නිපුණතාව 2.0 –
|
බන්ධන හා ව්‍යූහ, පදාර්ථවල ගුණ සමඟ සම්බන්ධ කරයි. |
නිපුණතා මට්ටම 2.1 –
|
පදාර්ථයේ ව්‍යූහය හා ගුණ තීරණය කිරීමේ පිළිවෙතක් ලෙස බහු
පරමාණුක පද්ධතිවල ප්‍රාථමික අන්තර් ක්‍රියා විග්රහ කරයි. |
කාලච්ඡේද ගණන –
|
12 |
ඉගෙනුම් ඵල –
|
- රසායනික බන්ධන සෑදීම සඳහා සංයුජතා කවච ඉලෙක්ට්‍රෝන
සහභාගි වන බව අවබෝධ කර ගැනීමට රසායනික බන්ධන
විමර්ශනය කරයි.
- ඉලෙක්ට්‍රෝන හවුල් කර ගනිමින් සහසංයුජ බන්ධන සෑදීම
පැහැදිලි කරයි.
- තනි බන්ධන හා බහු බන්ධන හඳුන්වා දෙයි.
- ලුවිස් ව්‍යූහ ඇඳීමේ දී භාවිත වන නීති පැහැදිලි කරයි.
- සහසංයුජ අණු හා අයන කාණ්ඩ සඳහා ලුවිස් ව්‍යූහ අඳියි.
- බන්ධනයට සහභාගි වන පරමාණුවල විද්‍යුත්-සෘණතා වෙනස
අනුව බන්ධන නිර්ධ්‍රැවීය සහසංයුජ බන්ධන, ධ්‍රැවීය සහසංයුජ
බන්ධන හා අයනික බන්ධන ලෙස සංසන්දනය කරයි.
- සුදුසු නිදසුන් දෙමින් ධ්‍රැවීකරණය හා ද්විධ්රැව ඝූර්ණය යන
සංකල්ප ඇසුරෙන් ධ්‍රැවීය සහසංයුජ බන්ධනය සහ අණුවල
ධ්‍රැවීයතාව විස්තර කරයි
- සංගත / දායක බන්ධන සෑදීම පැහැදිලි කරයි
- අයනික බන්ධන සෑදීම පැහැදිලි කරයි.
- අයනික දැලිස්වල ව්‍යූහය හා භෞතික ලක්ෂණ සෝඩියම්
ක්ලෝරයිඞ් නිදසුන් ලෙස ගනිමින් පැහැදිලි කරයි.
- කැටායනයේ ධ්‍රැවීකරණ බලය හා ඇනායනයේ ධ්‍රැවණශීලතාව
පදනම් කර ගනිමින් අයනික බන්ධනයක සහසංයුජ ලක්ෂණය
සුදුසු උදාහරණ ගනිමින් පැහැදිලි කරයි.
- සංයෝගවල අයනික ලක්ෂණ හා සහසංයුජ ලක්ෂණ
සංසන්දනය කරයි.
- ලෝහක බන්ධනයක ව්‍යූහය පැහැදිලි කරයි.
- සහසංයුජ, අයනික හා ලෝහක බන්ධන ප්‍රාථමික අන්තර්ක්‍රියා
ලෙස සඳහන් කරයි.
|
පාඩම් සැලසුම් සඳහා උපදෙස් –
|
- රසායනික බන්ධන සෑදීමට සංයුජතා ඉලෙක්ට්‍රෝන සහභාගි වන බව පෙර දැනුම
විමසමින් අවධාරණය කරන්න.
- සුදුසු නිදසුන් යොදා ගනිමින් සහසංයුජ බන්ධන සෑදෙන ආකාරය විස්තර කරන්න. (H2, Cl2, HCl, HF)
- සුදුසු උදාහරණ සපයමින් තනි බන්ධන හා බහු බන්ධන හඳුන්වා දෙන්න. (O2, N2)
- සම්මත නීතිරිති යොදා ගනිමින් සරල අණු සඳහා ලුවිස් ව්‍යූහ අඳින ආකාරය පැහැදිලි
කරන්න.
- බන්ධනයට සම්බන්ධ වී ඇති පරමාණුවල විද්‍යුත්-ඍණතා සලකමින් ඒවා ධ්‍රැවීය,
සහසංයුජ, නිර්ධ්‍රැවීය සහසංයුජ හා අයනික ලෙස බෙදා වෙන් කරන අයුරු සාකච්ඡා
කරන්න.
- විද්‍යුත්-ඍණතා අගයයන් උපයෝගී කර ගනිමින් හා සුදුසු නිදසුන් සපයමින් ධ්‍රැවීකරණය
හා බන්ධන ඝුර්ණය යන සංකල්ප විස්තර කරන්න. සුදුසු නිදසුන් උපයෝගි කර ගනිමින්
දායක සහසංයුජ බන්ධන සෑදෙන අයුරු පැහැදිලි කරන්න.
- නිදසුන් – NH4+, H3O+, NH3 , BH3
- අයනික බන්ධන සහ එමගින් අයනික දැලිස් සෑදෙන ආකාරය සුදුසු නිදසුන් දෙමින්
පැහැදිලි කරන්න.
- අයනික දැලිස්වල ගුණ පැහැදිලි කරන්න. (සන්නායකතාව, ද්‍රවාංක හා ද්‍රාව්‍යතාව)
- කැටායනයක ධ්‍රැවීකාරක බලය හා ඇනායනයක ධ්රැවණශීලිතාව පදනම් කර ගනිමින්
අයනික බන්ධනයක් සහසංයුජ ලක්ෂණ පෙන්වන අයුරු සාකච්ඡා කරන්න.
- ලෝහක බන්ධන සෑදෙන ආකාරය පැහැදිලි කරන්න.
- සහසංයුජ බන්ධන, අයනික බන්ධන හා ලෝහක බන්ධන ප්‍රාථමික අන්තර්ක්‍රියා ලෙස
නම් කරන බව හඳුන්වා දෙන්න.
|
ඇගයීම් හා තක්සේරුකරණය –
|
- දෙන ලද සංයෝගයක් අයනික, ධ්‍රැවීය සහසංයුජ, නිර්ධ්‍රැවිය සහසංයුජ, දායක සහසංයුජ
හා ලෝහක ලෙස වර්ග කිරීමට ඇති හැකියාව අගයන්න.
- දෙන ලද සරල අණු හා අයනවල ලුවිස් ව්‍යූහ ඇඳීමට ඇති හැකියාව අගයන්න.
|