A/Level Chemistry Syllabus

09 ඒකකය – ඔක්සිජන් අඩංගු කාබනික සංයෝග

ඒකකය 9 – ඔක්සිජන් අඩංගු කාබනික සංයෝග

 

නිපුණතාව 9.0 –

ඔක්සිජන් අඩංගු කාබනික සංයෝගවල ව්‍යුහය සහ ගුණ අතර සම්බන්ධතාව විමර්ශනය කරයි

නිපුණතා මට්ටම 9.1 –

ඇල්කොහොලවල ව්‍යුහය, කාබන් – ඔක්සිජන් බන්ධනයේ සහ ඔක්සිජන් – හයිඩ්‍රජන් බන්ධනයේ ධ්‍රැවීය ස්වභාවය හා ප්‍රතික්‍රියා විමර්ශනය කරයි

කාලච්ඡේද ගණන –

06

ඉගෙනුම් ඵල –

  • ප්‍රාථමික, ද්විතීයික හා තෘතීයික ලෙස ඇල්කොහොල වර්ගීකරණය කරයි
  • O – H බන්ධනයේ හා C – O බන්ධනයේ ධ්‍රැවීය ස්වභාවය විස්තර කරයි
  • ඇල්කොහොලවල භෞතික ගුණ, ඒවායේ හයිඩ්‍රජන් බන්ධන තැනීමේ හැකියාව සමඟ සම්බන්ධ කරයි
  • ඇල්කොහොලවල O – H හා C – O බන්ධනවල බිඳීම සහ ඉවත් වීමේ හා ඔක්සිකරණ ප්‍රතික්‍රියා ඒවායේ ව්‍යූහය සමඟ ගලපයි
  • ලුකස් පරීක්‍ෂාවෙන් ප්‍රාථමික, ද්විතියීක හා තෘතීයික ඇල්කොහොල වෙන් කර හඳුනා ගනියි
  • ඇල්කොහොලවල ගුණ පරීක්‍ෂා කර වාර්තා කරයි

පාඩම් සැලසුම් සඳහා උපදෙස් –

  • -OH කාණ්ඩය අඩංගු කාබන් පරමාණුවක සම්බන්ධ වී ඇති ඇල්කයිල් කාණ්ඩ සංඛ්‍යාව අනුව ඇල්කොහොල ප්‍රාථමික, ද්විතියික හා තෘතික ලෙස වර්ගීකරණය කරන්න
  • ඇල්කොහොලවල තාපාංකය, ද්‍රවාංකය, ද්‍රාව්‍යතාවය යන භෞතික ගුණ ඒවායේ අනුක ස්කන්ධය හා අන්තර් අනුක බල යොදා ගනිමින් පැහැදිලි කරන්න
  • O – H බන්ධනය බිදීමෙන් සිදුවන ප්‍රතික්‍රියා සලකමින් ඇල්කොහොලවල රසායනික ලක්ෂණ විස්තර කරන්න. (Na සහ ඇල්කොහොල අතර ප්‍රතික්‍රියාව)
  • සුදුසු නිදසුන් භාවිතයෙන් ඇල්කොහොල වල ආම්ලික ස්වභාවය පැහැදිලි කරන්න
  • C – O බන්ධනයේ ධ්‍රැවීයතාවය නිසා C – O බන්ධනය බිදීමෙන් සිදුවන ප්‍රතික්‍රියා පැහැදිලි කරන්න (HBr, PCl3/PBr3, PCl5 සමග ප්‍රතික්‍රියා)
  • ප්‍රාථමික, ද්විතියික සහ තෘතික ඇල්කොහොල වෙන් කර හදුනා ගැනීමට සදහා සාන්ද්‍ර HCl හා ZnCl2 සමග ප්‍රතික්‍රියාව එහිදී සෑදෙන කාබෝකැටායන වල සාපේක්ෂ ස්ථායිතාව සලකමින් සාකච්ඡා කරන්න
  • ඇල්කින සෑදීමට සාන්ද්‍ර H2SO4 හෝ Al2O3 සමග සිදුවන ඉවත් වීමේ ප්‍රතික්‍රියාව සාකච්ඡා කරන්න
  • ඇල්කොහොල හදුනා ගැනීමේ පරීක්ෂා ලෙස සැලකෙන H+/K2Cr2O7 පිරිඩීනියම් ක්ලොරොක්රෝමේට් (PPC) සමග සිදුවන ඔක්සිකරණ ප්‍රතික්‍රියා පැහැදිලි කරන්න

අදාල පරීක්ෂණ –

  • ඇල්කොහොල වල ගුණ පරීක්ෂා කිරීම

ඇගයීම් හා තක්සේරුකරණය –

  • දෙන ලද අණුක සුත්‍රයන් සඳහා තිබිය හැකි සමාවයවික ලියා ඒවා ප්‍රාථමික ද්විතියික හා තෘතික ඇල්කොහොල ලෙස ගොනු කිරීමට ඇති හැකියාව අගයන්න
  • විවිධ ප්‍රතික්‍රියක හා ප්‍රතිකාරක දුන්විට ඒවා ඇල්කොහොල සමග ප්‍රතික්‍රියාවෙන් ලැබෙන ඵල ලියා දැක්වීමට ඇති හැකියාව අගයන්න

නිපුණතා මට්ටම  9.2 –

කාබන් – ඔක්සිජන් බන්ධනය හා ඔක්සිජන් – හයිඩ්‍රජන් බන්ධන ඇසුරෙන් ෆීනොල්වල ප්‍රතික්‍රියා විශ්ලේෂණය කරයි

කාලච්ඡේද ගණන –

06

ඉගෙනුම් ඵල –

  • ෆිනෝල, ඇල්කොහොලවලට වඩා ආම්ලික වන්නේ මන් දැයි පැහැදිලි කරයි
  • ඇල්කොහොල භාජනය වන නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාවලට ෆීනෝල භාජනය වන්නේ මන්දැයි පැහැදිලි කරයි
  • සෝඩියම් ලෝහය හා සෝඩියම් හයිඩ්‍රොක්සයිඞ් සමග ෆීනෝල් දක්වන ප්‍රතික්‍රියා ප්‍රකාශ කරයි
  • සරල පරීක්‍ෂා මගින් ෆීනෝල්වල ගුණ හඳුනා ගෙන වාර්තා කරයි

පාඩම් සැලසුම් සඳහා උපදෙස් –

  • ෆීනොල් හි ආම්ලිකතාවය ව්‍යුහය පදනම් කරගෙන පැහැදිලි කරන්න
  • ඇල්කොහොල හා ෆීනෝල පෙන්වන ප්‍රතික්‍රියා ඒවායේ සාපේක්ෂ ස්ථායිතාවය සලකමින් සුදුසු නිදසුන් යොදා ගනිමින් සන්සන්දනය කරන්න
  • හයිඩ්‍රජන් බන්ධන සහ ලන්ඩන්බල යෙදා ගනිමින් ෆීනෝල් වල භෞතික ගුණ සාකච්ඡා කරන්න
  • ෆීනෝල් හි ආම්ලිකතාවය පැහැදිලි කිරීමට ඇති Na සහ NaOH සමග වෙන වෙනම සිදුවන ප්‍රතික්‍රියා භාවිතා කරමින් රසායනික ලක්ෂණ සාකච්ඡා කරන්න.

ඇගයීම් හා තක්සේරුකරණය –

  • දෙන ලද විවිධ ඇල්කොහොල හා ෆීනෝල් වල ආම්ලික හා සන්සන්දනය කිරීමට ඇති හැකියාව අගයන්න
  • ඇල්කොහොල හා ෆීනෝල දෙන ලද ප්‍රතිකාරක සමග දක්වන ප්‍රතික්‍රියා මගින් සෑදෙන ඵල ලියා ඇතිවීමට ඇති හැකියාව තක්සේරු කරන්න

නිපුණතා මට්ටම 9.3 –

ෆීනෝල්වල-OH කාණ්ඩය මගින් බෙන්සීන් ලෙස මත ඇති කෙරෙන බලපෑම විමර්ශනය කරයි

කාලච්ඡේද ගණන –

03

ඉගෙනුම් ඵල –

  • ෆීනෝලවල ආදේශ ප්‍රතික්‍රියාවලදී ආදේශකය -OH කාණ්ඩයට සාපේක්‍ෂව ඕතො (2 , 6) හා පැරා (4) ස්ථානවලට සම්බන්ධ වන බව ප්‍රකාශ කරයි
  • බෙන්සීන්වලට වඩා ෆීනෝල්වල න්‍යෂ්ටිය ඉලෙක්ට්‍රොෆයිල කෙරෙහි වඩා ප්‍රතික්‍රියාකාරී වන්නේ මන්දැයි පැහැදිලි කරයි.

පාඩම් සැලසුම් සඳහා උපදෙස් –

  • ඕතො-පැරා බලපෑම පැහැදිලි කරමින් ෆීනෝල් හි ආදේශ ප්‍රතික්‍රියා ලෙස නයිට්‍රොකරණය හා බ්‍රෝමිනීකරණය පිළිබඳ සාකච්ඡා කරන්න
  • සම්ප්‍රයුක්ත ව්‍යුහ යොදා ගනිමින් ෆීනෝල් හි ප්‍රතික්‍රියාශීලිත්වය බෙන්සීන් සමග සන්සන්දනය කරන්න

ඇගයීම් හා තක්සේරුකරණය –

  • දෙන ලද ප්‍රතිකාරක සමග ෆීනෝල් දක්වන ප්‍රතික්‍රියා ලිවීමට ඇති හැකියාව තක්සේරු කරන්න

නිපුණතා මට්ටම 9.4 –

ප්‍රතික්‍රියාවලින් විදහා දක්වන පරිදි ඇල්ඩිහයිඩවල හා කීටෝනල C=O බන්ධනයේ ධ්‍රැවීය හා අසංතෘප්ත ස්වභාවය විමර්ශනය කරයි

කාලච්ඡේද ගණන –

15

ඉගෙනුම් ඵල –

  • කාබොනිල් කාණ්ඩයේ අසන්තෘප්ත ස්වභාවය පැහැදිලි කරයි
  • ඇල්ඩිහයිඩවල ලාක්ෂණික ප්‍රතික්‍රියා තුලින් නියුක්ලියෝෆලික ආකලන ප්‍රතික්‍රියා පැහැදිලි කරයි
  • ග්‍රිනාඞ් ප්‍රතිකාරකය සහ HCN සමඟ සිදු වන නියුක්ලියෝෆිලික ආකලන ප්‍රතික්‍රියාවල යන්ත්‍රණය ඉදිරිපත් කරයි
  • ඇලඩිහයිඩ කීටොන වලින් වෙන් කර හඳුනා ගැනීම සඳහා ඇල්ඩිහයිඩ පහසුවෙන් ඔක්සිකරණය වීමේ ගුණය භාවිතා කරයි
  • සුදුසු නිදසුන් ආශ්‍රයෙන් α-H සහිත කාබොනිල් සංයොග් වල සකිය්‍ර තාව පෙන්නුම් කරයි
  • සෝඩියම් හයිඩ්‍රොක්සයිඞ් හමුවේ ඇල්ඩිහයිඩ හා කීටෝනවල ස්වයංසංඝනන ප්‍රතික්‍රියා ඉදිරිපත් කරයි
  • අදාල පරීක්ෂා සිදුකිරීම මගින් කාබොනිල් කාණ්ඩ හදුනා ගනියි
  • අදාල පරීක්‍ෂණ මඟින් ඇල්ඩිහයිඩ හා කීටෝන වෙන් කර හඳුනා ගනියි

පාඩම් සැලසුම් සඳහා උපදෙස් –

  • ඇල්ඩිහයිඩ හා කීටෝන දක්වන නියුක්ලියොෆිලික ආකලන ප්‍රතික්‍රියා පැහැදිලි කිරීමට ඒවායේ ඇති කබොනයිල් කාන්ඩයකට ධ්‍රැවීයතාවය පිළිබද සාකච්ඡා කකරන්නනන
  • කාබොනයිල් කාණ්ඩයක් ආදේශ ප්‍රතික්‍රියා සහ ඔක්සිහරණ ප්‍රතික්‍රියා යන දෙවර්ගයම පෙන්විය හැකි බව පැහැදිලි කරන්න
  • ඇල්ඩිහයිඩ හා කීටෝන HCN හා RMgx සමග දක්වන නියුක්ලියොෆිලික ආකලන ප්‍රතික්‍රියා සහ ඒවයේ යාන්ත්‍රණ පැහැදිලි කරන්න
  • ඇල්ඩිහයිඩ හා කීටෝන LiAlH4/ H3O+ හා NaBH4/ H3O+ සමග සිදු කරන ප්‍රතික්‍රියා සුදුසු උදාහරණ භාවිතා කරමින් පැහැදිලි කරන්න
  • පහත සදහන් ප්‍රතිකාරක සමග ඇල්ඩිහයිඩ දක්වන ප්‍රතික්‍රියා භාවිතා කරමින් ඇල්ඩිහයිඩ කීටෝන වලින් වෙන්කර හදුනා ගැනීමට මග පෙන්වන්න
    • ඇමෝනියා AgN3
    • පේලිං ද්‍රාවණය
    • H+/KMnO4
    • H+/K2Cr2O7
  • α – H අඩංගු කාබොනයිල් සංයෝග NaOH(aq) ඇති විට සිදුකරන විශේෂ ප්‍රතික්‍රියාව (ඇල්ඩොල් සංඝණනය) සාකච්ඡා කරන්න

අදාල පරීක්ෂණ –

  • ඇල්ඩිහයිඩ හා කීටෝන සදහා පරීක්ෂණ

ඇගයීම් හා තක්සේරුකරණය –

  • බ්‍රේඩි ප්‍රතිකාරකය මගින් ඇල්ඩිහයිඩ හා කීටෝන හදුනාගැනීමට ඇති හැකියාව අගයනන
  • ඔක්සිහරණ ප්‍රතික්‍රියා මගින් ඇල්ඩිහයිඩ හා කීටෝන වෙන් කර හදුනාගැනීමට ඇති හැකියාව තක්සේරු කරන්න
  • දෙන ලද කාබොනයිල් සංයෝග NaOH(aq) සමග සිදු කරන සංඝණන ප්‍රතික්‍රියා වලින් ලැබෙන ඵල ලිවීමට ඇති හැකියාව අගයන්න

නිපුණතා මට්ටම 9.5 –

කාබොක්සලික්අම්ලවල ව්‍යුහය හා ගුණ අනෙකුත් ඔක්සිජන් අඩංගු කාබනකි සංයෝග සමග සන්සන්දනය කරයි

කාලච්ඡේද ගණන –

10

ඉගෙනුම් ඵල –

  • කාබොක්සිලික් අම්ල වල භෞතික ගුණ ඒවායේ ව්‍යුහය සමග සම්බන්ද වන අයුරු ප්‍රකාශ කරයි
  • කාබොක්සිල්ක් අම්ලවල –COOH කාණ්ඩයේ ප්‍රතික්‍රියාශිලිත්වය, කාබොකනයිල් සංයෝග වල >C=O කාණ්ඩයේ හා ඇල්කොහොල හා ෆීනෝල්වල –OH කාණ්ඩය සමග සන්සන්දනය කරයි
  • කබොක්සිලික් අම්ල, ඇල්කොහොල හා ෆීනෝල් වල ආම්ලිකතා ඒවා Na, NaOH, Na2CO3  හා NaHCO3 සමග දක්වන ප්‍රතික්‍රියා යොදාගනිමින් සන්සන්දනය කරයි
  • C–O බන්ධනය බීදීම සම්බන්ධ ප්‍රතික්‍රියා සදහා නිදසුන් ඉදිරිපත් කරයි
  • කාබෝකසිලික් අම්ල වල ගුණ සහ ප්‍රතික්‍රියා පරික්ෂා කරයි

පාඩම් සැලසුම් සඳහා උපදෙස් –

  • කාබොක්සිල්ක් අම්ල වල තාපාංකය, ද්‍රවාංකය, ද්‍රාව්‍යතාවය සහ ද්වි අණුක ස්වභාවය යන භෞතික ගුණ හයිඩ්‍රජන් බන්ධන සහ ලන්ඩන් බල යොදා ගනිමින් පැහැදිලි කරන්න
  • කාබොක්සිල්ක් අම්ලවල අඩංගු ධ-්‍ය බන්ධනය බිදීමට ඇති හැකියාව සුදුසු නිදසුන් මගින් පැහැදිලි කරන්න
  • කාබොක්සලික් අම්ලවල ආම්ලකි ස්වභාවයට හේතු අදාල බන්ධනවල ධ්‍රැවීයතාවය සලකමින් පැහැදිලි කරන්න
  • Na, NaOH, NaHCO3 හා Na2CO3 යොදා ගනිමින් කාබොනයිල් සංයෝග, ෆීනෝල සහ ඇල්කොහොලවල ආම්ලිකතාව –COOH කාණ්ඩයේ ආම්ලිකතාව සමග සන්සන්දනය කරන්න
  • විද්‍යුත් ඍණතා වෙනස අනුව C–O බන්ධනය බීදීමෙන් කාබොක්සිල්ක් අම්ල PCl3, PCl5, ROH සහ LiAH4 සමග දක්වන ප්‍රතික්‍රියා පැහැදිලි කරන්න

අදාල පරීක්ෂණ –

  • කාබොක්සලික් අම්ලවල සමහරක් ගුණ සදහා පරීක්ෂා. (ආම්ලිකතාව, ඔක්සිහරණ හැකියාව, එස්ටර සෑදීම)

ඇගයීම් හා තක්සේරුකරණය –

  • කාබොක්සලික් අම්ලවල ආම්ලකි තාව අනෙකුත් කාබනකි සංයොග් වල ආම්ලිකතාව සමග සන්සන්දනය කිරීමට ඇති හැකියාව අගයන්න
  • දෙන ලද කාබනික සංයෝග වල නිවැරදි ආම්ලිකතා විචලනය ලිවීමට ඇති හැකියාව අගයන්න

නිපුණතා මට්ටම 9.6 –

අම්ල ව්‍යුත්පන්නවල ලාක්ෂණික ප්‍රතික්‍රියා විමර්ශනය කරයි

කාලච්ඡේද ගණන –

05

ඉගෙනුම් ඵල –

  • අම්ල ව්‍යුත්පන්නවල – ප්‍රතික්‍රියා නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රකික්‍රියා බව ප්‍රකාශ කරයි
  • අම්ල ක්ලොරයිඩවල ලාක්ෂණික ප්‍රතික්‍රියා සඳහා නිදසුන් ලියයි
  • එස්ටරවල ලාක්ෂණික ප්‍රතික්‍රියා සඳහා නිදසුන් ලියයි
  • ඇමයිඩවල ලාක්ෂණික ප්‍රතික්‍රියා සඳහා නිදසුන් ලියයි
  • සියළුම අම්ල ව්‍යුත්පන්න පෙන්වන සියලු ප්‍රතික්‍රියාවල ආරම්භක පියවර, කාබොනිල් කාබන් පරමාණුව නියුක්ලියෝෆයිලයක ප්‍රහාරයට ලක්වීම බව හඳුනා ගනියි
  • අම්ල ක්ලෝරයිඩ හා සෝඩියම් හයිඞ්රොක්සයිඞ් අතර ප්‍රතික්‍රියාවේ යාන්ත්‍රණය ලියා දක්වයි

පාඩම් සැලසුම් සඳහා උපදෙස් –

  • කාබොක්සිල්ක් අම්ල ව්‍යුත්පන්න ලෙස අම්ල ක්ලොරයිඩ එස්ටර සහ ඇමයිඩ වල අදාල ව්‍යුහ සුදුසු උදාහරණ යොදා ගනිමින් හදුන්වා දෙන්න
  • අම්ල ක්ලොරයිඩ ජලය, ප්‍රාථමික ඇමීන, ඇල්කොහොල, ෆීනෝල සහ ඇමෝනීයා සමග දක්වන නියුක්ලියොෆිලික ආදේශ ප්‍රතික්‍රියා පැහැදිලි කරන්න
  • අම්ල ක්ලෝරයිඩ සහ NaOH අතර සිදුවන ප්‍රතික්‍රියා යාන්ත්‍රණයේ පියවර පැහැදිලි කරන්න
  • එස්ටර තනුක අම්ල NaOH, RMgX සහ LiAlH4 සමග දක්වන ප්‍රතික්‍රියා සුදුසු උදාහරණ යොදා ගනිමින් සාකච්ඡා කරන්න
  • ඇමයිඩ NaOH හා LiAlH4 සමග දක්වන ප්‍රතික්‍රියා පිළිබද සාකච්ඡා කරන්න

ඇගයීම් හා තක්සේරුකරණය –

  • අම්ල ව්‍යුත්පන්න දෙන ලද ප්‍රතිකාරක/ ප්‍රතික්‍රියා සමග ප්‍රතික්‍රියා කර සෑදෙන අදාල ඵල ලියා දැක්වීමට ඇති හැකියාව තක්සේරු කරන්න
  • ඉහත ප්‍රතික්‍රියා භාවිතා කර දෙන ලද පරිවර්තන සිදු කිරීමට ඇති හැකියාව අගයන්න

You Might Also Like