A/Level Chemistry Syllabus

14 ඒකකය – කර්මාන්ත රසායනය හා පරිසර දූෂණය

ඒකකය 14 – කර්මාන්ත සහ පරිසර දූෂණය

 

නිපුණතාව 14.0 –

මූලධර්මවල භාවිතය අවබෝධ කර ගැනීමටත්, කර්මාන්ත ආශ්‍රිත දූෂක හඳුනා ගැනීමටත් තෝරා ගත් රසායනික කර්මාන්ත විමර්ශනය කරයි.

නිපුණතා මට්ටම 14.1 –

s ගොනුවේ මූලද්‍රව්‍ය හා සංයෝග කාර්මික ව නිෂ්පාදනය කිරීම සහ ඒවායේ භාවිත විමර්ශනය කරයි.

කාලච්ඡේද ගණන –

11

ඉගෙනුම් ඵල –

  • රසායනික කර්මාන්තයක් සැලසුම් කිරීමේ දී සැලකිය යුතු මූලික සාධක ලැයිස්තු ගත කරයි.
  • කර්මාන්තයකට අමු ද්‍රව්‍ය තෝරා ගැනීමේ දී සැලකිය යුතු සාධක විස්තර කරයි.
  • මැග්නීසියම්, සෝඩියම් හයිඞ්රොක්සයිඞ් (පටල කෝෂ ක්‍රමය), සබන් හා සෝඩියම් කාබනේට් (සොල්වේ ක්‍රමය) යන ද්‍රව්‍යවල නිෂ්පාදනයට අදාළ රසායනික මූලධර්ම විස්තර කරයි.
  • සබන්වල ගුණාත්මක බව රැක ගැනීමට අනුගමනය කළ යුතු පිළිවෙත් විස්තර කරමින් විද්‍යාගාරයේ දී සබන් නියැදියක් පිළියෙල කරයි.

පාඩම් සැලසුම් සඳහා උපදෙස් –

  • අප අවට පරිසරයේ රසායනික කර්මාන්ත ස්ථාපිත කිරීමට ඇති හැකියාව සොයා බැලීමට සාකච්ඡාවක් ගොඩ නගන්න.
  • වර්තමානයේ ශ්‍රී ලංකාවේ පිහිටුවා ඇති රසායනික කර්මාන්ත පිළිබඳ ව විමසන්න.
  • රසායනික කර්මාන්තයක් සැලසුම් කිරීමේ දී සලකා බැලිය යුතු සාධක පිළිබඳ ව සාකච්ඡා කරන්න.
  • කර්මාන්තයක් සදහා ස්වාභාවික අමු ද්‍රව්‍ය තෝරා ගැනීමේ දී සලකා බැලිය යුතු සාධක විස්තර කරන්න.
  • අමුද්‍රව්‍යයක් ලෙස මුහුදු ජලය භාවිත කර ලුණු නිෂ්පාදනයේ දී ලැබෙන බිටර්න් ද්‍රාවණය
    මගින් මැග්නීසියම් නිස්සාරණය කිරීමේ ක්‍රමය (ඩව් ක්‍රමය) හා එයට අදාළ භෞතික රසායනික මුලධර්ම පැහැදිලි කරන්න.
  • මැග්නීසියම්වල ප්‍රයෝජන ලැයිස්තු ගත කරන්න.
  • පටල කෝෂ මගින් සෝඩියම් හයිඞ්රොක්සයිඞ් නිෂ්පාදන කිරීමේ ක්‍රමය හා එහි භෞත-රසායනික මූලධර්ම පැහැදිලි කරන්න.
  • සෝඩියම් හයිඞ්රොක්සයිඞ් හා සෝඩියම් හයිඞ්රොක්සයිඞ් නිෂ්පාදනයෙන් ලැබෙන අතුරුඵලවල ප්‍රයෝජන ලියා දක්වන්න.
  • සොල්වේ ක්‍රමය මගින් Na2CO3 නිෂ්පාදනය කිරීමේ ක්‍රමය හා එහි භෞත-රසායනික මුලධර්ම පැහැදිලි කරන්න.
  • සෝඩියම් කාබනේට්වල ප්‍රයෝජන සදහන් කරන්න.
  • සෝඩියම් කාබනේට් නිෂ්පාදනයේ දී ලැබෙන අතුරු ඵල නැවත භාවිත කිරීමේ
    වැදගත්කම ඉදිරිපත් කරන්න.
  • සබන් නිෂ්පාදනයේ පියවර හා එහි භෞත – රසායනික මුලධර්ම පැහැදිලි කරන්න.
  • සබන් නිෂ්පාදනයේ දී ලැබෙන අතුරු ඵලයක් වන ග්ලිසරෝල්වල ප්‍රයෝජන ඉදිරිපත් කරන්න.

අදාල පරීක්ෂණ –

  • රසායනාගාරයේ දී සබන් සාම්පලයක් සෑදීම.

ඇගයීම් හා තක්සේරුකරණය –

  • කණ්ඩායම් ක්‍රියාකාරකමක් ලෙස අධ්‍යයනය කරන ලද සියලු ම කර්මාන්ත සම්බන්ධ කර ගැලීම් සටහනක් නිර්මාණය කිරීමට ඇති හැකියාව අගයන්න.

නිපුණතා මට්ටම  14.2 –

p ගොනුවේ මූලද්‍රව්‍යවල අඩංගු සංයෝගවල නිෂ්පාදනය හා ප්‍රයෝජන විමර්ශනය කරයි.

කාලච්ඡේද ගණන –

08

ඉගෙනුම් ඵල –

  • ඇමෝනියා, නයිටි්‍රක් අම්ලය හා සල්ෆියුරික් අම්ලය යන සංයෝගවල නිෂ්පාදනයට අදාළ භෞත-රසායනික මූලධර්ම භාවිත කරමින් ඒවායේ නිෂ්පාදනය හා ප්‍රයෝජන විස්තර කරයි.

පාඩම් සැලසුම් සඳහා උපදෙස් –

  • හේබර් ක්‍රමය මගින් ඇමෝනියා නිෂ්පාදනය සිදු කරන ක්‍රමය හා එහි භෞත – රසායනික
    මූලධර්ම පිළිබඳ සාකච්ඡා කරන්න.
  • ඇමෝනියාවල ප්‍රයෝජන සඳහන් කරන්න.
  • ඔස්වල්ඞ් ක්‍රමය මගින් HNOඅම්ලය නිෂ්පාදනය සිදු කරන ක්‍රමය හා එහි භෞත – රසායනික මුලධර්ම සාකච්ඡා කරන්න.
  • HNOඅම්ලයේ ප්‍රයෝජන සදහන් කරන්න
  • ස්පර්ශ ක්‍රමය මගින් H2SOඅම්ලය නිපදවීමේ ක්‍රමය සහ සහ එහි භෞත – රසායනික මුලධර්ම පිළිබඳ සාකච්ඡා කරන්න.
  • H2SOඅම්ලයේ ප්‍රයෝජන සදහන් කරන්න.

ඇගයීම් හා තක්සේරුකරණය –

  • H2, N2සහ Oඅමුද්‍රව්‍ය ලෙස භාවිත කරමින් NH4NOසාම්පලයක් සංස්ලේෂණය  කරන ආකාරය දැක්වීමට අදාළ තුලිත රසායනික සමීකරණ ලිවීමට ඇති හැකියාව අගයන්න. (එහි දී ඔබ ඉහත උගත් කර්මාන්ත පිළිබඳ දැනුම උපයෝගී කර ගන්න)

නිපුණතා මට්ටම 14.3 –

d ගොනුවේ මූලද්‍රව්‍යවල හා ඒවායේ සංයෝගවල නිෂ්පාදනය හා ප්‍රයෝජන විමර්ශනය කරයි.

කාලච්ඡේද ගණන –

04

ඉගෙනුම් ඵල –

  • ටයිටේනියම් ඔක්සයිඩවල නිෂ්පාදනය සහ ඊට පදනම් වන භෞත – රසායනික මූලධර්ම විස්තර කරයි.
  • ටයිටේනියම් ඩයොක්සයිඞ්වල ප්‍රයෝජන විස්තර කරයි.
  • ධාරා ඌෂ්මකය භාවිත කරමින් යකඩ නිස්සාරණයේ භෞත- රසායනික මූලධර්ම විස්තර කරයි.

පාඩම් සැලසුම් සඳහා උපදෙස් –

  • ශ්‍රී ලංකාවේ ඇති ටයිටේනියම් භව හා ඒවා ඇති ස්ථාන පිළිබඳ ව විමසන්න.
  • රූටයිල් මගින් ටයිටේනියම් ඩයොක්සයිඞ් නිෂ්පාදනය කිරිමට අදාළ ප්‍රධාන පියවර පැහැදිලි කර ටයිටේනියම් ඩයොක්සයිඞ් හි ප්‍රයෝජන සඳහන් කරන්න.
  • යකඩ නිස්සාරණයේ ප්‍රධාන පියවර පැහැදිලි කරන්න.
  • යකඩවල ප්‍රයෝජන සඳහන් කරන්න.

ඇගයීම් හා තක්සේරුකරණය –

  • එදිනෙදා ජීවිතයේ දී ටයිටේනියම් හා ආශ්‍රිත සංයෝගවල ප්‍රයෝජන ලියා දක්වීමට ඇති හැකියාව අගයන්න.

නිපුණතා මට්ටම 14.4 –

බහු අවයවක ද්‍රව්‍යවල රසායනය විමර්ශනය කරයි.

කාලච්ඡේද ගණන –

08

ඉගෙනුම් ඵල –

  • බහුඅවයවක, ඒකඅවයවක හා පුනරාවර්තන ඒකකය හඳුන්වයි.
  • නිදසුන් ඇසුරින් බහුඅවයවක, ස්වාභාවික හා කෘත්‍රිම ලෙස වර්ගීකරණය කරයි.
  • බහුඅවයවීකරණ ප්‍රතික්‍රියා වර්ගය අනුව බහුඅවයවක වර්ගීකරණය කරයි.
  • දෙන ලද නිදසුන්වල ව්‍යූහය (ඒකඅවයවක, බහුඅවයවකය හා පුනරාවර්තී ඒකකය) ගුණ හා ප්‍රයෝජන හඳුනා ගනියි.
  • ප්ලාස්ටික් ආකලන ද්‍රව්‍ය හා ඒවායේ පාරිසරික ආචරණ විස්තර කරයි.
  • ස්වාභාවික රබර්වල ව්‍යූහය, ගුණ හා ප්‍රයෝජන විස්තර කරයි.
  • රබර් වල්කනයිස් කිරීමේ ක්‍රියාවලිය විස්තර කරයි.
  • රබර් කැටි ගැසීමේ ක්‍රියාවලිය හා එය වැළැක්විය හැකි ආකාරය පැහැදිලි කරයි.

පාඩම් සැලසුම් සඳහා උපදෙස් –

  • එදිනෙදා ජීවිතයේ දී භාවිත කරන බහු අවයවක පිළිබඳ ව පෙර දැනුම විමසන්න.
  • එම බහුඅවයවකය විවිධ ආකාරයේ නිර්ණායකවලට අනුව බෙදා වෙන් කිරීමට
    සලස්වන්න.
  • ඒක අවයවකය හා පුනරාවර්තන ඒකකය පැහැදිලි කරමින් බහුඅවයවකය හඳුන්වා දෙන්න.
  • පිළියෙල කරගන්නා ක්‍රමය අනුව සියලු ම කෘත්‍රිම බහුඅවයවකය ආකලන බහුඅවයවකය හා සංඝනනය බහුඅවයවකය ලෙස වර්ගීකරණය කරන්න.
  • අදාළ ප්‍රතික්‍රියා යොදා ගනිමින් ආකලන බහුඅවයවකය (පොලිතීන්, පොලිටෙෆ්ලෝන්,
    පොලිස්ට්රීන්, PVC) හදුන්වා දෙන්න.
  • අදාළ ප්‍රතික්‍රියා දක්වමින් සංඝනන බහුඅවයවකය ලෙස නයිලෝන් හා පොලිඑස්ටර්
    හඳුන්වා දෙන්න.
  • ත්‍රිමාන බහු අවයවයකට නිදසුනක් ලෙස බේක්ලයිට් ව්‍යූහය ඉදිරිපත් කරන්න.
  • ඉහත සඳහන් කරන ලද බහුඅවයවකයවල ප්‍රයෝජන සඳහන් කරන්න.
  • ආකලන ද්‍රව්‍ය පිළිබඳ ව සාකච්ඡා කරන්න (පිරවුම්, වර්ණක, ගිනි ප්‍රතිරෝධී ද්‍රව්‍ය).
  • බහුඅවයවකය භාවිතයෙන් සිදු වන පාරිසරික බලපෑම සාකච්ඡා කරන්න.
  • ස්වාභාවික බහුඅවයවකයයක් ලෙස ස්වාභාවික රබර් හඳුන්වා දෙන්න.
  • රබර්වල ව්‍යූහය යොදා ගනිමින් එහි ප්‍රත්‍යාස්ථතාව පැහැදිලි කරන්න.
  • රබර්වල යාන්ත්‍රික ගුණ වැඩිකරන ක්‍රමයක් ලෙස වල්කනයිස් කිරීම පිළිබඳ ව පැහැදිලි කරන්න.
  • රබර් කිරිවල සංයුතිය, කැටි ගැස්වීමේ ක්‍රම සහ කැටි ගැසීම වළක්වන අයුරු ඉදිරිපත් කරන්න.
  • රබර් කිරි කැටි ගැස්වීමෙන් මගින් ඝන රබර් ලබා ගන්නා බව අවධාරණය කරන්න.

ඇගයීම් හා තක්සේරුකරණය –

  • පොලිතීන්, PVC, ටෙෆ්ලෝන් ආදී බහුඅවයවකයවල ඒකඅවයවක, පුනරාවර්තන ඒකක, බහුඅවයවකය හඳුනා ගැනීමට ඇති හැකියාව අගයන්න.
  • බහුඅවයවකයවල ප්‍රයෝජන ලියා දැක්වීමට ඇති හැකියාව අගයන්න.

නිපුණතා මට්ටම 14.5 –

ශාක ද්‍රව්‍ය පදනම් කරගත් ඇතැම් රසායනික කර්මාන්ත විමර්ශනය කරයි.

කාලච්ඡේද ගණන –

12

ඉගෙනුම් ඵල –

  • අමුද්‍රව්‍යවල පුනර්ජනනීය ප්‍රභවයක් ලෙස ශාක පිළිබඳ ව විස්තර කරයි.
  • ග්ලූකොස් මගින් එතනෝල් හා විනාකිරි නිෂ්පාදනවලට අදාළ ප්‍රතික්‍රියා ලියා දක්වයි.
  • ජෛව ඩීසල් නිෂ්පාදනය විස්තර කරයි.
  • සගන්ධ තෙල් ශාකවලින් නිස්සාරණය කර ගන්නා සංකීර්ණ, වාෂ්පශීලි සංයෝග ලෙස විස්තර කරයි. සගන්ධ තෙල්, නිස්සාරණයේ දී භාවිත කෙරෙන මූලධර්ම පැහැදිලි කරයි.
  • එතනෝල්, විනාකිරි, සගන්ධ තෙල් හා ඩීසල්වල ප්‍රයෝජන ප්‍රකාශ කරයි.
  • විද්‍යාගාරයේ දී කූරුඳු කොළවලින් කූරුඳු තෙල් නිස්සාරණය කරයි.
  • විද්‍යාගාරයේ දී ජෛව ඩීසල් සාම්පලයක් පිළියෙල කරයි.
  • විද්‍යාගාරයේ දී විනාකිරිවල ඇසිටික් අම්ල ප්‍රතිශතය නිර්ණය කරයි.

පාඩම් සැලසුම් සඳහා උපදෙස් –

  • පැළෑටි මගින් නිස්සාරණය කර ගත හැකි රසායන ද්‍රව්‍ය පිළිබඳ ව ලබා ගෙන ඇති පෙර දැනුම විමසන්න.
  • පැළෑටි යනු පුනර්ජනනය කළ හැකි අමු ද්‍රව්‍ය බව අවධාරණය කරන්න.
  • එතනෝල් හා විනාකිරි පිළියෙල කර ගැනීමට යොදා ගත හැකි ශාක පිළිබඳ ව විමසන්න.
  • අදාළ රසායනික ප්‍රතික්‍රියා යොදා ගනිමින් එතනෝල් හා විනාකිරි නිපදවීමට අදාළ පියවරවල් පැහැදිලි කරන්න.
  • ශාක ද්‍රව්‍ය භාවිත කරමින් ජෛව ඩීසල් නිෂ්පාදන කරන ආකාරය පැහැදිලි කරන්න.
  • අනාගතයේ ඇති විය හැකි ඉන්ධන අර්බුදයට පිළියමක් ලෙස ජෛව ඩීසල්වල වැදගත්කම සාකච්ඡා කරන්න.
  • කුරුඳු කොළ භාවිත කර කුරුඳු තෙල් නිස්සාරණය කිරීමට යොදා ගන්නා හුමාල ආසවන ක්‍රමය පැහැදිලි කරන්න.
  • සගන්ධ තෙල් විවිධ වර්ගයේ වාෂ්පශීලි සංඝටක අඩංගු මිශ්‍රණයක් ලෙස සැලකිය හැකි බව අවධාරණය කරන්න.
  • සගන්ධ තෙල්වල ප්‍රයෝජන පැහැදිලි කරන්න.

ඇගයීම් හා තක්සේරුකරණය –

  • පහත දී ඇති ආකාරයේ ප්‍රශ්නයකින් විනාකිරි සාම්පලයක ඇති CH3COOH සාන්ද්‍රණය ගණනය කිරීමට ඇති හැකියාව අගයන්න.
  • නිදසුන – දෙන ලද විනාකිරි සාම්පලයක දී ඇති උෂ්ණත්වයේ දී ඝණත්වය 1.05 gcm-3 වේ. ඉන් 25.00 cm³ ගෙන 250 cm³ දක්වා තනුක කිරීමෙන් ලැබෙන ද්‍රාවණයෙන් 25 cm³ ක් ගෙන 0.1 moldm-3  NaOH ද්‍රාවණයක් සමග අනුමාපනය කරන ලදී. බියුරෙට්ටු පාඨාංකය 16.0 cm³ ක් විය.
    1. විනාකිරි සාම්පලයක් ඇති CH3COOH සාන්ද්‍රණය ගණනය කරන්න.
    2. එම සාම්පලයේ ඇති අම්ල ප්‍රතිශතය ගණනය කරන්න.
    3. මෙම අනුමාපනය සදහා සුදුසු දර්ශකයක් සදහන් කරන්න.

නිපුණතා මට්ටම 14.6 –

කාර්මික නිකුතු විසින් සිදු කෙරෙන වායු දූෂණයේ රසායනය.

කාලච්ඡේද ගණන –

07

ඉගෙනුම් ඵල –

  • වා තත්ත්ව හා ජල තත්ත්ව පරාමිති නම් කරයි.
  • අම්ල වැසි පිළිබඳ රසායනය සහ එමගින් පරිසරයට ඇති වන
    බලපෑම පැහැදිලි කරයි.
  • ප්‍රකාශ-රසායනික ධූමිකාව පිළිබඳ රසායනය හා එමගින්
    පරිසරයට ඇති වන බලපෑම පැහැදිලි කරයි.
  • ඕසෝන ස්තරය ක්ෂය වීම හා එහි පාරිසරික බලපෑම පැහැදිලි
    කරයි.
  • හරිතාගාර ආචරණය හා ගෝලීය උණුසුම පිළිබඳ රසායනය
    හා ඒවායේ පාරිසරික බලපෑම පැහැදිලි කරයි.
  • වායු දූෂණය අවම කිරිමට අවශ්‍ය ආරක්ෂාකාරී ක්‍රියා මාර්ග
    විස්තර කරයි.

පාඩම් සැලසුම් සඳහා උපදෙස් –

  • SOx , NOx , COx ,Cx Hx  හා අංශුමය ද්‍රව්‍ය වායුමය දූෂක සඳහා වන පරාමිතින් ලෙස හඳුන්වා දෙන්න.
  • අම්ල වැසි පිළිබඳ ව පෙර දැනුම විමසන්න.
  • අම්ල වැසි සඳහා හේතු වන වායුමය දූෂක (SOx , NOx) නම් කරන්න
  • අදාළ රසායනික ප්‍රතික්‍රියා සලකමින් ඉහත දූෂක මගින් අම්ල වැසි ඇති වන ආකාරය
    පැහැදිලි කරන්න.
  • අම්ල වැසි මගින් පරිසරයට සිදු වන බලපෑම සාකච්ඡා කරන්න. (අවශ්‍ය අවස්ථාවල දී
    අදාළ ප්‍රතික්‍රියා සඳහන් කරන්න).
  • ප්‍රකාශ-රසායනික ධූමිකාව ඇති වීමට බලපාන සාධක සහ එය හඳුනා ගන්නා ආකාරය
    සලකමින් පැහැදිලි කරන්න.
  • ඉහත ක්‍රියාවලියට අදාළ ප්‍රතික්‍රියා ලියා දක්වන්න.
  • ප්‍රකාශ රසායනික ධූමිකාවෙන් පරිසරයට, ද්‍රව්‍යවලට හා මිනිසාගේ සෞඛ්‍යයට ඇති වන
    බලපෑම සාකච්ඡා කරන්න.
  • ඕසෝන් ස්තරය නුනී වීම සම්බන්ධ රසායනය පැහැදිලි කරන්න.
  • ඕසෝන් ස්තරය තුනී වීමට බලපාන වායු පිළිබඳ ව සාකච්ඡා කරන්න.
  • ඕසෝන් ස්තරය තුනී වීම නිසා සිදු වන පාරිසරික බලපෑම සඳහන් කරන්න.
  • හරිතාගාර ආචරණය පිළිබඳ ව පෙර දැනුම විමසන්න.
  • හරිතාගාර වායු ඒවායේ තිබිය යුතු උපරිම මට්ටම ඉක්මවා යෑම නිසා ගෝලිය උණුසුම
    ඇති වන ආකාරය පෙන්වා දෙන්න.
  • ගෝලීය උණුසුම නිසා පරිසරයට ඇති වන බලපෑම පැහැදිලි කරන්න.
  • කර්මාන්ත නිසා සිදු වන වායු දූෂණය අවම කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු
    ආරක්ෂාකාරී ක්‍රියාමාර්ග සඳහන් කරන්න.

ඇගයීම් හා තක්සේරුකරණය –

  • අම්ල වැසි, හරිතාගාර ආචරණය, ඕසෝන් ස්තරය තුනී වීම හා ප්‍රකාශ-රසායනික ධූමිකාව පිළිබඳ ව කරුණු ඉදිරිපත් කිරීමේ හැකියාව සිසුන් කණ්ඩායම් හතරකට බෙදීම මගින් අගයන්න (එක් කණ්ඩායමකට එක් මාතෘකාවක් බැගින්).

නිපුණතා මට්ටම 14.7 –

කාර්මික නිකුතු විසින් සිදු කෙරෙන ජල දූෂණයේ රසායනය

කාලච්ඡේද ගණන –

15

ඉගෙනුම් ඵල –

  • pH උෂ්ණත්වය, සන්නායකතාව, ආම්ලිකතාව, කඨිනත්වය, ද්‍රාවිත ඔක්සිජන් (DO) හා රසායනික ඔක්සිජන් ඉල්ලුම (COD) වැහි ජලය පරාමිති නම් කරයි.
  • දෙන ලද දූෂීත ජල සාම්පලයක pH උෂ්ණත්වය,
    සන්නායකතාව, කඨිනත්වය, අවිලතාව වැනි භෞතික පරාමිති
    වාර්තා කරයි.
  • NO3 හා PO34 නිසා සිදු වන සුපෝෂණය හා එහි ප්‍රතිඵලවිස්තර කරය.
  • කාර්මික අපවාහවල ද්‍රවණය වී ඇති කාබනික දූෂක නම් කරයි.
  • ද්‍රවිත කාබනික දූෂක නිසා ඇති වන බලපෑම් විස්තර කරයි.
  • ජල දූෂණයට හේතු වන සුලබ බැර ලෝහ හා ඒවායින් සිදු
    වන පාරිසරික බලපෑම් පැහැදිලි කරයි.
  • ද්‍රවිත ඔක්සිජන් (DO) රසායනික ඔක්සිජන් ඉල්ලුම (COD)
    මඟින් ජල දූෂණය හඳුනා ගන්නා ආකාරය පැහැදිලි කරයි.
  • ආම්ලිකතාව/භාස්මිකතාව, තාප දූෂණය, අවිලතාව සහ
    කඨිනත්වය වැනි භෞතික පරාමිති යොදා ගනිමින් ජල දූෂණය
    පිළිබඳ ව පැහැදිලි කරන්න.
  • කාර්මික අපවාහවල අඩංගු දූෂක අවම කිරීම සඳහා තනා ඇති
    පූර්වෝපාය විස්තර කරයි.
  • මිරිදියෙහි ද්‍රවණය වී ඇති ඔක්සිජන් මට්ටම පරීක්‍ෂණාත්මක ව
    නිර්ණය කරයි.

පාඩම් සැලසුම් සඳහා උපදෙස් –

  • සමහර අවස්ථාවල දී ජල මූල (පොකුණ, වැව්, ගංගා ආදී) පාසිවලින් වැසී යාමට හේතු
    මොනවා දැයි සිසුන්ගෙන් ප්‍රශ්න අසා කරුණු රැස් කරන්න.
  • ද්‍රවිත ජලයේ ගුණාත්මක භාවය පරීක්ෂා කිරීම සඳහා යොදා ගන්නා භෞතික පරාමිති
    ලෙස pH අගය, ආවිලතාව, කඨිනත්වය, සන්නායකතාව හා උෂ්ණත්වය ද රසායනික
    පරාමිති ලෙස DO හාCOD ද පැහැදිලි කරන්න.
  • සුපෝෂණය ඇති වීමට හේතු වන අයන වර්ග හඳුන්වා දෙන්න.
  • ජල මුලවලට ඉහත සඳහන් අයන එකතු වන ආකාරය සඳහන් කරන්න.
  •  සුපෝෂණය නිසා පැන නඟින ගැටලු සාකච්ඡා කරන්න.
  • කාර්මික ක්‍රියාවලින් මගින් නිදහස් වන අප ජලයේ අඩංගු වන ජල ද්‍රාව්‍ය කාබනික
    සංයෝග පිළිබඳ ව සාකච්ඡා කරන්න.
  • ඉහත ක්‍රියාවලි මගින් පරිසරයට හා ජලයේ ගුණාත්මක භාවයට ඇති වන බලපෑම
    පැහැදිලි කරන්න.
  • කර්මාන්තවලි පිට වන අප ජලයේ අඩංගු විය හැකි බැර ලෝහ පිළිබඳ ව පෙර දැනුම
    විමසන්න.
  • බැර ලෝහ මගින් පරිසරයට හා මිනිසාගේ සෞඛ්‍යයට ඇති විය හැකි අහිතකර බලපෑම්
    පිළිබඳ ව සාකච්ඡා කරන්න.
  • ද්‍රවිත ඔක්සිජන් (DO) හා රසායනික ඔක්සිජන් ඉල්ලුම (COD) මගින් ජල දූෂණය හඳුනා
    ගන්නා ආකාරය පිළිබඳ ව විස්තර කරන්න.
  • ජල දූෂණය අවම කර ගැනීම සඳහා යොදා ගත හැකි ආරක්ෂාකාරී ක්‍රියා මාර්ග සාකච්ඡා
    කරන්න.

ඇගයීම් හා තක්සේරුකරණය –

  • කණ්ඩායම් ක්‍රියාකාරකම් ලෙස පහත සඳහන් එක් එක් කර්මාන්ත මගින් සිදු වන
    පාරිසරික බලපෑම සහ ඒවා අවම කර ගන්නා අයුරු ඉදිරිපත් කිරීමේ හැකියාව අගයන්න.
    ■ හේබර් ක්‍රමයෙන් ඇමෝනියා නිෂ්පාදනය
    ■ ස්පර්ශ ක්‍රමයෙන් සල්ෆියුරික් අම්ලය නිෂ්පාදනය
    ■ පටල කෝෂ ක්‍රමයෙන් සෝඩියම් හයිඞ්රොක්සයිඞ් නිෂ්පාදනය
    ■ ඔස්වල්ඞ් ක්‍රමයෙන් නයිට්රික් අම්ලය නිෂ්පාදනය
    ■ සොල්වේ ක්‍රමයෙන් සෝඩියම් කාබනේට් නිෂ්පාදනය

නිපුණතා මට්ටම 14.8 –

කාලච්ඡේද ගණන –

ඉගෙනුම් ඵල –

  • බලපෑම් විස්තර කරයි
  • ජල දූෂණයට හේතුවන සුලබ බැරලොහ් හා ඒවායින් සිදු වන පාරිසරික බලපෑම් පැහැදිලි කරයි
  • ද්‍රවිත ඔක්සිජන් රසායනික ඔක්සිජන් ඉල්ලුම උෂ්ණත්වය, අගය, ආවිලතාව හා කඨිනත්වය ජලයේ තත්ත්වය පිළිබඳ පරාමිති බව පැහැදිලි කරයි
  • කාර්මික අපවාහවල අඩංගු දූෂක අවම කිරීම සඳහා තනා ඇති පූර්වෝපාය විස්තර කරයි

පාඩම් සැලසුම් සඳහා උපදෙස් –

  • සමහර අවස්ථාවලදී ජල මුල (පොකුණ, වැව්, ගංගා ආදී) පාසි වලින් වැසියාමට හේතු මොනවාදැයි සිසුන්ගෙන් ප්‍රශ්න අසා කරුණු රැස් කරන්න
  • සුපෝෂණය ඇතිවීමට හේතුවන අයන වර්ග හදුන්වා දෙන්න
  • ජල මුල වලට ඉහත සදහන් අයන එකතුවන ආකාරය සදහන් කරන්න
  • සුපෝෂණය නිසා පැන නගින ගැටලු සාකච්ඡා කරන්න
  • කාර්මික ක්‍රියාවලින් මගින් නිදහස් වන අප ජලයේ අඩංගු වන ජලයේ ද්‍රාවිත කාබනික සංයෝග පිළිබදව සාකච්චා කරන්න
  • ඉහත ක්‍රියාවලින් මගින් පරිසරයට හා ජලයේ ගුණාත්මක භාවයට ඇතිවන බලපෑම පැහැදිලි කරන්න
  • කර්මාන්තවලින් පිටවන අප ජලයේ අඩංගු විය හැකි බැර ලෝහ පිළිබදව පෙර දැනුම විමසන්න
  • බැර ලෝහ මගින් පරිසරයට හා මිනිසාගේ සෞඛ්‍යයට ඇතිවිය හැකි අහිතකර බලපෑම් පිළිබද සාකච්ඡා කරන්න
  • ද්‍රාවිත ගුණාත්මකභාවයට පරීක්ෂා කිරීම සදහා යොදා ගන්නා පරාමිතීන් ලෙස pH අගය, ආම්ලිකතාව, කඨිනත්වය හා උෂ්ණත්වය හදුන්වා දෙන්න
  • ජල දුෂණය අවම කර ගැනීම සදහා යොදා ගත හැකි ආරක්ෂාකාරී ක්‍රියා මාර්ග සාකච්ඡා කරන්න

ඇගයීම් හා තක්සේරුකරණය –

  • කණ්ඩායම් ක්‍රියාකාරකම් පහත සදහන් එක් එක් කර්මාන්ත මගින් සිදුවන පාරිසරික බලපෑම සහ ඒවා අවම කර ගන්නා ඇගයීම් හා තක්සේරුකරණය
    • හේබර් ක්‍රමය මගින් NH3 නිෂ්පාදනය
    • ස්පර්ශ ක්‍රමය මගින් H2SO4 නිෂ්පාදනය
    • පටල ක්‍රමය මගින් NaOH නිෂ්පාදනය
    • ඔස්වල්ඞ් ක්‍රමය මගින් HNO3 නිෂ්පාදනය
    • සොල්වේ ක්‍රමය මගින් Na2CO3 නිෂ්පාදනය

You Might Also Like