A/Level Chemistry Syllabus

07 ඒකකය – කාබනික රසායන විද්‍යාවේ මූලික සංකල්ප

ඒකකය 7 – කාබනික රසායන විද්‍යාවේ මූලික සංකල්ප

නිපුණතාව 7.0 –

කාබනික රසායන විද්‍යාවේ මූලික සංකල්ප.

නිපුණතා මට්ටම 7.1 –

රසායන විද්‍යාවේ විශේෂ ක්ෂේත්‍රයක් ලෙස කාබනික රසායනයේ වැදගත්කම විමර්ශන කරයි.

කාලච්ඡේද ගණන –

02

ඉගෙනුම් ඵල –

  • ප්‍රධාන සංඝටිත මූලද්‍රව්‍යය ලෙස කාබන් අන්තර්ගත වන ස්වාභාවික හා කෘත්‍රිම සංයෝග විශාල සංඛ්‍යාවක් පවතින බව සඳහන් කරයි.
  • අදාළ කරුණු ඉදිරිපත් කරමින් කාබන්වලට විශාල සංයෝග සංඛ්‍යාවක් සෑදීමට ඇති හැකියාව පැහැදිලි කරයි.
  • විවිධ ක්‍ෂේත්‍රවලින් නිදසුන් දෙමින් දෛනික ජීවිතයේ දී කාබනික රසායනයේ වැදගත්කම පෙන්වා දෙයි.
  • එදිනෙදා ජීවිතයේ විවිධ ක්ෂේත්‍රවල දී කාබනික රසායනය යොදා ගන්නා බව පිළිගනියි.

පාඩම් සැලසුම් සඳහා උපදෙස් –

  • කාබනික සංයෝග විශාල සංඛ්‍යාවක් පැවතීමට හේතු සහ දෛනික ජීවිතයට ඒවායේ
    ඇති වැදගත්කම සාකච්ඡා කරන්න.
  • බහුල ව ඇති විවිධ වර්ගයේ කාබනික සංයෝග පිළිබඳව සාකච්ඡා කරන්න. (නිදසුන්:-
    ඉන්ධන, රෙදිපිළි, සේදුම්කාරක, ඖෂධ, ආහාර, බහුඅවයවක ආදිය)

ඇගයීම් හා තක්සේරුකරණය –

  • සිසුන් කණ්ඩායම් දෙකකට බෙදා අප දෛනික ජීවිතයේ භාවිත කරන සංයෝග,
    කාබනික සහ අකාබනික ලෙස ගොනු කිරීමට ඇති හැකියාව අගයන්න.

නිපුණතා මට්ටම  7.2 –

ක්‍රියාකාරී කාණ්ඩ ආශ්‍රයෙන් කාබනික සංයෝගවල විවිධත්වය විමර්ශනය කරයි.

කාලච්ඡේද ගණන –

02

ඉගෙනුම් ඵල –

  • හයිඞ්රොකාබන ඒවායේ ව්‍යූහ සූත්‍ර මගින් ඇලිෆැටික හා ඇරෝමැටික ලෙස හඳුනා ගනියි.
  • විෂය නිර්දේශයේ ඇතුළත් ක්‍රියාකාරී කාණ්ඩවල නාම සහ සංකේත හඳුනා ගනියි.
  • අන්තර්ගත ක්‍රියාකාරී කාණ්ඩ ආශ්‍රයෙන් විවිධ කාබනික සංයෝග වර්ග නම් කරයි.
  • එක් එක් ක්‍රියාකාරී කාණ්ඩය ඇතුළත් සදෘශ (සමප්‍රභව) ශ්‍රේණි නම් කරමින් නිදසුන් දක්වයි.

පාඩම් සැලසුම් සඳහා උපදෙස් –

  • කාබනික සංයෝගයක ක්‍රියාකාරී කාණ්ඩය යන සංකල්පය පැහැදිලි කරන්න.
  • සදෘශ ශ්‍රේණියක් යන සංකල්පය පැහැදිලි කරන්න.
  • විවිධ කාබනික සංයෝග ඒවායේ ක්‍රියාකාරී කාණ්ඩය අනුව ලැයිස්තු ගත කරන්න.

ඇගයීම් හා තක්සේරුකරණය –

  • දෙන ලද සංයෝගවල ඇති ක්‍රියාකාරී කාණ්ඩ හඳුනා ගැනීමට ඇති හැකියාව අගයන්න.

නිපුණතා මට්ටම 7.3 –

සරල ඇලිෆැටික කාබනික සංයෝග නම් කරයි.

කාලච්ඡේද ගණන –

06

ඉගෙනුම් ඵල –

  • සාමාන්‍ය කාබනික සංයෝගවල ව්‍යවහාරික නාම සඳහන් කරයි.
  • සම්මත නාමකරණයක අවශ්‍යතාව හඳුනා ගනියි.
  • IUPAC නීති භාවිතයට ගනිමින්, විෂය නිර්දේශයේ සීමාවන්ට යටත් ව දෙන ලද කාබනික සංයෝග නම් කරයි.
  • සංයෝගයක IUPACනාමය දුන් විට එහි ව්‍යූහ සූත්‍රය අඳියි.

පාඩම් සැලසුම් සඳහා උපදෙස් –

  • සුලබ සංයෝග කිහිපයක ව්‍යූහ සූත්‍රය අනුව ඒවායේ ව්‍යාවහාරික නම ඉදිරිපත් කරන්න.
  • ඇලිෆැටික සංතෘප්ත හා අසංතෘප්ත හයිඞ්රොකාබනවල නාමකරණය හඳුන්වා දෙන්න.
  • ආදේශිත කාණ්ඩ හඳුන්වා දීම සඳහා ප්‍රධාන කාබන් දාමය අංකනය කරන ආකාරය සාකච්ඡා කරන්න.
  • ක්‍රියාකාරී කාණ්ඩවල ප්‍රමුඛතා අනුපිළිවෙළ සහ පෙර ඈඳුම් සහ පසු ඈඳුම් යොදා ගන්නා ආකාරය හඳුන්වා දෙන්න

ඇගයීම් හා තක්සේරුකරණය –

  • දෙන ලද සංයෝග IUPAC නාමකරණයට අනුව නම් කිරීමට හා IUPAC නම දී ඇති විට සංයෝගයේ ව්‍යූහ සූත්‍රය ලිවීමට ඇති හැකියාව අගයන්න.

නිපුණතා මට්ටම 7.4 –

එකම අණුක සූත්‍රයෙන් යුත් අණුවලට තිබිය හැකි එකිනෙකට වෙනස් පරමාණුක සැකැස්ම විමර්ශනය කරයි.

කාලච්ඡේද ගණන –

07

ඉගෙනුම් ඵල –

  • දෙන ලද අණුක සූත්‍ර සඳහා තිබිය හැකි සියලු ව්‍යූහ සූත්‍ර අඳියි.
  • සමාවයවිකතාව යන සංකල්පය පැහැදිලි කරයි.
  • දෙන ලද අණුක සූත්‍ර සඳහා අඳින ලද ව්‍යූහ සූත්‍ර දාම, ස්ථාන, ක්‍රියාකාරි කාණ්ඩ සමාවයවික ලෙස වර්ග කරයි.
  • ජ්‍යාමිතික හා ප්‍රකාශ සමාවයවිකතාව පෙන්වීම සඳහා තිබිය යුතු අවශ්‍යතා සඳහන් කරයි.
  • දෙන ලද අණුක සූත්‍ර සඳහා අඳින ලද සමාවයවික අතරින් ජ්‍යාමිතික හා ප්‍රකාශ සමාවයවික හඳුනා ගනියි.
  • සියලු ම සමාවයවික වර්ග සමාලෝචනය කරයි.

පාඩම් සැලසුම් සඳහා උපදෙස් –

  • එක ම අණුක සූත්‍රය ඇති නමුත් විවිධ රසායනික හා භෞතික ගුණ පෙන්වීමට හැකි
    සංයෝග පැවතීම සමාවයවිකතාව ලෙස අර්ථදක්වන්න.
  • සුදුසු නිදසුන් භාවිත කරමින් විවිධ සමාවයවික වර්ග පිළිබඳ ව පැහැදිලි කරන්න.                            ■ ව්‍යූහ සමාවයවික (දාම, ස්ථාන, ක්‍රියාකාරී කාණ්ඩ)
    ■ ත්‍රිමාන සමාවයවික (පාරත්‍රිමාන, ප්‍රතිරූපඅවයව)
  • ජ්‍යාමිතික (සිස්-ට්‍රාන්ස්) සමාවයවිකතාව සහ ප්‍රකාශ සමාවයවිකතාව පෙන්වීමට තිබිය
    යුතු අවශ්‍යතා සාකච්ඡා කරන්න.

ඇගයීම් හා තක්සේරුකරණය –

  • දෙන ලද සංයෝගවල ඇති සමාවයවික වර්ගය හඳුනා ගැනීමට ඇති හැකියාව අගයන්න.
  • දෙන ලද අණුක සූත්‍රයක් සඳහා පැවතිය හැකි සියලු ම සමාවයවිකවල ව්‍යූහ ඇඳීමට
    ඇති හැකියාව අගයන්න.

You Might Also Like