A/Level Chemistry Syllabus

06 ඒකකය – s, p හා d ගොනුවලට අයත් මූලද්‍රව්‍යයන්ගේ රසායනය

ඒකකය 6 – s, p හා d ගොනුවලට අයත් මූලද්‍රව්‍යයන්ගේ රසායනය

 

නිපුණතාව 6.0 –

s, p හා d ගොනුවල මූලද්‍රව්‍ය හා ඒවායේ සංයෝගවල ගුණ විමර්ශනය කරයි

නිපුණතා මට්ටම 6.1 –

s ගොනුවේ මූලද්‍රව්‍යවල ගුණ විමර්ශනය කරයි

කාලච්ඡේද ගණන –

10

ඉගෙනුම් ඵල –

  • ගොනුවේ මූලද්‍රව්‍යවල හා සංයෝගවල පැවැත්ම විස්තර කරයි
  • පළමුවැනි හා දෙවැනි කාණ්ඩවල මූලද්‍රව්‍ය වාතය / ඔක්සිජන්, ජලය, අම්ල, නයිට්‍රජන් හා හයිඩ්‍රජන් සමඟ සිදුකරන ප්‍රතික්‍රියාවල ස්වභාවය තුලිත රසායනික සමීකරණ ඇසුරින් විස්තර කරයි
  • සොඩි් යම් හා සෝඩියම් හා මැග්නීසියම් නියෝජිත මූලද්‍රව්‍ය ලෙස ගනිමින් ඒවා වාතය, ඔක්සිජන්.
    ජලය හා අම්ල සමඟ සිදුකරන ප්‍රතික්‍රියා නිරීක්‍ෂණය කරයි
  • ගොනුවේ මූලද්‍රව්‍යවලට, න්‍යෂ්ටියට ලිහිල්ව බැඳී ඇති අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන බැහැර කර (ඔක්සිකරණය) උච්ච වායු වින්‍යාසය සහිත ස්ථායී කැටායන සෑදීම මගින් ඔක්සිහාරක ලෙස ඒවාට ක්‍රියා කළ හැකි බව පැහැදිලි කරයි
  • පහන් සිළු පරීක්‍ෂාවෙන් ගොනුවේ මූලද්‍රව්‍යව හඳුනා ගනී
  • ඉලෙක්ට්‍රෝන සංක්‍රමණ (විමෝචන වර්ණාවලිය) ආශ්‍රයෙන් පහන් සිළු පරීක්‍ෂාවේ ප්‍රතිඵල පැහැදිලි කරයි

පාඩම් සැලසුම් සඳහා උපදෙස් –

  • Na, K, Mg සහ Ca ස්වාභාවයේ පවතින ආකාරය ගැන සාකච්ඡා කරන්න
  • පළමු හා දෙවන කාණ්ඩයේ මුල ද්‍රව්‍ය වාතය O2 ජලය , අම්ල , N2 සහ H2 සමග දක්වන ප්‍රතික්‍රියා පැහැදිලි කරන්න
  • නියොජි්ත මුලද්‍රව්‍ය ලෙස Na හා Mg යොදා ගනිමින් ඉහත ප්‍රතික්‍රියා සදහා තුලිත රසායනික සමීකරණ ලියන්න
  • ඉලෙක්ට්‍රෝන වින්‍යාස සලකාබලමින් “s” මුල ද්‍රව්‍යයන්ගේ ඔක්සිහාරක හැකියාව පැහැදිලි කරන්න

අදාල පරීක්ෂණ –

  • ලෝහ, වාතය, ජලය සහ අම්ල සමග සිදුකරන ප්‍රතික්‍රියා සන්සන්දනය කරන්න
  • Li+, Na+, K+, Ca2+, Ba2+ හා Sr2+ හදුනාගැනීම සදහා පහන්සිළු පරික්ෂාව සිදු කරන්න

ඇගයීම් හා තක්සේරුකරණය –

  • සුදුසු ප්‍රශ්න ලබාදීම මගින් I හා II කාන්ඩවල මුල ද්‍රව්‍යයන්ගේ ප්‍රතික්‍රියාශිලිත්වය සන්සන්දනය කිරීමට ඇති හැකියාව අගයන්න
  • දෙන ලද මුලද්‍රව්‍ය H2 තනුක අම්ල, O2 සහ වාතය සමග දක්වන ප්‍රතික්‍රියා සදහා තුලිත රසායනික සමීකරණ ලිවීමට ඇති හැකියාව අගයන්න

නිපුණතා මට්ටම  6.2 –

p ගොනුවේ මූලද්‍රව්‍ය හා සංයෝගවල ගුණ විමර්ශනය කරයි

කාලච්ඡේද ගණන –

20

ඉගෙනුම් ඵල –

  • s ගොනුවට සාපේක්‍ෂව ගොනුවේ මූලද්‍රව්‍යවල හා සංයෝගවල පැවැත්ම විස්තර කරයි
  • අම්ල හා ප්‍රබල ක්ෂාර සමඟ ඇලුමිනියම්වල ප්‍රතික්‍රියා විස්තර කරයි
  • ඇලුමිනියම් හා ඇලුමිනියම් ඔක්සයිඩවල ප්‍රතික්‍රියා මඟන් එහි උභයගුණී ස්වභාවය විස්තර කරයි
  • AlCl3 හි ඉලෙක්ට්‍රෝන ඌණතාව හා Al2Cl6 සෑදීම විස්තර කරයි
  • මිනිරන්වල හා දියමන්තිවල ව්‍යූහමය ගුණ පැහැදිලි කරයි
  • කාබන් මොනොක්සයිඞ්වල හා කාබන් ඩයොක්සයිඞ්වල ව්‍යූහය හා ගුණ ඉදිරිපත් කරයි
  • H2CO3 හි ව්‍යූහය ලබා දී එහි ආම්ලික ගුණ පැහැදිලි කරයි
  • නයිට්‍රජන්හි විවිධ ඔක්සිකරණ අංක සඳහා නිදසුන් ඉදිරිපත් කරයි
  • නයිට්‍රජන්හි ඔක්සයිඩ හා ඔක්සො අම්ලවල ව්‍යුහ ඉදිරිපත් කරයි
  • දී ඇති ලෝහ හා අලෝහ සමඟ නයිට්‍රික් අම්ලයේ ප්‍රතික්‍රියා සඳහා තුලිත සමීකරණ ලියයි
  • ඇමෝනියා ඔක්සිකාරකයක් හා ඔක්සිහාකරයක් ලෙස ක්‍රියා කරන අවස්ථා සඳහා ප්‍රතික්‍රියා ලියයි
  • ඇමෝනියම් ලවණවල තාපවියෝජනය සඳහා තුලිත සමීකරණ ලියයි
  • ඇමෝනියා වායුව හා ඇමෝනියම් අයන පරීක්ෂණාත්මකව හඳුනා ගනී
  • ඔක්සිජන් හා සල්ෆර්වල බහුරූපී ආකාරවල තොරතුරු ඉදිරිපත් කරයි
  • සල්ෆර් වල ඔක්සො අම්ල සඳහා ව්‍යූහ ඉදිරිපත් කරයි
  • සාන්‍ද්‍ර සල්ෆියුරික් අම්ලයේ ඔක්සිකාරක හැකියාව පැහැදිලි කරනු පිණිස එය ලෝහ, කාබන් හා සල්ෆර් සමඟ සිදුකරන ප්‍රතික්‍රියා ලියයි
  • ඔක්සිකාරක හා ඔක්සිහාරක ලෙස හා සිදු කරන ප්‍රතික්‍රියා ලියයි
  • හැලජනවල භෞතික තත්ත්ව සහ වර්ණ පිළිබඳ විමසා බලයි
  • Cu, Fe හා NH3 සමඟ ක්ලෝරීන්වල ප්‍රතික්‍රියා සඳහා තුලිත සමීකරණ ලියයි
  • හැලජනවල ප්‍රතිස්ථාපන ප්‍රතික්‍රියා සඳහා තුලිත සමීකරණ ලියයි
  • හැලජනවල සාපේක්‍ෂ ඔක්සිකාරක හැකියාව පැහැදිලි කරයි
  • නිදසුන් ඇසුරින් ක්ලෝරීන්වල සහ chlorate(I) අයනයේ ද්විධාකරණය සඳහා තුලිත සමීකරණ ලියයි
  • විවිධ ඔක්සිකරණ අවස්ථාවල ඇති ඔක්සො අම්ල වල ව්‍යූහ අඳියි
  • ක්ලෝරීන් වල ඔක්සො අම්ලවල ආම්ලික ප්‍රභලතාවය හා ඔක්සිකාරක හැකියාව සසඳයි
  • සුදුසු නිදසුන් දෙමින් ජලීය මාධ්‍යයේ හයිඩ්‍රජන් හේලයිඩවල ආම්ලකි තාව විස්තර කරයි
  • උච්ච වායුවල ගුණ ප්‍රකාශ කරමින් ඒවා සාදන සංයෝග සමහරකට නිදසුන් සපයයි
  • අවක්ෂේපණ හා වෙනත් ක්‍රම භාවිතයෙන් ඇනායන හඳුනා ගනී
  • ඇනායනයේ ස්වභාවය පදනම් කර ගනිමින් අම්ලවලදී අවක්ෂේපවල ද්‍රාව්‍යතාව පැහැදිලි කරයි
  • වාතයේ නයිට්‍රජන් ඇති බව පරීක්‍ෂණාත්මකව පෙන්වා දෙයි
  • හේලයිඩ අයන පරීක්‍ෂණාත්මකව හඳුනා ගනී
  • KIO3 හා KI භාවිත කර තයෝසල්ෆේට් ද්‍රාවණයක් ප්‍රමාණීකරණය කරයි

පාඩම් සැලසුම් සඳහා උපදෙස් –

  • C, N හා O අඩංගු සංයෝග ස්වභාවයේ පවතින ආකාරය සාකච්ඡා කරන්න
  • Al හා Al2O3 වල උභයගුනී ලක්ෂණ ඒවාට අදාල ප්‍රතික්‍රියා සමග පැහැදිලි කරන්න
  • ඉලෙක්ට්‍රෝන ඌණතා සංකල්පය යොදා ගනිමින් Al2Cl6 සෑදෙන අයුරු විස්තර කරන්න
  • C, O හා S නිදසුන් ලෙස ගනිමින් “P” ගොණුවේ මුලද්‍රව්‍ය වල බහුරූපී ආකාර හ‘දුන්වා දෙන්න
  • Al2Cl3 සහ C, N හා S සාදන ඔක්සයිඩ වල ගුණ සහ ප්‍රතික්‍රියා පැහැදිලි කරන්න
  • C, N, S ී හා Cl මගින් අචක්‍රීය අම්ලවල ලක්ෂණ විස්තර කරන්න
  • HNO3 අම්ලය ලෝහ සහ අලෝහ සමග දක්වන ප්‍රතික්‍රියා පැහැදිලි කරන්න
  • “N” වල හයිඩ්‍රයිඩයක් ලෙස NH3 හදුන්වා දෙන්න
  • ඇමෝනියම් ලවණ වල හැසිරීම පැහැදිලි කරන්න
  • H2O සහ H2O2 වල ගුණ සහ ප්‍රතික්‍රියා පැහැදිලි කරන්න
  • H2S, SO2 සහ H2SO4 වල ගුණ සහ ප්‍රතික්‍රියා සාකච්ඡා කරන්න
  • ඔක්සිකාරකයක් ලෙස, විරංජන කාරකයක් ලෙස සහ ද්විධාකරණයක් ලෙස ක්ලෝරින් හි ප්‍රතික්‍රියා සාකච්ඡා කරන්න
  • ක්ලෝරින් වල විස්ථාපන ප්‍රතික්‍රියා පැහැදිලි කරන්න
  • බන්ධන විඝටන එන්තැල්පීන් යොදා ගනිමින් හයිඩ්‍රජන් හේලයිඩ වල ආම්ලිකෘත සන්සන්දනය කරන්න
  • 15වන කාණ්ඩයේ මූලද්‍රව්‍ය සාදන ක්ලෝරයිඩ වල ජලවිච්ඡේදන ප්‍රතික්‍රියා සාකච්ඡා කරනන්
  • නිශ්ක්‍රීය වායුන්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය මතකයට නංවමින් ඒවායේ අක්‍රීය ස්වභාවය සහ සෙනෝත්ට ඔක්සයිඩ හා ප්ලුවොරයිඩ සෑදීමට ඇති හැකියාව පැහැදිලි කරන්න

අදාල පරීක්ෂණ –

  • ඇමෝනියා වායුව හා ඇමෝනියම් ලවණ හඳුනාගැනීම. (ලිට්මස්, HCl හා නෙස්ලර් ප්‍රතිකාරකය)
  • ඇනායන හඳුනාගැනීම (X, SO42-, SO32-, S2O32-, S2-, CO32-, NO3, NO2)
  • වාතයේ නයිට්‍රජන් ඇති බව පරීක්ෂණාත්මකව පෙන්වීම
  • හේලයිඩ හදුනාගැනීම
  • KIO3 හා KI භාවිතයෙන් තයෝසල්ෆේට් අයන ද්‍රාවනයක් ප්‍රාමාණික කිරීම

ඇගයීම් හා තක්සේරුකරණය –

  • Al හා Al2O3 හි උභයගූනි ස්වභාවය විස්තර කිරීමට ඇති හැකියාව අගයන්න
  • H2S, SO2 , H2O2 , Cl2 , HNO3 සහ H2SO4 යන ඒවාට අදාල ප්‍රතික්‍රියා ලිවීමට ඇති හැකියාව අගයන්න
  • දෙන ලද ලේබල් රහිත හේලයිඩ සාම්පල වෙන්කර හඳුනාගැනීමට ඇති හැකියාව අගයන්න

නිපුණතා මට්ටම 6.3 –

s හා p ගොනු මූලද්‍රව්‍යවල හා ඒවායේ සංයෝගවල ගුණ සහ ඒවායේ නැඹුරුතා විමර්ශනය කරයි

කාලච්ඡේද ගණන –

10

ඉගෙනුම් ඵල –

  • ගොනුවේ මූලද්‍රව්‍යවල ලවණවල ජල ද්‍රාව්‍යතාව සංසන්දනය කරයි
  • ගොනුවේ මූලද්‍රව්‍යවල නයිටෙට, කාබනේට බයිකාබනේටවල තාප ස්ථායිතාව සසදයි
  • තුන්වන ආවර්තය දිගේ දකුණට යාමේදී s හා p ගොනුවල ඔක්සයිඩ හා හයිඩ්‍රොක්සයිඩවල ආම්ලික / භාෂ්මික / උභයගුණී ස්වභාවය පහදා දෙයි
  • හයිඩ්‍රයිඩ හා හේලයිඩ වල ජල විච්ඡේදන නැඹුරුතා දැක්වීම සඳහා අදාල තුලිත සමීකරණ ලියයි
  • s ගොනුවේ ලවණවල ජල ද්‍රාව්‍යතාව පරීක්‍ෂණාත්මකව සංසන්දනය කරයි
  • නයිටේ්‍රට, හා කාබනේටවල තාපස්ථායිතාව පරීක්‍ෂණාත්මකව සසඳයි

පාඩම් සැලසුම් සඳහා උපදෙස් –

  • “S” මූලද්‍රව්‍ය NO3, CO32-, SO42-, Cl, OH, C2O42-, PO43-, HCO3, NO2, S2, SO32-, CrO42- වැනි ඇනායන සමග සාදන ලවණ වල ජල ද්‍රාව්‍යතාව විචලනය වන අයුරු පරීක්ෂණාත්මක ප්‍රතිඵල මගින් පැහැදිලි කරන්න
  • “S” මුලද්‍රව්‍ය සාදන කාබනේට් බයිකාබනේට හා නයිටේ්‍රටවල තාප ස්ථායිතාව විචලනය වන අයරු අයුරු ඒවායේ සහසංයුජ හා අයනික ලක්ෂණ භාවිතයෙන් පැහැදිලි කරන්න
  • ඉහත සංයෝගවල තාප වියෝජන ප්‍රතික්‍රියාවලට අදාල තුලිත රසායනික සමීකරණ ලිවීමට මග පෙන්වන්න
  • තුන්වන ආවර්තයේ මුලද්‍රව්‍ය සාදන ඔක්සයිඩ සහ හයිඩ්‍රොක්සයිඩවල ආම්ලික/භාෂ්මික/ උභයගුනි ස්වභාවය හේතු දක්වමින් පැහැදිලි කරන්න
  • ඉහත සංයෝග වල ආම්ලික / භාෂ්මික / උභයගුනි ස්වභාවය හදුනාගැනීමට හේතුවන අයුරින් අදාල තුලිත රසායනික සමීකරණ ලිවීමට මග පෙන්වන්න
  • තුන්වන ආවර්තය හරහා දකුණට යාමේදී හයිඩ්‍රයිඩ හා හේලයිඩ ජලය සමග දක්වන ප්‍රතික්‍රියා මගින් ලැබෙන ඵල විස්තර කරන්න
  • 15 කාණ්ඩයේ පහළට යන විට හේලයිඩ ජලය දක්වන ප්‍රතික්‍රියා ඇසුරින් ජල විච්ඡේදන හැකියාව සසදන්න

අදාල පරීක්ෂණ –

  • “S” මුලද්‍රව්‍ය සාදන ලවණ වල ද්‍රාව්‍යතාවය පරීක්ෂණාත්මකව නිර්නය කිරීම
  • “S” මුලද්‍රව්‍ය සාදන නයිටේ්‍රට හා කාබනේට් වල තාපස්ථායිතාව ප්‍රයෝගිකව නිර්නය කිරීම

ඇගයීම් හා තක්සේරුකරණය –

  • ලවණ වල ද්‍රාව්‍යතා ප්‍රයෝජනයට ගනිමින් සංයෝග හදුනාගැනීමට හා වෙන්කර හදුනාගැනීමට ඇති හැකියාව සුදුසු ප්‍රශ්න ලබාදීම මගින් අගයන්න
  • දෙන ලද සංයෝග වල තාප වියෝජනයට අදාල තුලිත රසායනික සමීකරණ ලිවීමට ඇති හැකියාව අගයන්න
  • දෙන ලද සංයෝග ජලය සමග දක්වන ප්‍රතික්‍රියා සදහා තුලිත රසායනික සමීකරණ ලිවීමට ඇති හැකියාව අගයන්න

නිපුණතා මට්ටම 6.4 –

ආවර්තයක් හරහා දකුණට යාමේදී d ගොනුවේ මූලද්‍රව්‍යවල ගුණ විචලනය වන ආකාරය විමර්ශනය කරයි

කාලච්ඡේද ගණන –

05

ඉගෙනුම් ඵල –

  • d ගොනුවේ ඇතැම් මූලද්‍රව්‍යවල හා සංයෝග වල පැවැත්ම සහ ප්‍රයෝජන විස්තර කරයි
  • ඉලෙක්ට්‍රෝන වින්‍යාස පදනම් කරගෙන සිව් වැනි ආවර්තයේ d ගොනුවට අයත් මූලද්‍රව්‍ය පෙන්වන විචල්‍ය ඔක්සිකරණ අවස්ථා ප්‍රකාශ කරයි
  • d ගොනුවේ මූලද්‍රව්‍යවල විචල්‍ය ඔක්සිකරණ අවස්ථා දැක්වීමේ හැකියාව, s හා p ගොනුවල මූලද්‍රව්‍යවල එම ගුණ සමඟ සංසන්දනය කරයි
  • d ගොනුවේ මූලද්‍රව්‍යවල විද්‍යුත් සෘණතාව s ගොනුවේ මූලද්‍රව්‍ය සමඟ සසදයි
  • d ගොනුවේ මූලද්‍රව්‍යවල ලෝහමය ගුණ s ගොනුවේ මූලද්‍රව්‍ය සමඟ සසදයි
  • d ගොනුවේ මූලද්‍රව්‍යවල උත්ප්‍රේරක ලෙස ක්‍රියා කිරීමේ හැකියාව විස්තර කරයි
  • සුදුසු නිදසුන් දෙමින් d ගොනුවේ මූලද්‍රව්‍යවල වර්ණවත් සංයෝග සැදීමේ හැකයි ාව
    විස්තර කරයි
  • d ගොනුවේ වර්ණවත් සංකීර්ණ අයන පරීක්‍ෂණාත්මකව හඳුනා ගනී

පාඩම් සැලසුම් සඳහා උපදෙස් –

  • පළමු “d” ශ්‍රේණියේ ඇති මුල ද්‍රව්‍ය ඒවායේ ඉලෙක්ට්‍රොන් වින්‍යාස සමග හඳුන්වා දෙන්න
  • Cu, Fe හා Ti සහ ඒවායේ සංයෝග ස්වාභාවයේ පවතින ආකාරය හා ඒවායේ ප්‍රයෝජන සාකච්ඡා කරන්න
  • ගොනුවේ මුල ද්‍රව්‍යයන්ගේ ගුණ සාකච්ඡා කරන්න. (විචල්‍ය ඔක්සිකරණ අංක, විද්‍යුත් ඍණතාව, ලෝහමය ගුණ, උත්ප්‍රේරක ක්‍රියාව සහ වර්ණවත් සංයෝග සෑදීමට ඇති හැකියාව)
  • ඉහත ලක්ෂණ “S” හා “P” මුලද්‍රව්‍යවල ගුණ සමග සන්සන්දනය කරන්න
  • සංකිර්ණවල ව්‍යුහ සුත්‍ර සහ වර්ණ හදුන්වා දෙන්න

අදාල පරීක්ෂණ –

  • ජලීය මාධ්‍යයේදී සංකිර්ණවල වර්ණ හදුනාගැනීම

ඇගයීම් හා තක්සේරුකරණය –

  • 3d මුලද්‍රව්‍ය සහ ඒවායේ සංයොග් වල ප්‍රයෝජන ඉදිරිපත් කිරීමට ඇති හැකියාව ඒවා සෙවීමට පැවරුමක් ලබාදීම මගින් අගයන්න
  • දෙන ලද මුලද්‍රව්‍යවල දෙන ලද ගුණ පැහැදිලි කිරීමට ඇති හැකියාව අගයන්න
  • d ගොනුවේ මුලද්‍රව්‍යවල සමහරක් ගුණ ඒවායේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අනුසාරයෙන් පැහැදිලි කිරීමට ඇති හැකියාව අගයන්න

නිපුණතා මට්ටම 6.5 –

d ගොනුවේ සංයෝගවල ගුණ විමර්ශනය කරයි

කාලච්ඡේද ගණන –

10

ඉගෙනුම් ඵල –

  • ක්‍රෝමියම්වල හා මැංගනීස්වල ඔක්සයිඩවල ආම්ලික / භාෂ්මික / උභයගුණී ස්වභාවය ප්‍රකාශ කරයි
  • ක්‍රෝමියම්වල හා මැංගනීස්වල ඔක්සො ඇනායන ඔක්සිකාරක ලෙස ක්‍රියාකරන ප්‍රතික්‍රියා සඳහා තුලිත රසායනික ප්‍රතික්‍රියා ලියයි
  • දෙන ලද නියැදියක ඇතුලත් Fe2+ අයන සාන්‍ද්‍රණය පරීක්‍ෂණාත්මකව නිර්ණය කරයි
  • දෙන ලද Na2C2O4 ද්‍රාවනණක සාන්ද්‍රණය පරීක්ෂණාත්මකව නිර්නය කරයි

පාඩම් සැලසුම් සඳහා උපදෙස් –

  • ක්රෝමියම් හා මැංගනීස් සාදන ඔක්සයිඩවල සුත්‍ර සහ ආම්ලික, භාස්මික, උභය ගුණී ස්වභාවය ඉදිරිපත් කරන්න
  • Cr2O72- , CrO42- හා MnO4 වල ඔක්සිකාරක හැකියාව පැහැදිලි කිරීම් සදහා ඒවායේ ප්‍රතික්‍රියා වලට අදාල තුලිත රසායනික සමීකරණ ලිවීමට උපදෙස් ලබා දෙන්න
  • සුදුසු ප්‍රතිකාරක යොදා ගනිමින් Cr හා Mn සාදන ඔක්සො ඇනායන වල ඔක්සිකාරක හැකියාව ආදර්ශනය කරන්න. උදා: C2O42-, H2O2 , H2S , SO2
  • H+/ KMnO4 < MnO4 භාවිතා කරමින් දෙන ලද සාම්පලයක ඇති Fe2+ සාන්ද්‍රණය නිර්නය කරන අයුරු පැහැදිලි කරන්න
  • H+/ KMnO4 මගින් දෙන ලද K2C2O4 ද්‍රාවණයක සාන්ද්‍රණය පරීක්ෂණාත්මක නිර්ණය කරන අයුරු පහදා දෙන්න

අදාල පරීක්ෂණ –

  • H+/ KMnO4 භාවිතා කරමින් දෙන ලද  Fe2+ ද්‍රාවණයක සාන්ද්‍රණය නිර්නය කිරීිම
  • H+/ KMnO4 භාවිතා කරමින් දෙන ලද C2O42- ද්‍රාවණයක සාන්ද්‍රණය සෙවීම

ඇගයීම් හා තක්සේරුකරණය –

  • Cr හා Mn සාදන දෙන ලද ඔක්සයිඩ වල ආම්ලික/භාස්මික/උභය ගුණි ස්වභාවය ලිවීමට ඇති හැකියාව අගයන්න
  • MnO4, CrO42- හා Cr2O72- වල ඔක්සිකාරක හැකියාව පෙන්වීම සඳහා ඒවා දෙන ලද ප්‍රතිකාරක සමග දක්වන ප්‍රතික්‍රියා සදහා තුලිත රසායනික සමීකරණ ලිවීමට ඇති හැකියාව අගයන්න

නිපුණතා මට්ටම 6.6 –

d ගොනුවේ සංකීර්ණ සංයෝගවල ගුණ විමර්ශනය කරයි

කාලච්ඡේද ගණන –

10

ඉගෙනුම් ඵල –

  • Cr, Mn, Fe, Co, Ni හා Cu යන මූලද්‍රව්‍යවල කැටායන H2O, NH3 හා Cl යන බන්ධ කාණ්ඩ සමග සාදන සංකීර්ණ සංයෝගවල වර්ණ ප්‍රකාශ කරයි
  • d ගොනුවේ අයන NaOH සහ NH3 (aq) සමග දක්වන ප්‍රතික්‍රියා ලියයි
  • සුදුසු නිදසුන් ඉදිරිපත් කරමින් සංකීර්ණ අයනයක කේන්‍ද්‍රීය පරමාණුව, එහි ඔක්සිකරණ අවස්ථාව හා බන්ධ කාණ්ඩ පද්ධතිය සංකීර්ණ සංයෝගයක වර්ණය කෙරෙහි බලපාන බව පෙන්වා දෙයි
  • කොපර් (I) කොබෝල්ට් (II) හා නිකල් (II) ලවණ හයිඩ්‍රොක්ලොරික් අම්ලය හා ඇමෝනියා සමඟ සාදන සංයෝගවල වර්ණ නිරීක්‍ෂණය කරයි
  • මැංගනීස්වල +2, +4, +6 හා +7 ඔක්සිකරණ අවස්ථාවලට අනුරූප විශේෂවල වර්ණ ඔක්සිකරණ – ඔක්සිහරණ ප්‍රතික්‍රියා ඇසුරෙන් නිරීක්‍ෂණය කරයි
  • ජලීය මාධ්‍යයේ ඇති Ni2+, Fe2+, Fe3+, Cu2+ හා Cr3+ අයන හඳුනා ගැනීමට සුදුසු පරීක්‍ෂා සිදුකරයි

පාඩම් සැලසුම් සඳහා උපදෙස් –

  • d ගොනුවේ මුලද්‍රව්‍ය සාදන වර්ණවත් සංකීර්ණ පිළිබඳව සාකච්ඡා කරන්න
  • Cr, Mn, Fe, Co, Ni සහ Cu යන මුලද්‍රව්‍යවල කැටායන H2O, NH3 සහ Cl වැනි ඒක දායක ලිගන සමග සාදන සංකීර්න සංයෝගවල වර්ණ ආදර්ශනය කරන්න
  • මධ්‍ය ලෝහ කැටායනය, ඔක්සිකාරණ තත්ත්වය සහ ලිගන වල ස්වභාවය සංකීර්ණ සංයෝග වල වර්ණය කෙරෙහි බලපාන අන්දම සාකච්ඡා කරන්න
  • +2, +4, +6, +7 යන ඔක්සිකාරක අංක අනුව මැංගනීස් වල වර්ණය වෙනස් වීම අදාල සංයෝග යොදා ගනිමින් නිරීක්ෂණය කිරීමට මග පෙන්වන්න
  • ජලීය ද්‍රාවනයකදී වර්ණවත් සංකීර්ණ සෑදීමට ඇති හැකියාව ප්‍රයෝජනයට ගනිමින් Ni2+, Co2+ , Fe3+, Cu2+ හා Cr3+ යන අයන හදුනාගන්නා ආකාරය පැහැදිලි කරන්න

අදාල පරීක්ෂණ –

  • Ni²+, Co²+ සහ Cu³+ අයන හදුනාගැනීමට ඒවා HCl සහ NH3 (aq) සමග සාදන සංකීර්ණවල වර්ණ පරීක්ෂා කිරීම
  • +2, +4, +6, +7 යන ඔක්සිකාරක අංක අනුව මැංගනීස්හි වර්ණ වෙනස් වන අයුරු නිරීක්ෂණය කිරීම
  • Ni2+, Co2+ , Fe3+, Cu2+ හා Cr3+ යන අයන හදුනා ගැනීමේ පරීක්ෂා සිදු කිරීම

ඇගයීම් හා තක්සේරුකරණය –

  • සංකීර්ණ වල වර්ණ යොදා ගනිමින් d ගොනුවේ කැටායන හදුනාගැනීමට ඇති හැකියාව අගයන්න

You Might Also Like