A/Level Chemistry Syllabus

10 ඒකකය – නයිට්‍රජන් අඩංගු කාබනික සංයෝග

ඒකකය 10 – නයිට්‍රජන් අඩංගු කාබනික සංයෝග

 

නිපුණතාව 10.0 –

නයිට්‍රජන් අඩංගු කාබනකි සංයෝග වල ව්‍යුහ හා ගුණ අතර සම්බන්ධතා විමර්ශනය කරයි

නිපුණතා මට්ටම 10.1 –

ලාක්ෂණික ප්‍රතික්‍රියා හා ගුණ ඇසුරින් ඇමයින සහ ඇනිලීන් පිළිබඳ විශ්ලේෂණය කරයි

කාලච්ඡේද ගණන –

06

ඉගෙනුම් ඵල –

  • ඇල්කිල් ඇමයින වර්ග හඳුනාගනී
  • ප්‍රාථමික ඇමයිනවල ප්‍රතික්‍රියා අධ්‍යයනය කරයි

පාඩම් සැලසුම් සඳහා උපදෙස් –

  • NH3 හිි ‘N’ පරමාණුවට H වෙනුවට සම්බන්ධ වී ඇති ඇල්කයිල් හෝ ඇරිල් කාණ්ඩ ගණන සලකා බලමින් ඇලිෆැටික හා ඇරෝමැටික ඇමීන වර්ගීකරණය කරන්න
  • ඇනිලින් ඇරෝමැටික ඇමීනයක් ලෙස හදුන්වා දෙන්න
  • හදුනාගැනීමේ පරීක්ෂාවක් ලෙස ඇනිලීන් හා Br2 අතර ප්‍රතික්‍රියාව පැහැදිලි කරන්න
  • ප්‍රාථමික ඇමීනවල ප්‍රතික්‍රියා සුදුසු නිදසුන් භාවිතා කරමින් විස්තර කරන්න

ඇගයීම් හා තක්සේරුකරණය –

  • දෙන ලද ඇමීන ප්‍රාථමික, ද්විතියික හා තෘතීක ලෙස වර්ග කිරීමට ඇති හැකියාව අගයන්න
  • ඇමීනවල ප්‍රතික්‍රියාවලට සම්බන්ධ සරල කාබනික පරිවර්තන සිදු කිරීමට ඇති හැකියාව අගයන්න

නිපුණතා මට්ටම  10.2 –

ඇමයිනවල භාස්මිකතාව වෙනත් කාබනික සංයෝගවල භාස්මිකතාව සමග සසඳයි

කාලච්ඡේද ගණන –

03

ඉගෙනුම් ඵල –

  • ඇලිෆැටික ඇමයිනවල භාෂ්මිකතාව ඇනිලීන්වල භාෂ්මිකතාව සමඟ සසදයි
  • ඇමයිනවල භාෂ්මිකතාව, ඇල්ඩිහයිඩවල භාෂ්මිකතාව සමඟ සසදයි

පාඩම් සැලසුම් සඳහා උපදෙස් –

  • ඇමීන වල N පරමාණුව මත ඇති ඒකසර ඉලෙක්ට්‍රෝන යුගලේ දායක ලක්ෂණ අනුව ඒවායේ භාෂ්මිකතාව පැහැදිලි කරන්න
  • ඇමීනවල භාෂ්මිකතාව ඇල්කොහොල වල භාෂ්මිකතාව සමග සන්සන්දනය කරන්න
  • ප්‍රාථමික ඇල්ෆැටික ඇමීනවල භාෂ්මිකතාව ඇතිලීන් වල භාෂ්මිකතාව සමග සන්සන්දනය කරන්න
  • ඇමීන වල භාෂ්මිකතාව ඇමයිඩවල භාෂ්මිකතාව සමග සසදන්න

ඇගයීම් හා තක්සේරුකරණය –

  • ඇමීන වල භාෂ්මිකතාව ඇල්කොහොල, ඇනිලීන් හා NH3 වල භාෂ්මිකතාව සමග සන්සන්දනය කිරීමට ඇති හැකියාව අගයන්න
  • දෙන ලද නයිට්‍රජන් අඩංගු සයෝගවල භාෂ්මිකතාව පැහැදිලි කිරීමට ඇති හැකියාව තක්සේරු කරන්න

නිපුණතා මට්ටම 10.3 –

ඩයැසෝනියම් ලවණවල ප්‍රතික්‍රියා විමර්ශනය කරයි

කාලච්ඡේද ගණන –

04

ඉගෙනුම් ඵල –

  • ඩයැසෝනියම් ලවණය පිළියෙල කිරීම විස්තර කරයි
  • ජලය, හා සමඟ ඩයසෝනියම් ලවණවල ප්‍රතික්‍රියා ලියයි
  • ඩයැසෝනියම් අයනය ඉලෙක්ට්‍රොෆයිලයක් ලෙස ක්‍රියා කරන ප්‍රතික්‍රියා සඳහා නිදසුන් ලියා දක්වයි
  • ඇනිලීන් සඳහා පරීක්‍ෂා කර නිරීක්ෂණ වාර්තා කරයි

පාඩම් සැලසුම් සඳහා උපදෙස් –

  • විශේෂිත උෂ්ණත්වය හා අදාල තත්ත්ව යොදා ගනිමින් ඩයසෝනියම් ලවණ පිළියෙල කර ගන්නා ආකාරය පැහැදිලි කරන්න
  • ඩයැසෝනියම් ලවණ H2O, H3PO2, CuCl, CuBr, CuCN හා KI සමග දක්වන ප්‍රතික්‍රියා අදාල සමීකරණ භාවිතා කරමින් විස්තර කරන්න
  • ඩයසෝනියම් ලවණයකට ඉලෙක්ට්‍රොෆිලයක් ලෙස හැසිරීමට ඇති හැකියාව සුදුසු නිදසුන් මගින් පැහැදිලි කරන්න. (ෆීනොල් හා β නැප්තොල් සමග)

අදාල පරීක්ෂණ –

  • රසායනාගාරයේදී ඩයැසෝනියම් ලවණය පිළියෙල කිරීම මගින් ඇනිලීන් සඳහා පරීක්ෂා සිදු කිරීමට

ඇගයීම් හා තක්සේරුකරණය –

  • දෙන ලද ඩයැසෝනියම් ලවණ ආශ්‍රීත ප්‍රතික්‍රියා වලට අදාල ඵල ලිවීමට ඇති හැකියාව අගයන්න
  • ඉහත සඳහන් ප්‍රායෝගික පරීක්ෂණය සම්බන්ධ හසුරු කුසලතා ලබා ගැනීමට අවස්ථාව දී එහිදී ලැබෙන නිරීක්ෂණ තක්සෙරු කරන්න

You Might Also Like