In your Mind

Wake up with Determination go to bed with Satisfaction

“අධිෂ්ඨානයෙන් අවදිවන්න සංතෘප්තියෙන් නින්දට යන්න”

මේ සුප්‍රකට කියමන ඇතුළෙ වචන සිය දහස් ගාණකින් ඕනේ අදහසක් හැංගිලා තියනවා. එක රැයින් අපිට කවදාවත් අපේ ඉලක්කය කරා ළගා වෙන්න බෑ. ඒ ගමන දුරයි. පියවරෙන් පියවර ඒ වෙත ළගා වෙන්න ඕනේ. මේ ගෙවෙන හැම තත්පරයක්ම, හැම දවසක්ම අපිට වැදගත් වෙන්නේ අන්න ඒ නිසා.

උදෑසන අවදිවෙන ඔබ තමන්ගේ අනාගත ඉලක්කය වෙනුවෙන් අද දවසට කළ යුතු කාර්යය ගැන අවධානය යොමු කරන්න. අද කළ යුතු දේ සාර්ථකව අවසන් කරන්න. ඒ වෙනුවෙන් වැඩ කරන්න.

එවිට ඔබට සංතෘප්තියෙන් නින්දට යන්න පුළුවන්. හැම උදෑසනකම අධිෂ්ඨානයෙන් අවදිවෙලා සංතෘප්තියෙන් නින්දට යන ඔබට ඉලක්කය කරා යන ගමනෙ දැනෙන වෙහෙස ඉතාම අල්පව දැනෙනබව නම් ඒකාන්තයි.

You Might Also Like