A/Level Chemistry Syllabus

12 ඒකකය – සමතුලිතතාව

ඒකකය 12 – සමතුලිතතාව

 

නිපුණතාව 12.0 –

ගතික සමතුලිතතාවේ පවතින සංවෘත පද්ධතිවල මහේක්ෂ ගුණ ප්‍රමාණාත්මකව නිර්ණය කිරීම සඳහා සමතුලිතතාව පිළිබඳ සංකල්පය හා මුලධර්ම භාවිතා කරයි

නිපුණතා මට්ටම 12.1 –

සමතුලිතතාව පිළිබඳ සංකල්ප ඇසුරින් පද්ධතිවල මහේක්ෂ ගුණ ප්‍රමාණාත්මකව නිර්ණය කරයි

කාලච්ඡේද ගණන –

19

ඉගෙනුම් ඵල –

  • සංවෘත පද්ධතියක සිදුවන ප්‍රතිවර්ත්‍ය ප්‍රතික්‍රියා යොදා ගනිමින් ගතික සමතුලිතතාව පැහැදිලි කරයි
  • පද්ධතියක මහේක්ෂ ගුණ පද්ධතිය සමතුලිතතාවට පත්වූ පසු වෙනස් නොවන බව ප්‍රකාශ කරයි
  • සමතුලිතතාවේ පවත්නා පද්ධති විස්තර කිරීම සඳහා අවස්ථා විපර්යාස, ද්‍රාවණවල සමතුලිතතා, රසායනික පද්ධති, අයනික පද්ධති, අල්ප වශයෙන් ද්‍රාව්‍ය පද්ධති හා ඉලෙක්ට්‍රොඩ් වැනි භෞතික හා රසායනික ක්‍රියාවලි නිදසුන්ලෙස භාවිත කරයි
  • සමතුලිතතා නියමයට ප්‍රකාශ කරයි
  • දෙන ලද පද්ධති සඳහා සමතුලිතතා නියත (Kp , Kc) ලියා දක්වයි
  • Kp හා Kc අතර සම්බන්ධතාවය ව්‍යුත්පන්න කරයි
  • සමතුලිතතා ලක්ෂ්‍යය පැහැදිලි කරයි
  • ලේ චැටලියර් මූලධර්මය අර්ථ දක්වයි
  • බාහිර බලපෑමකට යටත් කරන ලද සමතුලිත පද්ධතියක් කෙරෙහි ලේ චැටලියර් මුලධර්මයේ බලපෑම ප්‍රරෝකථනය කරයි
  • සමතුලිතතාව කෙරෙහි සාන්‍ද්‍රණය, පීඩනය, උෂ්ණත්වය හා උත්ප්‍රේරක බලපාන ආකාරය විස්තර කරයි
  • Kp හා Kc මත පදනම් වූ ගැටලු විසඳයි.
  • Fe³+ / SCN‾ සමතුලිත පද්ධතිය කෙරෙහි සාන්ද්‍රණය බලපෑම පරීක්ෂා කරයි
  • NO2 හා N2O4 සමතුලිත පද්ධතිය කෙරෙහි උෂ්ණත්වයේ බලපෑම පරීක්ෂා කරයි

පාඩම් සැලසුම් සඳහා උපදෙස් –

  • එදිනෙදා ජීවිතයේ හමුවන උදාහරණ භාවිතා කරමින් සමතලු ති පද්ධති පළිබඳව සාකච්ඡා කරන්න
  • එම උදාහරණ සළකමින් “ගතික සමතුලිතාව” යන සංකල්පය හඳුන්වා දෙන්න
  • CrO22- / Cr2O72- පද්ධතිය ආදර්ශනය කරමින් සමතුලිත පද්ධතියක ප්‍රතිවර්ත්‍යතාව පිළිබඳව අදහසක් ලබා දෙන්න
  • සමතුලිත පද්ධතියක ලාක්ෂණික ගුණාංග සාකච්ඡා කරන්න
  • ගතික සමතුලිත පද්ධති වර්ග පිළිබඳව සුදුසු නිදසුන් සපයමින් සාකච්ඡා කරන්න. (රසායනික, අයනික, කලාප සහ ඉලෙක්ට්‍රෝඩ සමතුලිත හා පද්ධති)
  • සමතුලිතතා නියමය සඳහන් කරයි
  • සුදුසු නිදසුන් යොදා ගනිමින් රසායනික සමතුලිත පද්ධති හඳුන්වා දෙන්න
  • දෙන ලද රසායනික පද්ධති සදහා සමතුලිතා නියත (Kp හා Kc) සදහා ප්‍රකාශන ලිවීමට යොමු කරන්න
  • Kp හා Kc අතර සම්බන්ධතාවය ව්‍යුත්පන්න කරන්න
  • දෙන ලද දත්ත භාවිත කර රසායනික සමතුලිත පද්ධති සදහා Kසහ Kc ගණනය කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දෙන්න
  • සමතුලිත ලක්ෂ්‍ය හදුන්වා දෙන්න
  • සමතුලිත පද්ධතියන් කෙරෙහි බලපාන සාධක (උෂ්ණත්වය, සාන්ද්‍රණය හා පීඩනය) පිළිබදව සාකච්ඡා කරන්න
  • ලේචැටයර් මුල ධර්මය යොදා ගනිමින් සමතුලිත පද්ධතියකට ඉහත සදහන්සා ධක බලපාන ආකාරය විස්තර කරන්න
  • Kp සහ Kc මත පදනම් වු ගැටලු විසදීමට සිසුන්ට අවස්ථාව සලසා දෙන්න

අදාල පරීක්ෂණ –

  • Fe³+ / SCN‾ පද්ධතිය සලකමින් ගතික සමතුලිත පද්ධතියක ලාක්ෂණික ගුණ පරීක්ෂණාත්මකව අධ්‍යයනය කිරීම
  • NO2 හා N2O4 යන සමතුලිත පද්ධතිය කෙරෙහි උෂ්ණත්වයේ බලපෑම පරීක්ෂණාත්මකව අධ්‍යයනය කිරීම

ඇගයීම් හා තක්සේරුකරණය –

  • සමතුලිත පද්ධතියකට බලපෑමක් ඇති කළ විට එහි සමතුලිත ලක්ෂ්‍ය වෙනස්වන ආකාරය පැහැදිලි කිරීමට ඇති හැකියාව අගයන්න
  • දෙන ලද දත්ත භාවිතයෙන් නච සහ නජ ට සම්බන්ධ විවිධ ගැටලු විසදීමට ඇති හැකියාව අගයන්න

නිපුණතා මට්ටම  12.2 –

දුබල අම්ල, ප්‍රබල අම්ල, ආම්ලික ලවණ හා භාෂ්මික ලවණ හා සම්බන්ධ සමතුලිතතාවය පද්ධතිවල ගුණ

කාලච්ඡේද ගණන –

20

ඉගෙනුම් ඵල –

  • සුදුසු නිදසුන් ඇසුරින් ආහීනියස් වාදය, බ්‍රෝන්ස්ටඞ් – ලෝරි වාදය හා ලුවිස්වාදය පැහැදිලි කරයි
  • සංයුග්මක අම්ල හා භෂ්ම හඳුන්වා දෙයි
  • Kw , Ka හා Kb සඳහා ප්‍රකාශන ඉදිරිපත් කරයි
  • Ka, Kb තනුකරණ නියමය සඳහා සමීකරණ ව්‍යුත්පන්න කරයි
  • සංයුග්මක අම්ල-භෂ්ම යුගලවල Ka හා Kඅතර සම්බන්ධතාව ව්‍යුත්පන්න කරයි
  • Kw , Ka හා Kභාවිතා කරමින් ගැටලු විසදයි
  • pH අර්ථදක්වයි
  • අම්ල හා භස්මවල ජලීය ද්‍රාවණවල pH ගණනය කරයි
  • කැටායන හා ඇනායනවල ජල විච්ඡේදනය සලකමින් අම්ල, භෂ්ම හා ලවණවල ජලීය ද්‍රාවණවල ච්‍ය ගණනය කරයි
  • අනුමාපන භාවිත කරමින් ගැටලු විසදයි
  • අම්ල – භෂ්ම දර්ශක (pH දර්ශක) ප්‍රබල අම්ල හෝ දුබල භෂ්ම හෝ බව ප්‍රකාශ කරයි
  • දර්ශකවල අයනීකරණය නොවූ හා අයනීකරණය වූ ආකාර, වෙනස් වර්ණවලින් යුක්ත බව ප්‍රකාශ කරයි
  • දර්ශකයක pH පරාසය එහි විඝනය නියතය (KIn ) මත රැදී පවතින බව ප්‍රකාශ කරයි
  • දර්ශකයක් තෝරා ගැනීම, pH ක්ෂණික වෙනසක් සිදුවන ච්‍යපරාසය මත හෝ අනුමාපනයේ සමකතා ලක්ෂයයේ pH අගයට අනුරූප වන, දර්ශකයේ pKIn අගය මත රැදී පවතින බව ප්‍රකාශ කරයි
  • දෙන ලද අනුමාපනයකට සුදුසු දර්ශකය තෝරා ගැනීම සඳහා දර්ශක පිළිබඳ වාදය භාවිතයට ගනියි
  • අම්ල – භෂ්ම ප්‍රතික්‍රියාවල සමකතා ලක්‍ෂණයේ දී pH අගය ගණනය කරයි
  • විවිධ වර්ගයේ අම්ල – භෂ්ම අනුමාපනවල අනුමාපන වක්‍ර කටුසටහන් කරයි
  • සමකතා ලක්‍ෂ්‍යය ආසන්නයේ දී එකතු කරන ලබන කුඩා ද්‍රාවණ පරිමාවක් නිසා pH අගයේ විශාල වෙනසක් සිදුවන බව හදුනාගනියි
  • සෝඩියම් කාබනේට් – හයිඞ්රොක්ලෝරික් අම්ල අනුමාපනයේ ප්‍රධාන ලක්ෂණ ගුණාත්මකව සාකච්ඡා කරයි
  • pH අගය මැනීමෙන් ලවණ වල ජලීය ද්‍රාවණවල ආම්ලික, භාෂ්මික, උදාසීන ස්වභාවය නිර්ණය කරයි
  • පිනෝප්තැලින් හා මෙතිල් ඔරේන්ජ් භාවිතා කර Na2CO3 හා HCl අතර අනුමාපනය සිදු කරයි

පාඩම් සැලසුම් සඳහා උපදෙස් –

  • අම්ල හා භස්ම පිළිබදව පෙර දැනුම විමසන්න
  • අම්ල හා භෂ්ම පිළිබදව ඉදිරිපත් කර ඇති වාද හදුන්වා දෙන්න. (ආහීනියස් වාදය, බ්‍රොන්ස්ටඞ් – ලව්රි වාදය සහ ලුවිස් වාදය)
  • සුදුසු නිදසුන් භාවිත කරමින් සංයුග්මක අම්ල සහ භස්ම පැහැදිලි කරන්න
  • ජලයේ ස්වයං අයනීකරණය සලකමින් Kw , Ka හා Kb සදහා ප්‍රකාශන ව්‍යුත්පන්න කරන්න
  • සංයුග්මක අම්ල – භස්ම යුගලක් සදහා Ka හා Kb අතර ඇති සම්බන්ධය ව්‍යුත්පන්න කරන්න
  • pH යන පදය අර්ථ දක්වන්න
  • දෙන ලද අම්ල හා භස්ම ද්‍රාවන වල pH අගය ගණනය කිරීමට ඉඩ සලසා දෙන්න
  • කැටායන හා ඇනායන වල ජල විච්ඡේදනය සදහා අදාල ප්‍රතික්‍රියා ලිවීමට ඉඩ සලසා දෙන්න
  • දර්ශක පිළිබඳ පෙර දැනුම විමසන්න
  • දර්ශක පිළිබද සිද්ධාන්තය සාකච්ඡා කරන්න. (වර්ණ විපර්යාස, pH පරාස, pKIn)
  • අම්ල – භස්ම දර්ශක යනු දුබල අම්ල හෝ දුබල භස්ම වන බව අවධාරනය කරනන්
  • දර්ශකයක් අයනීකරණය වු හා නොවු තත්ත්ව යටතේදී එකිනෙකට වෙනස් වර්ණ පෙන්නුම් කරන අයුරු පැහැදිලි කරන්න
  • දර්ශකයක pH පරාසය එහි විඝටන නියතය, KIn මත රදා පවතින බව ප්‍රකාශ කරන්න
  • දෙන ලද අම්ල – භෂ්ම අනුමාපනයකට යෝග්‍ය දර්ශකය තෝරා ගන්නා අයුරු පැහැදිලි කරන්න
  • අම්ල / භෂ්ම අනුමාපනයක අන්ත ලක්ෂ්‍යයේ pH අගය ගණනය කිරීමට ඉඩ සලස්වන්න
  • විවිධ අම්ල/භෂ්ම අනුමාපන සදහා අනුමාපන චක්‍ර (pH වක්‍ර) අදින අයුරු සුදුසු රූප සටහන් සහිතව පැහැදිලි කරන්න
  • අනුමාපනයක සමකතා ලක්ෂ්‍ය ආසන්නයේදී සිදුවන සීඝ්‍ර pH විචලනය පිළිබඳව පැහැදිලි කරන්න
  • Na2CO3 හා HCl අතර අනුමාපනයට අදාල සිද්ධාන්ත සාකච්ඡා කරන්න

අදාල පරීක්ෂණ –

  • pH අගය මැනීම මගින් ජලීය ද්‍රාවණවල ආම්ලික/භාෂ්මික/ උදාසීන ස්වභාවය පරීක්ෂණාත්මකව නිර්ණය කිරීම
  • දර්ශක ලෙස පිනෝප්තලීන් හා මෙතිල් ඔරේන්ජ් භාවිත Na2CO3 හා HCl අතර අනුමාපනය සිදු කිරීම

ඇගයීම් හා තක්සේරුකරණය –

  • විවිධ වර්ගයේ ද්‍රාවන වල ච්‍ය අගය ගණනය කිරීමට ඇති හැකියාව අගයන්න. උදාහරණ පහත ද්‍රාවණ වල ච්‍ය අගය ගණනය කරන්න
    • 0.1 moldm-3 HCl ද්‍රාවණයක
    • 0.1 moldm-3 NaOH ද්‍රාවණයක
    • 0.1 moldm-3 CH3COOH ද්‍රාවණයක (Ka = 1×10-5 moldm-3)
    • 0.1 moldm-3 NH4OH ද්‍රාවණයක (Kb = 1×10-5 moldm-3)
    • 0.1 moldm-3 HCl 250 cm3 ක් හා 0.1 moldm-3 CH3COOH 250 cmමිශ්‍ර කර ඇති ද්‍රාවණයක
    • 0.1 moldm-3 HCl 250 cm3 ක් හා 0.1 moldm-3 NaOH 250 cmමිශ්‍ර කර ඇති ද්‍රාවණයක
  • දෙන ලද අනුමාපනයක් සදහා දෙන ලද දර්ශක වලින් වඩා යෝග්‍ය දර්ශකය තෝරා ගැනීමට ඇති හැකියාව අගයන්න

නිපුණතා මට්ටම 12.3 –

අවශ්‍යතා අනුව ස්වාරක්ෂක ද්‍රාවණ පිළියෙල කරයි

කාලච්ඡේද ගණන –

12

ඉගෙනුම් ඵල –

  • ස්වාරක්‍ෂක ද්‍රාවණයක් අර්ථදක්වයි
  • ස්වාරක්‍ෂක ද්‍රාවණ ගුණාත්මකව හා ප්‍රමාණාත්මකව විමර්ශනය කරයි
  • ඒකභාෂ්මික ස්වාරක්‍ෂක පද්ධති සඳහා හෙන්ඩර්සන් සමීකරණය ව්‍යුත්පන්න කරයි
  • සරල ගණනය කිරීම් සඳහා හෙන්ඩර්සන් සමීකරණය යොදා ගනියි
  • ස්වාරක්‍ෂක පද්ධතියක pH අගය ගුණාත්මකව හා ප්‍රමාණාත්මකව පැහැදිලි කරයි

පාඩම් සැලසුම් සඳහා උපදෙස් –

  • ස්වභාවයේ පවතින ස්වාරක්ෂක ද්‍රාවණ පිළිබඳව දැනුවත් කිරීම සදහා සාකච්ඡාවක් මෙහෙයවන්න
  • ස්වාරක්ෂක ද්‍රාවණයක් අර්ථ කථනය කරන්න
  • අම්ල හා භෂ්ම භාවිතයෙන් ස්වාරක්ෂක ද්‍රාවණයක් පිළියෙල කරගන්නා අයුරු පැහැදිලි කරන්න
  • ස්වාරක්ෂක ද්‍රාවණ වර්ග හදුන්වා දෙන්න
  • ඒක ආම්ලික හා ඒකභාෂ්මික ස්වාරක්ෂක ද්‍රාවණ සදහා හෙන්ඩර්සන් සමීකරණය ව්‍යුත්පන්න කරන්න
  • හෙන්ඩර්සන් සමීකරණය භාවිතා කර ස්වාරක්ෂක ද්‍රාවණ වල pH අගය ගණනය කිරීමට ඉඩ සලසා දෙන්න

ඇගයීම් හා තක්සේරුකරණය –

  • හෙන්ඩර්සන් සමීකරණය භාවිතා කර දෙන ලද ද්‍රාවණ මිශ්‍රණ වල ච්‍ය අගය ගණනය කිරීමට ඇති හැකියාව අගයන්න
    උදාහරණ: පහත ද්‍රාවණ මිශ්‍රණයේ pH අගය ගණනය කරන්න. 0.1 moldm-3 CH3COOH අම්ල 100cm3 ක් හා 0.1 moldm-3 NaOH 50cm3 ක් මිශ්‍ර කර ඇති ද්‍රාවණයක

නිපුණතා මට්ටම 12.4 –

ජලයේ අල්ප වශයෙන් ද්‍රාව්‍ය අයනික සංයෝග ආශ්‍රීත සමතුලිතතාව පද්ධතිවල ගුණ ප්‍රමාණය කරයි

කාලච්ඡේද ගණන –

12

ඉගෙනුම් ඵල –

  • ඇතැම් අයනික සංයෝග ජලයේ ඉතා ද්‍රාව්‍ය නමුත් සමහර අයනික සංයෝග ජලයේ යන්තමින් දියවන බව ප්‍රකාශ කරයි
  • යන්තමින් ද්‍රාව්‍ය විද්‍යුත් විච්ජේද්‍යයකට සමතුලිතතා මූලධර්මය යොදයි
  • ජලීය ද්‍රාවණ තුළ අයනික සංයෝග අවක්ෂේප වීමට අදාල මූලධර්ම විස්තර කරයි
  • පොදු අයන ආචරණය භාවිත කරයි
  • අවක්ෂේපණයෙන් හා එම අවක්ෂේපය විවිධ ප්‍රතිකාරකවල ද්‍රවණය වීම අනුසාරයෙන් කැටායන හඳුනා ගනී
  • ද්‍රාව්‍යතා ගුණිතය මූලධර්ම භාවිතයෙන් අවක්ෂේපයක ද්‍රාව්‍යතාව පැහැදිලි කරයි
  • විවිධ තත්ත්ව යටතේ අයනික සංයෝගවල ද්‍රාව්‍යතා ගුණිත පදනම් කර ගනිමින් ලැයිස්තු ගත කරන ලද කැටායන කාණ්ඩ පහකට බෙදයි
  • ද්‍රාව්‍යතාව හා ද්‍රාව්‍යතා ගුණිතය මත පදනම් වූ ගණනය කිරීම් සිදු කරයි

පාඩම් සැලසුම් සඳහා උපදෙස් –

  • දෙන ලද අයනික සංයෝග ජලයේ දියවීම හා දිය නොවීම කාණ්ඩ දෙකකට වෙන් කිරීමට සලස්වන්න
  • සමහරක් අයනික සංයෝග ජලයේ දිය නොවන බව පෙනුනද සියලුම අයනික සංයෝග යන්තමින් හෝ ජලයේ දියවන බව අවධාරණය කරන්න
  • සුළු වශයෙන් ජලයේ ද්‍රාවිත අයනික සංයෝගයක සංතෘප්ත ද්‍රාවණයක පවතින සමතුලිතාව සදහා සමීකරණයක් ලියා දක්වන්න
  • ඉහත සමතුලිත සදහා Kp සඳහා ප්‍රකාශනයක් ව්‍යුත්පන්න කර ගන්න
  • සංයෝගයක් අවක්ෂේප වීම සදහා අවශ්‍යතාව සකාච්ඡා කරන්න
  • දෙන ලද සුළු වශයෙන් ජලයේ ද්‍රාවිත අයනික සංයෝග Ksp සදහා ප්‍රකාශණ ලිවිමට සලස්වන්න
  • සුදුසු නිදසුන් හා ගණනය කිරීම් සමග පොදු අයන ආචරණය පැහැදිලි කරන්න
  • පොදු අයන ආචරණය මත පදනම් වු ගැටලු විසදීමට සලස්වන්න
  • ද්‍රාව්‍යතා ගුණිතය යොදා ගනිමින් සිදු කරන කාණඩ විශ්ලේෂණයේ මුලධර්මය පැහැදිලි කරන්න
  • ඉහත මුලධර්මය යොදා ගනිමින් කැටායන මිශ්‍රණයක් කාණ්ඩ වලට වෙන්කරන අයුරු පැහැදිලි කරන්න

අදාල පරීක්ෂණ –

  • Ca(OH)2 වල ද්‍රාව්‍යතා ගුණිතය පරීක්ෂණාත්මකව නිර්ණය කිරීම

ඇගයීම් හා තක්සේරුකරණය –

  • Ksp පොදු අයන ආචරණය යොදා ගනිමින් ගැටලු විසදීමට ඇති හැකියාව සුදුසු ගැටලු ඉදිරිපත් කිරීම මගින් අගයන්න
  • කාණ්ඩ විශ්ලේෂණය භාවිත කර දෙන ලද කැටායන මිශ්‍රණයක ඇති කැටායන හදුනාගැනීමට ඇති හැකියාව අගයන්න

නිපුණතා මට්ටම 12.5 –

ඒක සංරචක පද්ධතිවල ද්‍රව – වායු සමතුලිතතාව විචලනය වන ආකාරය විමර්ශනය කරයි

කාලච්ඡේද ගණන –

05

ඉගෙනුම් ඵල –

  • කලාපයක් යන්න අර්ථ දක්වයි
  • සංශුද්ධ ද්‍රව පද්ධති හඳුනා ගෙන නම් කරයි
  • අණුක චලිතය පදනම් කර ගනිමින් ද්‍රව-වායු සමතුලිතතාව පැහැදිලි කරයි
  • සන්තෘප්ත වාෂ්ප පීඩනය අර්ථ දක්වයි
  • තාපාංකය අර්ථ දක්වයි
  • උෂ්ණත්වය සමඟ ද්‍රවවල වාෂ්ප පීඩනයේ විචලනය පැහැදිලි කරයි
  • වාෂ්ප පීඩනය හා තාපාංකය අතර සම්බන්ධතාව හඳුනා ගනියි
  • අවධි උෂ්ණත්වය අර්ථ දක්වයි
  • ජලයේ කලාප රූපසටහන භාවිතයෙන් ත්‍රික ලක්ෂ්‍ය නම් කරයි

පාඩම් සැලසුම් සඳහා උපදෙස් –

  • කලාපයක් යනු කුමක්දැයි පැහැදිලි කරන්න
  • දෙන ලද සමතුලිත පද්ධතියක ඇති කලාප ගණන හදුනා ගැනීමට සලස්වන්න
  • අණුක චලිතය පදනම් කරගනිමින් ද්‍රව-වාෂ්ප සමතුලිත පැහැදිලි කරන්න
  • සංශුද්ධ ද්‍රවයක සංතෘප්ත වාෂ්ප පීඩනය අර්ථ දක්වන්න
  • සංශුද්ධ ද්‍රවයක තාපාංකය අර්ථ දක්වන්න
  • ද්‍රව්‍යක වාෂ්ප පීඩනය උෂ්ණත්වය සමග විචලනය වන ආකාරය ප්‍රස්තාර මගින් පැහැදිලි කරන්න
  • වාෂ්ප පිඩනය හා තාපාංකය අතර ඇති සම්බන්ධතා විස්තර කරන්න

ඇගයීම් හා තක්සේරුකරණය –

  • දෙන ලද තාපාංක සහිත විවිධ ද්‍රාවණ සදහා අදාල ප්‍රස්තාර (වාෂ්ප පීඩන හා උෂ්ණත්වය අතර) ඇදීමට ඇති හැකියාව අගයන්න

නිපුණතා මට්ටම 12.6 –

ද්ව්‍යාංගී ද්‍රව පද්ධතිවල ද්‍රව – වාෂ්ප සමතුලිතතාවේ වචලනය විමර්ශනය කරයි

කාලච්ඡේද ගණන –

12

ඉගෙනුම් ඵල –

  • රඌල් නියමය ව්‍යුත්පන්න කිරීම සඳහා ද්ව්‍යාංගී ද්‍රව පද්ධතියකට සමතුලිතතා හා චාලක මූලධර්ම යොදයි
  • පරිපූර්ණ ද්‍රාවණයක් අර්ථදක්වයි
  • අපරිපූර්ණ ද්‍රාවණ රඌල් නියමයෙන් අපගමනය වන්නේ කෙසේ ද හා එයට හේතුව කුමක්ද යන බව පැහැදිලි කරයි
  • සමතුලිතතාවේ දී ද්‍රව හා වාෂ්ප කලාපවල සංයුති සෙවීම සඳහා රඌල් නියමය යොදයි
  • ද්ව්‍යංගී ද්‍රාවණවල පරිපූර්ණ හා අපරිපූර්ණ හැසිරීම් විස්තර කරයි
  • අවාෂ්පශීලී ද්‍රව්‍යයක් වාෂ්පශීලී ද්‍රාවකයක ද්‍රවණය වී සෑදෙන ද්‍රාවණයක සංඝටක වෙන්කිරීම සඳහා සරල ආසවනය භාවිත කළ හැකිබව ප්‍රකාශ කරයි
  • සරල ආසවනය හා භාගික ආසවනය සඳහා නිදසුන් දක්වයි
  • ද්‍රව මිශ්‍රණයන්හි වාෂ්පශීලි සංඝටකයක් වෙනකර ගැනීමට භාගික ආසවනය යොදාගත හැකි බව ප්‍රකාශ කරයි

පාඩම් සැලසුම් සඳහා උපදෙස් –

  • සම්පුර්ණයෙන් මිශ්‍රවන ද්‍රව-ද්‍රව පද්ධති කීපයක් සදහා නිදසුන් සපයන්න
  • සමතුලිතතාව හා චාලක විද්‍යාව පිළිබඳ මුල ධර්ම සලකමින් දිව්‍යංගී ද්‍රාවණ පද්ධතියක් සදහා රඌල් නියමය ව්‍යුත්පන්න කරන්න
  • සුදුසු උදාහරණ යොදා ගනිමින් පරිපුර්ණ ද්‍රාවණයක් අර්ථ දක්වන්න
  • වාෂ්ප පිඩන – සංයුති ප්‍රස්තාර යොදා ගනිමින් රඌල් නියමයෙන් ධන අපගමන හා ඍණ අපගමන පෙන්වන ද්ව්‍යාංගී ද්‍රාවණ පිලිබඳව පැහැදිලි කිරීම් සිදු කරන්න
  • රඌල් නියමය භාවිතයෙන් ද්‍රව කලාපයේ හා වාෂ්ප කලාපයේ සංයුති ගණනය කිරීමට සලස්වන්න
  • සරල ආසවනයේ හා භාගික ආසවනයේ සිද්ධාන්ත පැහැදිලි කරන්න
  • භාගික ආසවනය පැහැදිලි කිරීම සදහා උෂ්ණත්ව සංයුති කලාප රූප සටහන් අදින්න

ඇගයීම් හා තක්සේරුකරණය –

  • දෙන ලද ද්ව්‍යාංගී ද්‍රාවණ සදහා නිවැරදි වාෂ්ප පීඩන – සංයුති රූප සටහන් ඇදීමට ඇති හැකියාව අගයන්න.
    උදාහරණ
  1. හෙක්සේන් හා හෙප්ටේන්
  2. එතනෝල් හා බෙන්සීන්
  3. ක්ලොරෆෝම් හා ඇසිටෝන්

නිපුණතා මට්ටම 12.7 –

සම්පුර්ණයෙන් අමිශ්‍ර ද්‍රව පදධ්ති දෙකක යම් ද්‍රව්‍යයක් ව්‍යාපත් වීම පළිබදව විමර්ශනය කරයි

කාලච්ඡේද ගණන –

08

ඉගෙනුම් ඵල –

  • ව්‍යාප්ති සංගුණකය පැහැදිලි කරයි
  • භාවිත කරමින් ගැටලු විසදයි
  • ජලයේ හා බියුටනෝල් අතර එතනොයික් අම්ලයේ ව්‍යාප්ති සංගුණය පරීක්ෂණාත්මකව නිර්ණය කරයි

පාඩම් සැලසුම් සඳහා උපදෙස් –

  • අමිශ්‍ර ද්‍රාවක දෙකක් අතර ව්‍යාප්ත වී ඇති යම් කිසි ද්‍රාව්‍යයක් සදහා ව්‍යාප්ති සංගුණකය KD සුදුසු උදාහරණ යොදා ගනිමින් පැහැදිලි කරන්න
  • දෙන ලද දත්ත භාවිතා කර ව්‍යාප්ති සංගුණනයට අදාල ගැටලු විසදීමට සලස්වන්න

අදාල පරීක්ෂණ –

  • ජලය හා බියුටනෝල් අතර එකනොයික් අම්ලයේ ව්‍යාප්ති සංගුණකය පරීක්ෂණාත්මකව නිර්ණය කිරීම

ඇගයීම් හා තක්සේරුකරණය –

  • දෙන ලද දත්ත භාවිත කර Kමත පදනම් වු ගැටලු විසදීමට ඇති හැකියාව අගයන්න

You Might Also Like