්ධනයේ ධ්‍රැවීය හා අසන්තෘප්ත ස්වභාවය විමර්ශනය කරයි.

කාලච්ඡේද ගණන –

16

ඉගෙනුම් ඵල –

  • කාබොනිල් කාණ්ඩයේ අසන්තෘප්ත ස්වභාවය පැහැදිලි කරයි.
  • ඇල්ඩිහයිඩවල ලාක්ෂණික ප්‍රතික්‍රියා මගින් නියුක්ලියෝෆලික ආකලන ප්‍රතික්‍රියා පැහැදිලි කරයි.
  • ග්‍රිනාඞ් ප්‍රතිකාරකය සහ HCN සමග සිදු වන නියුක්ලියෝෆිලික ආකලන ප්‍රතික්‍රියාවල යන්ත්‍රණ පැහැදිලි කරයි.
  • ඇල්ඩිහයිඩ හා කීටෝන 2, 4- ඩයිනයිට්‍රොෆීනයිල්හයිඞ්රසීන් සමග දක්වන ප්‍රතික්‍රියාව > C= 0 කාණ්ඩය,  HN2 කාණ්ඩ සමගසිදු කරන ප්‍රතික්‍රියාවේ නියෝජනයක් බව වටහා ගනියි.
  • සුදුසු නිදසුන් ආශ්‍රයෙන් α-H කාබොනිල් සංයෝගවල සක්‍රියතාව පෙන්නුම් කරයි.
  • ඇල්ඩිහයිඩ හා කීටෝන ඇල්කොහොල බවට ඔක්සිහාරක මගින් ඔක්සිහරණය වන බව වටහා ගනියි.
  • ඇල්ඩිහයිඩ, කීටෝනවලට වඩා පහසුවෙන් ඔක්සිකරණය වන බව වටහා ගනියි.
  • අදාළ පරීක්‍ෂණ මගින් ඇල්ඩිහයිඩ හා කීටෝන වෙන් කර හඳුනා ගනියි.

පාඩම් සැලසුම් සඳහා උපදෙස් –

  • ඇල්ඩිහයිඩ හා කීටෝන දක්වන නියුක්ලියොෆිලික ආකලන ප්‍රතික්‍රියා පැහැදිලි කිරීමට
    ඒවායේ ඇති කබොනිල් කාණ්ඩයේ ධ්‍රැවීයතාව පිළිබඳ ව සාකච්ඡා කරන්න.
  • ඇල්ඩිහයිඩ හා කීටෝන LiAlH4/ H3O+ හා NaBH4/ H3O+ සමග සිදු කරන ඔක්සිහරණ ප්‍රතික්‍රියා සුදුසු උදාහරණ භාවිත කරමින් පැහැදිලි කරන්න.
  • කීටෝනවලට සාපේක්ෂ ව ඇල්ඩිහයිඩ ඔක්සිකරණය වීමට පහසුතාව සාකච්ඡා කරන්න.
  • α-H වල ආම්ලිකතාව කෙරෙහි කාබොනිල් කාණ්ඩයේ බලපෑම සාකච්ඡා කරන්න.
  • ඇල්ඩිහයිඩ හා කීටෝන HCN හා RMgx සමග දක්වන නියුක්ලියොෆිලික ආකලන ප්‍රතික්‍රියා සහ ඒවයේ යාන්ත්‍රණ පැහැදිලි කරන්න

අදාල පරීක්ෂණ –

  • ඇල්ඩිහයිඩ හා කීටෝන හඳුනා ගැනීම සඳහා පරීක්ෂණ.

ඇගයීම් හා තක්සේරුකරණය –

  • දෙන ලද කාබොනිල් සංයෝග ජලීය සෝඩියම් හයිඞ්රොක්සයිඞ් සමග සිදු කරන ප්‍රතික්‍රියාවලින් ලැබෙන ඵල ලිවීමට ඇති හැකියාව අගයන්න.
  • ඇල්ඩිහයිඩවල හා කීටෝනවල නියුක්ලියෝෆිලික ආකලන ප්‍රතික්‍රියා පැහැදිලි කිරීමට ඇති හැකියාව අගයන්න

නිපුණතා මට්ටම 9.5 –

කාබොක්සිලික් අම්ලවල ව්‍යූහය හා ගුණ අනෙකුත් ඔක්සිජන් අඩංගු කාබනික සංයෝග සමග සංසන්දනය කරයි.

කාලච්ඡේද ගණන –

10

ඉගෙනුම් ඵල –

  • කාබොක්සිලික් අම්ලවල භෞතික ගුණ ඒවායේ ව්‍යූහය සමග සම්බන්ධ කරයි.
  • කාබොක්සිලික් අම්ලවල කාබොක්සිල් කාණ්ඩය (>C=O) අඩංගු වන බව වටහා ගනියි.
  • කබොක්සිලික් අම්ලවල, ඇල්කොහොලවල හා ෆීනෝලවල ආම්ලිකතා ඒවා සෝඩියම් ලෝහය, ජලීය සෝඩියම් හයිඞ්රොක්සයිඞ්, ජලීය සෝඩියම් කාබනේට් හා ජලීය සෝඩියම් බයිකාබනේට් සමග දක්වන ප්‍රතික්‍රියා යොදා ගනිමින්සංසන්දනය කරයි.
  •  නියුක්ලියෝෆයිල සමග ප්‍රතික්‍රියා කිරීමේ දී කාබොක්සිලික් අම්ල ආදේශ ප්‍රතික්‍රියා සිදු කරන අතර ඇල්ඩිහයිඩ හා කීටෝන ආකලන ප්‍රතික්‍රියා සිදු කරන බව වටහා ගනියි.
  • කාබොක්සිලික් අම්ලවල ගුණ සහ ප්‍රතික්‍රියා පරික්ෂා කරයි.

පාඩම් සැලසුම් සඳහා උපදෙස් –

  • ෆීනෝල්වලට සාපේක්ෂ ව කාබොක්සිලික් අම්ලවල ඉහළ ආම්ලිකතාව පැහැදිලි කරන්න.
  • කාබොක්සිලික් අම්ලවල අඩංගු C-OHය බන්ධනය බිඳීමෙන් සිදු වන ප්‍රතික්‍රියා සාකච්ඡා
    කරන්න.
  • කබොක්සිලික් අම්ලවල ඔක්සිහරණ ප්‍රතික්‍රියා සාකච්ඡා කරන්න.

අදාල ප්‍රතික්‍රියා –

  • කාබොක්සිලික් අම්ලවල ගුණ කිහිපයක් සඳහා පරීක්ෂා (ආම්ලිකතාව, ඔක්සිහරණ
    හැකියාව, එස්ටර සෑදීම)

ඇගයීම් හා තක්සේරුකරණය –

  • කබොක්සිලික් අම්ලවල ආම්ලිකතාව අනෙකුත් කාබනික සංයෝගවල ආම්ලිකතාව
    සමග සංසන්දනය කිරීමට ඇති හැකියාව අගයන්න.
  • දෙන ලද කාබනික සංයෝගවල නිවැරදි ආම්ලිකතා විචලනය ලිවීමට ඇති හැකියාව අගයන්න.

නිපුණතා මට්ටම 9.6 –

අම්ල ව්‍යුත්පන්නවල ලාක්ෂණික ප්‍රතික්‍රියා විමර්ශනය කරයි.

කාලච්ඡේද ගණන –

06

ඉගෙනුම් ඵල –

  • අම්ල ක්ලෝරයිඩ ප්‍රතික්‍රියා නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රකික්‍රියා බව හඳුනා ගනියි.
  • අම්ල ක්ලෝරයිඩවල ලාක්ෂණික ප්‍රතික්‍රියා සඳහා නිදසුන් ලියා දක්වයි.
  • එස්ටරවල ලාක්ෂණික ප්‍රතික්‍රියා සඳහා නිදසුන් ලියා දක්වයි.
  • ඇමයිඩවල ලාක්ෂණික ප්‍රතික්‍රියා සඳහා නිදසුන් ලියා දක්වයි.
  • සියලු ම අම්ල ව්‍යුත්පන්න පෙන්වන සියලු ප්‍රතික්‍රියාවල ආරම්භක පියවර, කාබොනිල් කාබන් පරමාණුව නියුක්ලියෝෆයිලයක ප්‍රහාරයට ලක් වීම බව හඳුනා ගනියි.
  • අම්ල ක්ලෝරයිඩ හා සෝඩියම් හයිඞ්රොක්සයිඞ් අතර ප්‍රතික්‍රියාවේ යන්ත්‍රණය ලියා දක්වයි.

පාඩම් සැලසුම් සඳහා උපදෙස් –

  • කාබොක්සිලික් අම්ල ව්‍යුත්පන්න ලෙස අම්ල ක්ලෝරයිඩ, එස්ටර සහ ඇමයිඩවල අදාළ
    ව්‍යූහ සුදුසු උදාහරණ යොදා ගනිමින් හඳුන්වා දෙන්න.
  • අම්ල ව්‍යුත්පන්න දක්වන සියලු ම ප්‍රතික්‍රියාවල පළමු පියවර වන්නේ කාබොනිල් කාබන්
    පරමාණුව මතට නියුක්ලියෝෆයිලයක් පහර දීම බව පැහැදිලි කරන්න.
  • ඇමයිඩවල හා එස්ටරවල ඔක්සිහරණ ප්‍රතික්‍රියා සාකච්ඡා කරන්න.

ඇගයීම් හා තක්සේරුකරණය –

  • අම්ල ව්‍යුත්පන්න දෙන ලද ප්‍රතිකාරක/ ප්‍රතික්‍රියක සමග ප්‍රතික්‍රියා කර සෑදෙන අදාළ ඵල
    ලියා දැක්වීමට ඇති හැකියාව තක්සේරු කරන්න.
  • ඉහත ප්‍රතික්‍රියා භාවිත කර දෙන ලද පරිවර්තන සිදු කිරීමට ඇති හැකියාව අගයන්න.

You Might Also Like