A/Level Chemistry Syllabus

07 ඒකකය – කාබනික රසායන විද්‍යාවේ මූලික සංකල්ප

ඒකකය 7 – කාබනික රසායන විද්‍යාවේ මූලික සංකල්ප

නිපුණතාව 7.0 –

කාබනික සංයෝගවල විවිධත්වය විමසා බලයි

නිපුණතා මට්ටම 7.1 –

රසායන විද්‍යාවේ විශේෂ ක්ෂේත්‍රයක් ලෙස කාබනකික රසායනයේ වැදගතක්ම විමර්ශන කරයි

කාලච්ඡේද ගණන –

03

ඉගෙනුම් ඵල –

  • ප්‍රධාන සංඝටික මූලද්‍රව්‍යය ලෙස කාබන් අන්තර්ගත වන ස්වාභාවික හා කෘතිම සංයෝග විශාල සංඛ්‍යාවක් පවතින බව ප්‍රකාශ කරයි
  • අදාළ කරුණු ඉදිරිපත් කරමින් කාබන්වලට විශාල සංයොග් සංඛ්‍යාවක් සෑදීමට ඇති හැකියාව පැහැදිලි කරයි
  • විවිධ ක්‍ෂේත්‍රවලින් නිදසුන් දෙමින් දෛනික ජීවිතයේ දී කාබනික රසායනයේ වැදගත්කම පෙන්වා දෙයි

පාඩම් සැලසුම් සඳහා උපදෙස් –

  • කාබනික සංයෝග විශාල සංඛ්‍යාවක් පැවතීමට හේතු සහ දෛනික ජීවිතයට ඒවායේ ඇති වැදගත්කම සාකච්ඡා කරන්න
  • බහුලව ඇති විවිධ වර්ගයේ කාබනික සංයෝග පිළිබදව සාකච්ඡා කරන්න. (නිදසුන් – ඉන්ධන, රෙදිපිළි, සේදුම්කාරක, ඖෂධ, ආහාර, බහුඅවයවික ආදිය)

ඇගයීම් හා තක්සේරුකරණය –

  • සිසුන් කාණ්ඩායම් දෙකකට බෙදීම මගින් අප දෛනික ජීවිතයේ භාවිතා කරන සංයෝග, කාබනකි සහ අකාබනකි ලෙස ගොනු කිරීමට ඇති හැකියාව අගයන්න

නිපුණතා මට්ටම  7.2 –

ක්‍රියාකාරි කාණ්ඩ ආශ්‍රයෙන් කාබනික සංයෝගවල විවිධත්වය විමර්ශනය කරයි

කාලච්ඡේද ගණන –

03

ඉගෙනුම් ඵල –

  • විෂය නිර්දේශයේ ඇතුළත් ක්‍රියාකාරී කාණ්ඩවල නාම හා සංකේත හඳුනා ගනියි
  • අන්තර්ගත ක්‍රියාකාරී කාණ්ඩ ආශ්‍රයෙන් කාබනික සංයෝග වල විවිධත්වය හඳුනා ගනියි
  • එක් එක් ක්‍රියාකාරී කාණ්ඩයෙහි ඇතුළත් සදෘශ (සමප්‍රභව) ශ්‍රේණි නම් කරමින් නිදසුන් දක්වයි

පාඩම් සැලසුම් සඳහා උපදෙස් –

  • විවිධ කාබනික සංයෝග ඒවායේ අඩංගු ක්‍රියාකාරී කාණ්ඩ අනුව වර්ගීකරණය කර ලැයිස්තුගත කරමින් පාඩම මෙහෙයවන්න
  • එදිනෙදා ජිවීතයේදී භාවිතා කරන කාබනික සංයෝගවල ඇති ක්‍රියාකාරී කාණ්ඩ හදුනාගැනීම පවරන්න
    • ඇරොමැටික හයිඩ්‍රොකාබන
    • ඇල්කිල් හේලයිඩ සහ ඇරිල් හේලයිඩ
    • ඇල්කොහොල හා ෆිනෝල්
    • ඊතර
    • ඇල්ඩිහයිඩ හා කීටෝන
    • කාබොක්සිලික් අම්ල
    • එසට්ර
    • ඇල්පැටික ඇමීන/ඇරිල් ඇමීන
    • ඇමයිඩ
    • ඇමයිනෝ අම්ල

ඇගයීම් හා තක්සේරුකරණය –

  • දෙන ලද සංයෝගවල ඇති ක්‍රියාකාරී කාණ්ඩ හදුනාගැනීමට ඇති හැකියාව අගයන්න

නිපුණතා මට්ටම 7.3 –

සරල ඇලිෆැටික කාබනික සංයෝග නම් කරයි

කාලච්ඡේද ගණන –

06

ඉගෙනුම් ඵල –

  • සාමාන්‍ය කාබනික සංයෝගවල ව්‍යවහාරික නාම ප්‍රකාශ කරමින් සම්මත නාමකරණයක වශ්‍යතාව හඳුනාගනී
  • IUPAC නීති භාවිතයට ගනිමින්, විෂය නිර්දේශයේ සීමාවන්ට යටත්ව දෙන ලද කාබනික සංයෝග නම් කරයි
  • සංයෝගයක IUPAC නාමය දුන් කල එහි ව්‍යූහ සූත්‍රය අඳියි

පාඩම් සැලසුම් සඳහා උපදෙස් –

  • ක්‍රියාකාරි කාණ්ඩවල ප්‍රමුඛතා අනුපිලිවෙල හදුන්වා දෙන්න
  • සුදුසු නිදසුන් යොදා ගනිමින් IUPAC නාමකරණයේ නීති රිති සාකච්ඡා කරන්න
  • දෙන ලද IUPAC නම සහිත සංයෝගයක ව්‍යුහ සූත්‍රය ලියන ආකාරය පැහැදිලි කරන්න

ඇගයීම් හා තක්සේරුකරණය –

  • දෙන ලද සංයෝග IUPAC නාමකරණයට අනුව නම් කිරිමට හා IUPAC නම දී ඇති විට යෝගයේ ව්‍යුහ සුත්‍රය ලිවීමට ඇති හැකියාව අගයන්න.

නිපුණතා මට්ටම 7.4 –

එකම අණුක සූත්‍රයෙන් යුත් අණුවලට තිබිය හැකි එකිනෙකට වෙනස් පරමාණුක සැකැස්ම විමර්ශනය කරයි

කාලච්ඡේද ගණන –

06

ඉගෙනුම් ඵල –

  • දෙන ලද අණුක සූත්‍රයකට තිබිය හැකි සියලු ව්‍යූහ සූත්‍ර අඳියි
  • දෙන ලද අණුක සූත්‍රයක් සඳහා අඳින ලද ව්‍යූහ සූත්‍ර, දාම, ස්ථාන සමාවයවික ලෙස වර්ග කරයි
  • ජ්‍යාමිතික හා ප්‍රකාශ සමාවයවිකතාව පෙන්වීම සදහා තිබිය යුතු අවශ්‍යතා ප්‍රකාශ කරයි
  • දෙන ලද අණුක සූත්‍රයක් සඳහා තිබිය හැකි සමාවයවික අතරින්, ජ්‍යාමිතික හා ප්‍රකාශ සමාවයවික තෝරයි

පාඩම් සැලසුම් සඳහා උපදෙස් –

  • එකම අණුක සුත්‍රය ඇති නමුත් විවිධ රසායනික හා භෞතික ගුණ පෙන්වීමට හැකි සංයෝග පැවතීම ලෙස සමාවයවිකතාව ලෙස අර්ථ දක්වන්න
  • සුදුසු නිදසුන් භාවිතා කරමින් විවිධ සමාවයවික වර්ග පිළිබදව පැහැදිලි කරන්න
  • ව්‍යුහ සමාවයවික (දාම, ස්ථාන, ක්‍රියාකාරි කාණ්ඩ)
  • ත්‍රිමාන සමාවයවික (පාර ත්‍රිමාන, ප්‍රතිරූප අවයව)
  • ජ්‍යාමිතික (සිස්-ට්‍රාන්ස්) සමායවිකතාවය සහ ප්‍රකාශ සමාවයවිකතාව පෙන්වීමට තිබිය යුතු අවශ්‍යතා සාකච්ඡා කරන්න

ඇගයීම් හා තක්සේරුකරණය –

  • දෙන ලද සංයෝගවල ඇති සමාවයවික වර්ගය හදුනාගැනීමට ඇති හැකියාව අගයන්න
  • දෙන ලද අණුක සුත්‍රයක් සඳහා පැවතිය හැකි සියලුම සමාවයවික වල ව්‍යුහ ඇඳීමට ඇති හැකියාව අගයන්න

You Might Also Like