A/Level Chemistry Syllabus

13 ඒකකය – විද්‍යුත් රසායනය

ඒකකය 13 – විද්‍යුත් රසායනය

 

නිපුණතාව 13.0 –

විද්‍යුත් රසායනික පද්ධතිවල ප්‍රායෝගික වැදගත්කම විමර්ශනය කරයි

නිපුණතා මට්ටම 13.1 –

ජලීය ද්‍රාවණයේ ඇති ද්‍රව්‍යවල ස්වභාවය හා සන්ද්‍රණය පිළිබදව අවබෝධය ලබනු වන සේ සන්නායකතාවය භාවිත කරයි

කාලච්ඡේද ගණන –

07

ඉගෙනුම් ඵල –

  • ප්‍රබල විද්‍යුත් විච්ජේද්‍ය, දුබල විද්‍යුත් – විච්ජේද්‍ය හා විද්‍යුත් අවිච්ජේද්‍ය යන පද පැහැදිලි කරයි
  • ජලීය මාධ්‍යයේ ප්‍රභල විද්‍යුත් විච්ජේද්‍ය, දුවල විද්‍යූත් විච්ජේද්‍ය හා විද්‍යුත් අවිච්ජේ්‍ය සඳහා නිදසුන් ප්‍රකාශ කරයි
  • ධාරාව ගෙන යන අංශු සචල අයන හා සචල ඉලෙක්ට්‍රෝන ඇසුරින් විද්‍යුත් සන්නායක හා අයනික සන්නායක සසඳයි
  • විද්‍යුත් විච්ජේද්‍යයක් හරහා විද්‍යුත් ධාරාවක් ගැලීමට ඉලෙක්ට්‍රෝඩ දෙකම අසල ඉලෙක්ට්‍රෝඩ ප්‍රතික්‍රියා සිදුවිය යුතු බව ප්‍රකාශ කරයි
  • ප්‍රතිරෝධය හා ප්‍රතිරෝධකතාව යන පද අර්ථදක්වයි
  • සන්නායකතාව හා සන්නායනතාව යන පද අර්ථ දක්වයි
  • විද්‍යුත් විච්ජේද්‍යයක ද්‍රාවණයක සන්නායකතාව කෙරෙහි බලපාන සධක ප්‍රකාශ කරයි
  • සන්නායකතාවේ පරිමේය හා පරිමේය නොවන ඒකක ව්‍යුත්පන්න කරයි
  • දෙන ලද දත්ත භාවිතයෙන් විවිධ ජල නියැදිවල සන්නායකතා සසදයි (සන්නායකතා ගණනය කිරීම අනවශ්‍යය)

පාඩම් සැලසුම් සඳහා උපදෙස් –

  • විද්‍යුත් විච්ඡේදනය, විද්‍යුත් අවිච්ඡේද්‍යය, ප්‍රබල විද්‍යුත් විච්ඡේද්‍යය හා දුබල විද්‍යුත් විච්ඡේද්‍යය යන පද සුදුසු උදාහරණ දෙමින් හදුන්වන්න
  • විද්‍යුතය සන්නයනය වීමට අවශ්‍ය සචල ඉලෙක්ට්‍රෝන හා සචල අයන යොදා ගනිමින් ධාරාව සන්නයනය වීමේ යාන්ත්‍රණය පැහැදිලි කරන්න
  • විද්‍යුත් විච්ඡේද්‍යයක් හරහා ධාරාවක් සන්නයනය වීම සදහා ඉලෙක්ට්‍රෝඩ දෙකෙහිම ප්‍රතික්‍රියා සිදුවිය යුතු බව ප්‍රකාශ කරන්න
  • ප්‍රතිරෝධය, ප්‍රතිරෝධතාව, සන්නායනය හා සන්නායකතාව යන පද අර්ත දක්වන්න
  • ඉහත පද අතර ඇති සම්බන්ධතාව පෙන්වා දෙන්න
  • විද්‍යුත් විච්ඡේද්‍ය ද්‍රාවණයක සන්නායකතාව කෙරෙහි බලපාන සාධක පිළිබදව සාකච්ඡා කරන්න (සාන්ද්‍රණය, උෂ්ණත්වය විද්‍යුත් විච්ඡේද්‍යයේ ස්වභාවය)
  • විවිධ ජල නියැදිවල සන්නායකතා සන්සන්දනය කිරීමට දෙන ලද දත්ත භාවිත කරන්න

ඇගයීම් හා තක්සේරුකරණය –

  • දෙන ලද රසායනික ද්‍රව්‍ය ප්‍රබල විද්‍යුත් විච්ඡේද්‍ය, දුබල විද්‍යුත් විච්ඡේද්‍ය හා විද්‍යුත් අවිච්ඡේද්‍ය ලෙස වර්ග කිරීමට ඇති හැකියාව අගයන්න
  • ඉහත ද්‍රව්‍ය අයනික සන්නායක හා විද්‍යුත් සන්නායක ලෙස වෙන් කිරීමට ඇති හැකියාව තක්සේරු කරන්න

නිපුණතා මට්ටම  13.2 –

සමතුලිතතාවේ ඇති ඉලෙක්ට්‍රොඩ හා ඒවාට අදාල ප්‍රතික්‍රියා විමර්ශනය කරයි

කාලච්ඡේද ගණන –

10

ඉගෙනුම් ඵල –

  • ලෝහ – ලෝහ අයන ඉලෙක්ට්‍රෝඩයක් කටුසටහන් කරයි
  • නිදසුන් දෙමින් සුලබ ලෝහ-ලෝහ අයන ඉලෙක්ට්‍රෝඩවල ඉලෙක්ට්‍රෝඩ ප්‍රතික්‍රියා ලියයි
  • ඉලෙක්ට්‍රෝඩ / විද්‍යුත් – විච්ජේද්‍ය අතුරු මුහුණතේදී ඉලෙක්ට්‍රෝඩය හා එකී ද්‍රාවණය අතර විභව අන්තරයක ඇතිවන අයුරු විස්තර කරයි
  • විවිධ වර්ගයේ ඉලෙක්ට්‍රෝඩ රූපසටහන් ඇසුරින් විදහා දක්වයි. (වායු ඉලෙක්ට්‍රෝඩ, ලෝහ-ලෝහ අයන ඉලෙක්ට්‍රෝඩ, රෙඩොක්ස් ඉලෙක්ට්‍රෝඩ)
  • විවිධ වර්ගයේ ඉලෙක්ට්‍රෝඩ සඳහා ප්‍රතිවර්ත්‍ය ඉලෙක්ට්‍රෝඩ ප්‍රතික්‍රියා ලියයි
  • සම්මත ඉලෙක්ට්‍රෝඩය අර්ථදක්වයි
  • සම්මත අංකනයෙන් කෝෂ නිරූපණය කරයි

පාඩම් සැලසුම් සඳහා උපදෙස් –

  • ලෝහ – ලෝහ අයන ඉලෙක්ට්‍රෝඩයක් සාදා ගන්නා ආකාරය පැහැදිලි කරන්න
  • සුදුසු උදාහරණ භාවිතා කර ලෝහ – ලෝහ අයන ඉලෙක්ට්‍රෝඩ කටු සටහන් කරන්න
  • ලෝහය හා විද්‍යුත් විච්ඡේද්‍ය ද්‍රාවනය අතර විභව අන්තරයක් හටගන්නා අන්දම හා එහි ඍජු විභවය මැනිය නොහැකි විම පිළිබදව සාකච්ඡා කරන්න
  • ඉලෙක්ට්‍රෝඩවල විභව අන්තරය ඍජුව මැනීමට නොහැකි වීමට හේතු පැහැදිලි කරන්න
  • සම්මත තත්ත්ව දක්වමින් සම්මත ඉලෙක්ට්‍රෝඩ අර්ථ දක්වන්න
  • විවිධ වර්ගවල ඉලෙක්ට්‍රෝඩ හදුන්වා දෙන්න. ලෝහ – අද්‍රාව්‍ය ලවණ ඉලෙක්ට්‍රෝඩ වායු ඉලෙක්ට්‍රෝඩ (O2, H2, Cl2) රෙඩොක්ස් ඉලේකට්‍රෝඩ
  • සුදුසු උදාහරණ භාවිතා කර ඉහත ඉලෙක්ට්‍රෝඩ සාදා ගන්නා අයුරු පැහැදිලි කරන්න
  • ඉහත ඉලෙක්ට්‍රෝඩ සදහා අර්ධ ඉලෙක්ට්‍රෝඩ ප්‍රතික්‍රියා ලියන ආකාරය පැහැදිලි කරන්න
  • ඉලෙක්ට්‍රෝඩයක සම්මත අංකනය අර්ථ දක්වන්න

ඇගයීම් හා තක්සේරුකරණය –

  • දෙන ලද විවිධ වර්ගයේ ඉලෙක්ට්‍රෝඩ සදහා කටු සටහන් ඇදීම සම්මත අංකනය සදහන් කිරීම හා අර්ධ ඉලෙක්ට්‍රෝඩ ප්‍රතික්‍රියා ලිවීමට ඇති හැකියාව අගයන්න

නිපුණතා මට්ටම 13.3 –

විද්‍යුත් රසායනික කෝෂවල ගුණ නිර්ණය කරයි

කාලච්ඡේද ගණන –

15

ඉගෙනුම් ඵල –

  • ඉලෙක්ට්‍රෝඩයක ඉලෙක්ට්‍රොඩ් විභවය අර්ථදක්වයි
  • සැසදුම් ඉලෙක්ට්‍රෝඩයක් ලෙස සම්මත හයිඞ්රජන් ඉලෙක්ට්‍රෝඩය හඳුන්වා දෙයි
  • ප්‍රායෝගික සැසදුම් ඉලෙක්ට්‍රෝඩය ලෙස සිල්වර් – සිල්වර් ක්ලෝරයිඞ් ඉලෙක්ට්‍රෝඩය හඳුන්වා දෙයි
  • රූප සටහන් ආධාරයෙන් විද්‍යුත් රසායනික කෝෂ සඳහා නිදසුන් සපයයි
  • විද්‍යුත් රසායනික කෝෂයක සම්මත අංකනය ඉදිරිපත් කරයි
  • ද්‍රව සන්ධියක් සහිත හා රහිත කෝෂ හදුන්වා දෙයි
  • ඉලෙක්ට්‍රෝඩවලින් සමන්විත සරල විද්‍යුත් රසායනික කෝෂවල ඉලෙක්ට්‍රෝඩ ප්‍රතික්‍රියා ලියයි
  • ඉලෙක්ට්‍රෝඩයක සම්මත ඉලෙක්ට්‍රෝඩ විභවය මනින අකාරය පැහැදිලි කරයි
  • ඉලෙක්ට්‍රෝඩයක විභවය කෙරෙහි බලපාන සාධක ප්‍රකාශ කරයි
  • ඉලෙක්ට්‍රෝඩයක සම්මත ඉලෙක්ට්‍රෝඩ විභවය අර්ථදක්වයි
  • විද්‍යුත්ගාමක බලය අර්ථ දක්වයි
  • විද්‍යුත්ගාමක බලයට අදාල සරළ ගැටලු විසදයි
  • විද්‍යුත්ගාමක බලය කෙරෙහි බලපාන සාධක විස්තර කරයි
  • එදිනෙදා භාවිත කරන ප්‍රායෝගික විද්‍යුත් රසායනික කෝෂ සදහා උදාහරණ සැපයයි. (ලෙක්ලාන්ච් කෝෂය, ඩැනියල් කෝෂය, ඊයම් අම්ල ඇකියුමිලේටරය)
  • ඩැනියල් කෝෂයේ රූප සටහන අදීයි
  • සම්මත ඉලෙක්ට්‍රෝඩ විභව උපයෝගී කර ගනිමින් විද්‍යුත් රසායනික ශ්‍රේණිය ගොඩනඟයි
  • ලෝහ, විද්‍යුත් රසායනික ශ්‍රේණියේ දරන ස්ථානය හා ඒවායේ පැවැත්ම, නිස්සාරණ ක්‍රම හා රසායනික ගුණ අතර ඇති සම්බන්ධතා විස්තර කරයි
  • සුලභ ලෝහ කිපයක් විද්‍යුත් රසායනික ශ්‍රේණියේ පවතින සාපේක්ෂ ස්ථානය පරීක්ෂණාත්මක නිර්නය කරයි
  • සම්මත Ag(s) / AgCl(s) / Cl‾(aq) ඉලෙක්ට්‍රෝඩය පිළියෙල කරයි

පාඩම් සැලසුම් සඳහා උපදෙස් –

  • සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩ අර්ථ දක්වන්න
  • සැසදුම් ඉලෙක්ට්‍රෝඩයක් ලෙස සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩයේ ඇති වැදගත්කම සදහන් කරමින් එම ඉලෙක්ට්‍රෝඩය රූප සටහන් ආධාරයෙන් පැහැදිලි කරන්න
  • සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩය වෙනුවට යොදාගත හැකි ප්‍රායෝගික සැසදුම් ඉලෙක්ට්‍රෝඩයක් ලෙස සිල්වර් – සිල්වර් ක්ලොරයිඞ් ඉලෙක්ට්‍රෝඩයේ ව්‍යුහය ඉදිරිපත් කරන්න
  • විද්‍යුත් රසායනික කෝෂයක් සාදා ගන්නා ආකාරය හා එය රූප සටහනක් මගින් නිරුපණය කරන ආකාරය පැහැදිලි කරන්න
  • ද්‍රව සන්ධියක් ඇති හා ද්‍රව සන්ධියක් නැති විද්‍යුත් රසායනික කෝෂ පිළිබදව විස්තර කරන්න
  • විද්‍යුත් රසායනික කෝෂවල ඇනොඩ් යෙදී් හා කැතෝඩයේදී සිදුවන ඉලෙක්ට්‍රෝඩ ප්‍රතික්‍රියා ලියා දක්වන්න
  • ඉලෙක්ට්‍රෝඩයක සම්මත ඉලෙක්ට්‍රෝඩ විභවය E අර්ථ දක්වන්න
  • සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩ භාවිත කර සම්මත ඉලෙක්ට්‍රෝඩ විභවය මනින ආකාරය පැහැදිලි කරන්න
  • සම්මත ඉලෙක්ට්‍රෝඩ විභවය කෙරෙහි බලපාන සාධක පළි බි දව සාකච්ඡා කරන්න
  • E – (කැතෝඩය) E (ඇනෝඩය) හා යන සමීකරණය ඉදිරිපත් කර විද්‍යුත් රසායනික කෝෂයක සම්මත විද්‍යුත් ගාමකබලය යන පදය හදුන්වා දෙන්න
  • විද්‍යුත්ගාමක බලය කෙරෙහි බලපාන සාධක සාකච්ඡා කරන්න
  • විවිධ විද්‍යුත් රසායනික කෝෂවල Ecell ජැකක අගයයන් සන්සන්දනය කරන්න
  • නිදසුන් කිපයක් ඉදිරිපත් කරමින් විද්‍යුත් රසායනික කෝෂයක සම්මත අංකනය හදුන්වා දෙන්න
  • විවිධ ඉලෙක්ට්‍රෝඩවල විභව සැලකිල්ලට ගෙන විදයුත් රසායනික ශ්‍රේණිය ගොඩනගන ආකාරය පැහැදිලි කරන්න
  • විද්‍යුත් රසායනික ශ්‍රේණියේ ලෝහ හා අලෝහ පිහිටන ස්ථානය සහ ඒවායේ නිස්සාරණ ක්‍රම අතර ඇති සම්බන්ධතාව පිළිබදව විස්තර කරන්න

අදාල පරීක්ෂණ –

  • සුලභව පවතින ලෝහ කිහිපයක් විදයුත් රසායනික ශ්‍රේණියේ පවතින ස්ථානය පරීක්ෂණාත්මකව නිර්නය කිරීම
  • සම්මත Ag(s) / AgCl(s) / Cl‾(aq) ඉලෙක්ට්‍රෝඩය පිළියෙල කිරීම

ඇගයීම් හා තක්සේරුකරණය –

  • පහත සදහන් ආකාරයේ ප්‍රශ්න ලබාදීම මගින් විද්‍යුත් රසායනික කෝෂ පිළිබදව ලබා ඇති දැනුම අගයන්න
    උදාහරණ:- Zn හා Mg ඉලෙක්ට්‍රොඩ් යොදා ඇති විද්‍යුත් රසායනික කෝෂය
    සලකන්න. (Zn හා Mg  වල E° අගයයන් දෙන්න)

    1. ඉහත කෝෂයේ සම්මත අංකනය ලියන්න
    2. එහි ඇනෝඩයේ හා කැතොඩ් යේ සිදුවන අර්ධ කොෂ් ප්‍රතික්‍රියා ලියන්න
    3. සම්මත කෝෂ ප්‍රතික්‍රියාව ලියන්න
    4. කෝෂයේ ඍණ අග්‍රය කුමක් ද?
    5. කෝෂයේ ධන අග්‍රය කුමක් ද?
    6. E°  cell ගණනය කරන්න

නිපුණතා මට්ටම 13.4 –

විද්‍යුත් විච්ඡේදන ක්‍රියාවලියේදී සපිරිිය යුතු අවශ්‍යතා හදුනාගනමින් ෆැරඬේ නියමය භාවිත කර අදාළ ගණනය කිරීම් සිදු කරයි

කාලච්ඡේද ගණන –

08

ඉගෙනුම් ඵල –

  • විද්‍යුත් විච්ජේදනය අර්ථදක්වයි
  • විද්‍යුත් විච්ජේදනය මූලධර්ම විස්තර කරයි
  • සරල විද්‍යුත් විච්ජේදන පද්ධතිවල ඵල පුරෝකථනය කරයි
  • ෆැරඬේ නියතය ප්‍රකාශ කරයි
  • ෆැරඬේ නියතය මත පදනම් වූ සරල ගැටලු විසදයි

පාඩම් සැලසුම් සඳහා උපදෙස් –

  • විද්‍යුත් විච්ඡේදනය යන පදය අර්ථ දක්වන්න
  • විද්‍යුත් විච්ඡේදනය සම්බන්ධ මුල ධර්ම සාකච්ඡා කරන්න
  • සක්‍රීය හා අක්‍රීය ඉලෙක්ට්‍රෝඩ යොදා ගනිමින් සිදු කරන විවිධ වර්ගයේ විද්‍යුත් විච්ඡේද්‍ය පද්ධති පැහැදිලි කරන්න
    • විලීන ද්‍රාවණ විද්‍යුත් විච්ඡේදනය (NaCl(l))
    • ජලීය ද්‍රාවණවල විද්‍යුත් විච්ඡේදනය. (NaCl(aq) හා CuSO4(aq) ද්‍රාවණ වෙන වෙනම Cu ඉලෙක්ට්‍රෝඩ යොදා ගනිමින්)
  • විද්‍යුත් විච්ඡේදනයෙන් ලැබෙන ඵල පුරෝකථනය කරන අයරු සාකච්ඡා කරන්න
  • ෆැරඬේ නියමය හදුන්වා දෙන්න
  • විද්‍යුත් විච්ඡේදනය සම්බන්ධ ගැටලු විසදීමට ෆැරඬේ නියමය භාවිතා කරන අයුරු පැහැදිලි කරන්න

ඇගයීම් හා තක්සේරුකරණය –

  • දෙන ලද විද්‍යුත් විච්ඡේද්‍ය ක්‍රියාවලීන් මගින් ලබා ගත හැකි ඵල ලියා දක්වීමට ඇති හැකියාව අගයන්න
  • ෆැරඬේ නියම යොදා ගනිමින් විද්‍යුත් විච්ඡේදනයේ දී විසර්ජනය වන මුල ද්‍රව්‍යයන්ගේ ස්කන්ධ ගණනය කිරීමට ඇති හැකියාව තක්සේරු කරන්න

You Might Also Like