A/Level Chemistry Syllabus

08 ඒකකය – හයිඩ්‍රොකාබන හා හැලජනීකෘත හයිඩ්‍රොකාබන

ඒකකය 8 – හයිඩ්‍රොකාබන හා හැලජනීකෘත හයිඩ්‍රොකාබන

 

නිපුණතාව 8.0 –

ඇලිපැටික හයිඩ්‍රොකාබන හා හේලෝහයිඩ්‍රොකාබනවල ව්‍යුහය සහ ගුණ අතර විමර්ශනය කරයි

නිපුණතා මට්ටම 8.1 –

ඇලිපැටික හයිඩ්‍රොකාබන වල ව්‍යුහය භෞතික ලක්ෂණ සහ බන්ධන ස්වභාවය විමර්ශනය කරයි

කාලච්ඡේද ගණන –

05

ඉගෙනුම් ඵල –

  • සුදුසු නිදසුන් උපයෝගී කර ගනිමින් ඇල්කේන, ඇල්කීන හා ඇල්කයින වල බන්ධනවල ස්වභාවය විස්තර කරයි
  • ඇල්කේන, ඇල්කීන හා ඇල්කයින සදෘශ ශ්‍රේණිවල භෞතික ගුණවල විචලනය පැහැදිලි කරයි
  • සරල ඇල්කේන, ඇල්කීන හා ඇල්කයිනවල ජ්‍යාමිතික හැඩ ඒවායේ කාබන් පරමාණුවල මුහුම්කරණයට සම්බන්ධ කරයි

පාඩම් සැලසුම් සඳහා උපදෙස් –

  • sp³, sp² හා sp මුහුම්කරණ සහ අදාල ජ්‍යාමිතික හැඩයක් උපයෝගී කර ගනිමින් ඇල්කේන, ඇල්කීන හා ඇල්කයින හදුන්වා දෙන්න
  • පොදු සුත්‍ර භාවිතා කර අදාළ සදෘශ ශ්‍රේණි ලියා දක්වමින් ඇල්කේන, ඇල්කීන හා ඇල්කයින විස්තර කරන්න
  • ව්‍යුහයන් සහ අදාල අන්තර් අණුක ආකර්ශන බල සළකමින් ඒවායේ තාපාංක, ද්‍රවාංක, ද්‍රාව්‍යතාවය වැනි භෞතික ගුණ විචලනය වන ආකාරය සාකච්ඡා කරන්න
  • හයිඩ්‍රොකාබන වල ඇති ‘පයි’ හා ‘සිග්මා’ බන්ධන නිරූපනය කිරීමට හැකිවන පරිදි සුලභව ලබා ගත හැකි ද්‍රව්‍ය යොදාගෙන ආකෘති සෑදීමට අවස්ථාව

ඇගයීම් හා තක්සේරුකරණය –

  • දෙන ලද කාබනික සංයෝග ශ්‍රේණියක් ඒවායේ ද්‍රවාංකය වැඩි වන පිළිවෙලට සැකසීමට ඇති හැකියාව තක්සේරු කරන්න
  • එකම අණුක සුත්‍රය ඇති සමාවයවික වල තාපාංක විචලනය අවබෝධ කර ගැනීමට ඇති හැකියාව තක්සේරු කරන්න

නිපුණතා මට්ටම  8.2 –

ඇල්කේන, ඇල්කීන හා ඇල්කයිනවල රසායනික ප්‍රතික්‍රියා ඒවායේ ව්‍යුහය පදනම් කර ගනිමින් විමර්ශනය කරයි.

කාලච්ඡේද ගණන –

14

ඉගෙනුම් ඵල –

  • ඇල්කේන, ඇල්කීන හා ඇල්කයිනවල ලාක්ෂණික ප්‍රතික්‍රියා ඒවායේ ව්‍යූහයට සම්බන්ධ කරයි
  • මෙතේන්වල ක්ලෝරිනීකරණයේ හා එතීන්වලට බ්‍රෝමීන් හා හයිඩ්‍රජන් හේලයිඩ ආකලනය වීමේ යාන්ත්‍රණ පැහැදිලි කරයි
  • රසායනික පරීක්‍ෂා මගින් ඇල්කීන හා ඇල්කයින පරීක්ෂණාත්මකව හදුනාගනියි
  • එතීන් හා එතයින් පිළියෙල කර ඒවායේ ප්‍රතික්‍රියා නිරීක්‍ෂණය කරයි

පාඩම් සැලසුම් සඳහා උපදෙස් –

  • යාන්තණ්‍රය, සම විච්ඡේදනය, විෂම විච්ඡේදනය සහ මුක්ත ඛන්ඩක දාම ප්‍රතික්‍රියා යන පද හදුන්වා දෙන්න
  • මුක්ත ඛන්ඩක යාන්ත්‍රණය යොදා ගනිමින් මෙතේන් ක්ලෝරින් සමග ප්‍රතික්‍රියා කරන ආකාරය සාකච්ඡා කරන්න
  • ඇල්කනී හා ඇල්කයින වල ලාක්ෂණික ප්‍රතික්‍රියා වර්ගය ඉලෙක්ට්‍රොෆිලික ආකලන ප්‍රතික්‍රියා වන බව එවාට අදාල යාන්ත්‍රණ සැලකිල්ලට ගනිමින් පැහැදිලි කරන්න
  • අග්‍රස්ථ හයිඩ්‍රජන් පරමාණු ඇති ඇල්කයින වල ආම්ලකි ස්වභාවය Na, NaNH2 ඇමෝනීයා CuCl හා ඇමෝනීය AgNO3 වැනි ප්‍රතිකාරක භාවිත කරමින් පැහැදිලි කරන්න
  • ඇල්කේන වල සංතෘප්ත ස්වභාවයන් ඇල්කීන හා ඇල්කයිනවල අසංතෘප්ත ස්වභාවයත් සාකච්ඡා කරන්න

අදාල පරීක්ෂණ –

  • Br2(aq) සහ OH/ KMnO4 යන ප්‍රතිකාරක සමග ඇල්කීන හා ඇල්කයින දක්වන ප්‍රතික්‍රියා නිරීක්ෂණය කරන්න
  • ඇමෝනීය CuCl හා ඇමෝනයී AgNO3 සමග අග්‍රස්ථ හයිඩ්‍රජන් ඇති ඇල්කයින දක්වන ප්‍රතික්‍රියා නිරීක්ෂණය කරන්න

ඇගයීම් හා තක්සේරුකරණය –

  • Br2 දියර හා OH/ KMnO4 භාවිත කර ඇල්කීන හා ඇල්කයින වලින් ඇල්කේන වෙන් කර හදුනා ගැනීමට ඇති හැකියාව අගයන්න
  • ඉහත දෙන ලද ප්‍රතිකාරක භාවිත කර අග්‍රස්ථ හයිඩ්‍රජන් සහිත ඇල්කයින හදුනා ගැනීමට ඇති හැකියාව අගයන්න
  • සුදුසු ප්‍රතිකාරක සහ ප්‍රතික්‍රියා භාවිත කර මුක්ත ඛන්ඩක ප්‍රතික්‍රියාව සහ ඉලෙක්ට්‍රොෆිලික ආකලන ප්‍රතික්‍රියා සඳහා යාන්ත්‍රණ ලිවීමට ඇති හැකියාව අගයන්න

නිපුණතා මට්ටම 8.3 –

බෙන්සීන්වල බන්ධන ස්වභාවය විමර්ශනය කරයි

කාලච්ඡේද ගණන –

03

ඉගෙනුම් ඵල –

  • කෙකුලේ විසින් බෙන්සීන් සඳහා පළමුව ඉදිරිපත් කරන ලද ව්‍යූහය මගින් එහි සියලු ගුණ පැහැදිලි නොකිරීමට හේතු ඉදිරිපත් කරයි
  • බෙන්සීන්වල ව්‍යූහය හා ස්ථායිතාව පැහැදිලි කරයි
  • බෙන්සීන්වල සත්‍ය ව්‍යූහය සනාථ කිරීම සඳහා සාක්‍ෂි ඉදිරිපත් කරයි

පාඩම් සැලසුම් සඳහා උපදෙස් –

  • C6H6 අණුක සුත්‍රය සදහා තිබිය හැකි සියලුම විවෘත දාම ව්‍යුහ සුත්‍ර ඇදීමට පවසන්න
  • එම ව්‍යුහවල තනිබන්ධන හෝ තනි බන්ධන හා ද්විත්ව බන්ධන හා දෙකම හෝ අඩංගු වන බැවින් ඒවා අසංතෘප්තතාවය සඳහා පරීක්ෂා වලට පිළිතුරු දිය යුතු බව අවධාරණය කරන්න
  • මුහුම්කරණය යොදා ගනිමින් බෙන්සීන් හි ‘කෙකුලේ’ ව්‍යුහය සාකච්ඡා කරන්න
  • ඉලෙක්ට්‍රෝන විස්ථානගතවීම මත පදනම් වු සම්ප්‍රයුක්ත සංකල්පය උපයෝගී කර ගනිමින් බෙන්සීන් හි සත්‍ය ව්‍යුහය පැහැදිලි කරන්න
  • හයිඩ්‍රජනීකරණ එන්තැල්පීය වැනි සෛද්ධාන්තික අගයන් භාවිත කරමින් බෙන්සීන්වල ස්ථායිතාව සන්සන්දනය කරන්න
  • ප්‍රතික්‍රියා යාන්ත්‍රණ ලිවීමේදී බෙන්සීන් නිරූපණය කිරීමට කෙකුලේ ව්‍යුහය යොදාගැනීමට වඩා පහසුවන බව පැහැදිලි කරන්න

ඇගයීම් හා තක්සේරුකරණය –

  • දෙන ලද එන්තැල්පි අගයන් භාවිතා කර එන්තැල්පි රූපසටහන් ඇද බෙන්සීන් හි සම්ප්‍රයුක්තතා ශක්තිය ගණනය කිරීමට ඇති හැකියාව අගයන්න
  • බෙන්සීන් සඳහා සම්ප්‍රයුක්ත ව්‍යුහ ඇදීමට ඇති හැකියාව අගයන්න

නිපුණතා මට්ටම 8.4 –

බෙන්සීන්වල ලාක්ෂණික ප්‍රතික්‍රියා ඇසුරෙන් එහි ස්ථායිතාවය විශ්ලේෂණය කරයි

කාලච්ඡේද ගණන –

07

ඉගෙනුම් ඵල –

  • සුදුසු නිදසුන් උපයෝගී කර ගනිමින්, බෙන්සීන්වලට ආකලන ප්‍රතික්‍රියාවලට වඩා ආදේශ ප්‍රතික්‍රියාවලට භාජන වීමේ ප්‍රවණතාව පෙන්වා දෙයි
  • නයිට්‍රොකරණය, ඇල්කිල්කරණය, ඇසිල්කරණය හා හැලජනීකරණය යන පත්‍රික්‍රියා වලයන්තණ්‍රය උපයෝගී කර ගනිමින් බෙන්සීන්වල ලාක්ෂණික ප්‍රතික්‍රියා ලෙස ඉලෙක්ට්‍රොෆිලික ආදේශනය විස්තර කරයි
  • බෙන්සීන්වල ප්‍රතික්‍රියා, ඇල්කේන, ඇල්කීන හා ඇල්කයිනවල ප්‍රතික්‍රියා සමඟ සංසන්දනය කරයි
  • බෙන්සීන්වලට කාණ්ඩ හා ඇල්කිල් කාණ්ඩ බැදී ඇතිවිටදී ඔක්සිකරණය වීමේ හැකියාව වැඩිවන බව විස්තර කරයි

පාඩම් සැලසුම් සඳහා උපදෙස් –

  • ඇල්කයිල් කරණය, ඒසයිලීකරණය, නයිට්‍රොකරණය සහ හැලජනීකරණය යන ප්‍රතික්‍රියා සලකමින් බෙන්සීන් ආකලන ප්‍රතික්‍රියා වලට වඩා ඉලෙක්ට්‍රොෆිලික ආදේශ ප්‍රතික්‍රියාවලට වැඩි ලැදියාවක් දක්වන බව පැහැදිලි කරන්න
  • නයිට්‍රොකරණය, ඇල්කයිල්කරණය, ඒසයිලීකරණය සහ හැලජනීකරණය යන ප්‍රතික්‍රියාවලට අදාල ප්‍රතික්‍රියා යාන්ත්‍රණ සාකච්ඡා කරන්න
  • බෙන්සීන් ඔක්සිකරණයට හා හයිඩ්‍රජනීකරණයට දක්වන ප්‍රතිරෝධය පිළිබඳව පැහැදිලි කරන්න
  • සම්ප්‍රයුක්ත ස්ථායිතාව අනුව බෙන්සීන් ඔක්සිකරණය හා හයිඩ්‍රජනීකරණයට ප්‍රතිරෝධය දක්වන බව සාකච්ඡා කරන්න
  • බෙන්සීන්වල උත්ප්‍රේරික H2 ආකලනය පිළිබඳව සාකච්ඡා කරන්න
  • H+ / KMnO4 / OH / KMnO4 සහ H+ / K2Cr2O7 වැනි ප්‍රභල ඔක්සිකාරක සමග ඇල්කයිල් බෙන්සීන් හා ඒසයිල් බෙන්සීන් කාබොක්සිලික් අම්ල බවට ඔක්සිකරණය වීම පැහැදිලි කරන්න

ඇගයීම් හා තක්සේරුකරණය –

  • බෙන්සීන් හි ඉලෙක්ට්‍රොෆිලික ආදේශ ප්‍රතික්‍රියාවල ප්‍රතික්‍රියා යාන්ත්‍රණ ලිවීමට ඇති හැකියාව අගයන්න.

නිපුණතා මට්ටම 8.5 –

ඒක ආදේශික බෙන්සීන්වල ආදේශන කාන්ඩවල යොමුකාරක (නියාමක) හැකියාව විමර්ශනය කරයි

කාලච්ඡේද ගණන –

05

ඉගෙනුම් ඵල –

  • ඒක ආදේශිත බෙන්සීන්වල ආදේශක කාණ්ඩ, ඕතො, මෙටා හා පැරා යොමුකාරක ලෙස හඳුනා ගනී
  • ඒක ආදේශිත බෙන්සීන්වල පළමු ව ආදේශ වී ඇති කාණ්ඩයේ යොමුකාරක ගුණය පදනම් කර ගනිමින් දෙවැනි ආදේශක කාණ්ඩයක් වලයට සම්බන්ධ වන ස්ථානය ප්‍රකාශ කරයි

පාඩම් සැලසුම් සඳහා උපදෙස් –

  • -OH, -NH2, -NHR, -R, -Cl, -Br සහ –CH3 යන ඒවා ‘ඕතෝ’ හෝ ‘පැරා’ යොමුකාරක කාණ්ඩ ලෙස හදුන්වා දෙන්න
  • -NO2 , -COOH , -COR සහ –CHO යන ඒවා ‘මෙටා’ යොමුකාරක කාණ්ඩ බව පෙන්වා දෙන්න
  • ඒක ආදේශිත බෙන්සීන් ව්‍යුත්පන්න වල දෙවන ආදේශය සිදුවන ස්ථානය හා ආකාරය පැහැදිලි කරන්න

ඇගයීම් හා තක්සේරුකරණය –

  • බෙන්සීන් මත ඕතො, පැරා සහ මෙටා යොමුකාරක කාණ්ඩ සම්බන්ධ වී ඇති සංයෝගවලට අදාල සරල පරිවර්තන සිදු කිරීමට ඇති හැකියාව අගයන්න.

නිපුණතා මට්ටම 8.6 –

ඇල්කයිල් හේලයිඩ වල ව්‍යහුය C-X බන්ධනයේ ධ්‍රැවීයතාවය හා පත්‍රිකියා විමර්ශනය කරයි

කාලච්ඡේද ගණන –

10

ඉගෙනුම් ඵල –

  • ප්‍රාථමික ද්විතීයික සහ තෘතීයික ලෙස ඇල්කයිල් හේලයිඩ වර්ගීකරණය කරයි
  • ඇල්කිල් හේලයිඩවල නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාවලට භාජනය වීමේ ප්‍රවණතාව C – X බන්ධනයේ ධ්‍රැවීය ස්වභාවය හා සම්බන්ධ කරයි
  • ග්‍රිනාඞ් ප්‍රතිකාරකය පිළියෙල කිරීම හා එහි ගුණ විස්තර කරයි
  • නියුක්ලියොෆයිල කෙරෙහි ඇරිල් හේලයිඞ් සහ වයිනයිල් හේලයිඩ (sp² කාබන් පරමාණුවලට සම්බන්ධ හැලජනවල) අක්‍රියතාව පැහැදිලි කරයි

පාඩම් සැලසුම් සඳහා උපදෙස් –

  • ප්‍රාථමික, ද්විතියික හා තෘතික ලෙස ඇල්කයිල් හේලයිඩ වර්ගීකරණය පැහැදිලි කරනන්
  • ඇල්කයිල් හේලයිඩ වල තාපාංකය, ද්‍රවාංකය සහ ද්‍රාව්‍යතාවය වැනි භෞතික ගුණ පැහැදිලි කරන්න
  • ඇල්කයිල් හේලයිඩ වල ඇති C – X බන්ධනයේ ධ්‍රැවීය ස්වභාවය හේතුකොට ගෙන ඒවා නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියා වලට දක්වන නැඹුරුතාවය පිළිබඳ සාකච්ඡා කරන්න
  • ඇරිල් හේලයිඩ සහ වයිනයිල් හේලයිඩවල නියුක්ලියොෆිලික ආදේශ ප්‍රතික්‍රියා සිදු නොවීම පිළිබඳව සාකච්ඡා කරන්න
  • ග්‍රීනාඞ් ප්‍රතිකාරකය පිළියෙල කරගන්නා ආකාරය සහ එය ප්‍රෝටෝනදායක ප්‍රතිකාරක සමග දක්වන ප්‍රතික්‍රියා පැහැදිලි කරන්න

ඇගයීම් හා තක්සේරුකරණය –

  • දෙන ලද අණුක සුත්‍ර සදහා පැවතිය හැකි සියලුම ඇල්කයිල් හේලයිඩ වල ව්‍යුහ ලිවීමට ඇති හැකියාව අගයන්න
  • ඉහත සඳහන් ඇල්කයිල් හේලයිඩ, ප්‍රාථමික, ද්විතියික හා තෘතික ලෙස වර්ග කිරීමට ඇති හැකියාව තක්සේරු කරන්න
  • දෙන ලද ඇල්කයිල් හේලයිඩ OH, CN, RC≡ C, RO යන නියුක්ලියොෆයිල් ඇති විට ලබා දෙන ඵල ලිවීමට ඇති හැකියාව අගයන්න

නිපුණතා මට්ටම 8.7 –

බන්ධන බිඳීමේ හා තැනීමේ ශීඝ්‍රතාවය පදනම් කර ගනිමින් ඇල්කීල් හේලයිඩවල නියුක්ලියෝෆිලික ආදේශය විශ්ලේෂණය කරයි

කාලච්ඡේද ගණන –

03

ඉගෙනුම් ඵල –

  • ඇල්කිල් හේලයිඩවල නියුක්ලියෝ-ෆිලික ආදේශය සිදු විය හැකි ප්‍රතික්‍රියා මාර්ග දෙකක් ඇති බව වටහා ගනියි
  • බන්ධන බිදීම හා බන්ධන තැනමී සමකාලනී ව සිදු වන විට ඇල්කිල් හේලයඩි වල නියුක්ලියොෆිලික ආදේශ ප්‍රතික්‍රියාව තනි පියවර ප්‍රතික්‍රියාවක් ලෙස විස්තර කරයි
  • නව බන්ධනයක් තැනීම, බන්ධ බිදීමෙන් පසුව සිදුවන විට, ඇල්කිල් හේලයිඩල නියුක්ලියා්ෆිලික ආදේශය දෙපියවර ප්‍රතික්‍රියාවක් ලෙස විසතර කරයි

පාඩම් සැලසුම් සඳහා උපදෙස් –

  • ඇල්කයිල් හේලයිඩ වල නියුක්ලියොෆිලික ආදේශ ප්‍රතික්‍රියා සිදු විය හැකි ක්‍රම දෙක හදුන්වා දෙන්න. (තනි පියවර සහ දෙපියවර)
  • සුදුසු නිදසුන් යොද ගනිමින් තනි පියවර ප්‍රතික්‍රියා සහ දෙපියවර ප්‍රතික්‍රියා සිදුවන අන්දම සාකච්ඡා කරන්න

ඇගයීම් හා තක්සේරුකරණය –

  • සුදුසු ආකෘති යොදා ගනිමින් ඇල්කයිල් හේලයිඩ වල තනි පියවර හා දෙපියවර ප්‍රතික්‍රියා පැහැදිලි කිරීමට ඇතිහැකියාව අගයන්න

You Might Also Like