A/Level Chemistry Syllabus

10 ඒකකය – නයිට්‍රජන් අඩංගු කාබනික සංයෝග

ඒකකය 10 – නයිට්‍රජන් අඩංගු කාබනික සංයෝග

 

නිපුණතාව 10.0 –

නයිට්රජන් අඩංගු කාබනික සංයෝගවල ව්‍යූහ හා ගුණ අතර සම්බන්ධතා විමර්ශනය කරයි.

නිපුණතා මට්ටම 10.1 –

ලාක්ෂණික ප්‍රතික්‍රියා හා ගුණ ඇසුරින් ඇමයින සහ ඇනිලීන් පිළිබඳ ව විශ්ලේෂණය කරයි.

කාලච්ඡේද ගණන –

08

ඉගෙනුම් ඵල –

  • ඇමයින වර්ග ප්‍රාථමික, ද්වීතීයික හා තෘතීයික ලෙස වර්ගීකරණය කරයි.
  • විෂය නිර්දේශයේ දෙන ලද ප්‍රතිකාරක සමග ඇමයින සිදු කරන ප්‍රතික්‍රියා ලියා දක්වයි.
  • ඇමයින සහ විෂය නිර්දේශයේ ඇති වෙනත් ක්‍රියාකාරී කාණ්ඩ
    සම්බන්ධ ප්‍රතික්‍රියා පිළිබඳ දැනුම පරිවර්තන සඳහා භාවිත කරයි.
  • ඉලෙක්ට්‍රොෆිලික ආදේශ කෙරෙහි බෙන්සීන්වලට සාපෙක්ෂ ව ඇනිලීන්වල අධික ප්‍රතික්‍රියතාව පැහැදිලි කරයි.
  • ඇනිලීන් හා බ්‍රෝමීන් අතර ප්‍රතික්‍රියාව ලියා දක්වයි.

පාඩම් සැලසුම් සඳහා උපදෙස් –

  • ඇමෝනියාවල පරමාණුවට ්‍ය වෙනුවට සම්බන්ධ වී ඇති ඇල්කිල් හෝ ඇරිල් කාණ්ඩ
    ගණන සලකා බලමින් ඇලිෆැටික හා ඇරෝමැටික ඇමයින වර්ගීකරණය කරන්න.
  • ඇනලින් ඇරෝමැටික ඇමයිනයක් ලෙස හඳුන්වා දෙන්න.
  • නියුක්ලියෝෆයිලයක් ලෙස ඇමයින දක්වන ප්‍රතික්‍රියා සාකච්ඡා කරන්න.
  • ඇමයින නයිට්රස් අම්ලය සමග දක්වන ප්‍රතික්‍රියා සාකච්ඡා කරන්න.
  • ඇනලීන් හා බ්‍රොමීන් අතර ප්‍රතික්‍රියාව පැහැදිලි කරන්න.

ඇගයීම් හා තක්සේරුකරණය –

  • දෙන ලද ඇමයින ප්‍රාථමික, ද්විතීයික හා තෘතීයික ලෙස වර්ග කිරීමට ඇති හැකියාව
    අගයන්න.
  • ඇමයිනවල ප්‍රතික්‍රියාවලට සම්බන්ධ සරල කාබනික පරිවර්තන සිදු කිරීමට ඇති හැකියාව
    අගයන්න.

නිපුණතා මට්ටම  10.2 –

ඇමයිනවල භාස්මිකතාව වෙනත් කාබනික සංයෝගවල භාස්මිකතාව සමග සසඳයි.

කාලච්ඡේද ගණන –

02

ඉගෙනුම් ඵල –

  • නයිට්රජන් පරමාණුව මත ඇති එකසර ඉලෙක්ට්‍රෝන යුගලයේ සාපේක්ෂ දායක හැකියාව අනුව ප්‍රාථමික ඇමයිනවල භාස්මිකතාව ඇල්කොහොල, ඇනිලීන් හා ඇමයිඩවල භාස්මිකතාව සමඟ සංසන්දනය කරයි.

පාඩම් සැලසුම් සඳහා උපදෙස් –

  • ඇමයිනවල N පරමාණුව මත ඇති එකසර ඉලෙක්ට්‍රෝන යුගලේ දායක ලක්ෂණ අනුව
    ඒවායේ භාස්මිකතාව පැහැදිලි කරන්න.
  • ඇමයිනවල භාස්මිකතාව ඇල්කොහොලවල භාස්මිකතාව සමග සංසන්දනය කරන්න.
  • ප්‍රාථමික ඇලිෆැටික ඇමයිනවල භාස්මිකතාව, ඇනිලීන්වල භාස්මිකතාව සමග
    සංසන්දනය කරන්න.
  • ඇමයිනවල භාස්මිකතාව ඇමයිඩවල භාස්මිකතාව සමග සසඳන්න.

ඇගයීම් හා තක්සේරුකරණය –

  • ඇමයිනවල භාස්මිකතාව ඇල්කොහොලවල, ඇනිලීන්වල හා ඇමෝනියාවල භාස්මිකතාව සමග සංසන්දනය කිරීමට ඇති හැකියාව අගයන්න.
  • දෙන ලද නයිට්රජන් අඩංගු සයෝගවල භාස්මිකතාව පැහැදිලි කිරීමට ඇති හැකියාව තක්සේරු කරන්න.

නිපුණතා මට්ටම 10.3 –

ඩයැසෝනියම් ලවණවල ප්‍රතික්‍රියා විමර්ශනය කරයි.

කාලච්ඡේද ගණන –

04

ඉගෙනුම් ඵල –

  • ඩයැසෝනියම් ලවණය පිළියෙල කිරීම විස්තර කරයි.
  • ජලය H3 PO2, CuCl, CuCr, CuBr  හා  Kl  සමග ඩයැසෝනියම් ලවණවල ප්‍රතික්‍රියා ලියා දක්වයි.
  • N2 හොඳ ඉවත් වීමේ කාණ්ඩයක් බැවින් N=N+ කාණ්ඩය විවිධ කාණ්ඩ මගින් පහසුවෙන් විස්ථාපනය වන බව වටහා ගනියි.
  • N=N+  කාණ්ඩය ඉලෙක්ට්‍රොෆයිලයක් ලෙස ක්‍රියා කරන බව වටහා ගනියි.
  • ඩයැසෝනියම් ලවණ භාවිතයෙන් ඇනිලීන් පරීක්ෂා සිදු කර වාර්තා කරයි.

පාඩම් සැලසුම් සඳහා උපදෙස් –

  • විශේෂිත උෂ්ණත්වය හා අදාළ තත්ත්ව යොදා ගනිමින් ඩයැසෝනියම් ලවණ පිළියෙල
    කර ගන්නා ආකාරය පැහැදිලි කරන්න.
  • ඩයැසෝනියම් ලවණ H2O, H3PO2, CuCl, CuBr, CuCN හා KI සමග දක්වන ප්‍රතික්‍රියා අදාල සමීකරණ භාවිතා කරමින් විස්තර කරන්න.
  • ඩයැසෝනියම් ලවණයකට ඉලෙක්ට්‍රොෆිලයක් ලෙස හැසිරීමට ඇති හැකියාව සුදුසු
    නිදසුන් මගින් පැහැදිලි කරන්න. (ෆීනොල් හා β නැප්තොල් සමග)

අදාල පරීක්ෂණ –

  • ඇනිලීන් සඳහා පරීක්ෂාව

ඇගයීම් හා තක්සේරුකරණය –

  • දෙන ලද ඩයැසෝනියම් ලවණ ආශ්‍රිත ප්‍රතික්‍රියාවලට අදාළ ඵල ලිවීමට ඇති හැකියාව
    අගයන්න.

You Might Also Like