A/Level Chemistry Syllabus

04 ඒකකය – පදාර්ථයේ වායු අවස්ථාව

ඒකකය 4 – පදාර්ථයේ වායු අවස්ථාව

 

නිපුණතාව 4.0 –

පදාර්ථයේ වායු අවස්ථාවේ හැසිරීම විමර්ශනය කරයි

නිපුණතා මට්ටම 4.1 –

පදාර්ථයේ ප්‍රධාන ත්‍රිවිධ අවස්ථාවල දර්ශිය ලක්ෂණ පැහැදිලි කරනු පිණිස ඒවායේ අංශුමය සංවිධානය යොදා ගනී

කාලච්ඡේද ගණන –

02

ඉගෙනුම් ඵල –

  • ඝන, ද්‍රව, වායු යන ප්‍රධාන අවස්ථාවල අංශුවල සංවිධානය විමර්ශනය කරයි
  • අංශුවල සැකැස්ම උපයෝගි කර ගනිමින් ඝන, ද්‍රව හා වායුවල පරිමාව, ඝනත්වය, හැඩය (හැඩය කෙරෙහි ගුරුත්ව බලයේ බලපෑම) හා සම්පීඩ්‍යතාව වැනි මහේක්ෂ ගුණ සංසන්දනය කරයි

පාඩම් සැලසුම් සඳහා උපදෙස් –

  • පදාර්ථයේ අංශු සැකසී ඇති ආකාරය අනුව ඝන, ද්‍රව හා වායුවල ගුණ වෙනස්වීමට හේතු සාකච්ඡා කරන්න

ඇගයීම් හා තක්සේරුකරණය –

  • දෙන ලද ද්‍රව්‍යවල පරිමාව, ඝනත්වය, හැඩය හා සම්පීඩ්‍යතාව ආදී ගුණ සන්සන්දනය කිරීමට ඇති හැකියාව අගයන්න

නිපුණතා මට්ටම  4.2 –

සත්‍ය වායුවල හැසිරීම් රටා විස්තර කිරීම සදහා ආකෘතියක් ලෙස පරිපුර්ණ වායුව යොදා ගනියි

කාලච්ඡේද ගණන –

10

ඉගෙනුම් ඵල –

  • පරිපූර්ණ වායුව අර්ථ දක්වයි
  • පරිපූර්ණ වායු සමීකරණය සහ එහි ව්‍යූත්පන්න හඳුන්වා දී එහි පද පැහැදිලි කරයි
  • බොයිල්, චාල්ස් හා ඇවගාඩ්‍රෝ නියම ප්‍රකාශ කර, එම නියම පරිපූර්ණ වායු සමීකරණය සමඟ දක්වන සම්බන්ධතාවය පෙන්වා දෙයි
  • වායුවක මවුලික පරිමාව අර්ථ දක්වයි
  • පරිපූර්ණ වායු සමීකරණයට හා එහි ව්‍යුත්පන්නවලට සම්බන්ධ ගැටලු විසඳයි
  • ඔක්සිජන්වල මවුලික පරිමාව පරීක්‍ෂණාත්මක ව නිර්ණය කරයි
  • මැග්නීසියම්වල සාපේක්ෂ පරමාණුක ස්කනධය පරීක්‍ෂණාත්මකව නිර්ණය

පාඩම් සැලසුම් සඳහා උපදෙස් –

  • පරිපුර්ණ වායුවක හා තාත්වික වායුවක ලාක්ෂණික ගුණාංග හදුන්වා දී ඒ මත පදනම් වු පරිපුර්ණ වායු සමීකරණය හදුන්වා දෙන්න
  • පරිපුර්ණ වායු සමීකරණයෙන් ආරම්භ කරමින් සාන්ද්‍රණය (C) ඝනත්වය (d) සහ මවුලික ස්කන්ධය (M) සම්බන්ධ සමීකරණ ව්‍යුත්පන්න කිරීමට මග පෙන්වන්න
  • පරිපුර්ණ වායු සමීකරණය හා එහි ව්‍යුත්පන්න වලට අදාල ගැටලු විසදීමට සිසුන්ට පවරන්න
  • පරිපුර්ණ වායු සමීකරණය මගින් බොයිල් නියමය, චාල්ස් නියමය හා ඇවගාඞ්රෝ
    නියමය ව්‍යුත්පන්න කරන ආකාරය පෙන්වා දෙන්න
  • බොයිල් නියමය, චාල්ස් නියමය හා ඇවගාඞ්රෝ නියමය වචනයෙන් ලියා දැක්වීමට මග පෙන්වන්න

අදාල පරීක්ෂණ –

  • වායුවක මවුලික පරිමාව පරීක්ෂණාත්මකව නිර්ණය කිරීම
  • මැග්නීසියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය පරීක්ෂණාත්මකව නිර්ණය කිරීම

ඇගයීම් හා තක්සේරුකරණය –

  • PV = nRT මගින් බොයිල්, චාල්ස් හා ඇවගාඞ්රෝ නියම ව්‍යුත්පන්න කිරීමට ඇති හැකියාව අගයන්න
  • PV = nRT හා එකි ව්‍යුත්පන්න වලට අදාල ඝනත්වය මවුලික ස්කන්ධය හා සාන්ද්‍රණය සම්බන්ධ විවිධ වර්ගයේ ගැටලු විසදීමට ඇති හැකියාව අගයන්න

නිපුණතා මට්ටම 4.3 –

තාත්වික (සත්‍ය) වායුවල හැසිරිම පැහැදිලි කිරීම සදහා අණුක චාලක වාදය යොදා ගනී

කාලච්ඡේද ගණන –

08

ඉගෙනුම් ඵල –

  • වායුවල අණුක චාලක වාදයේ එන උපකල්පන ප්‍රකාශ කරයි
  • වායුවක පීඩනය කෙරෙහි බලපාන සාධක විස්තර කරයි
  • මධ්‍යනය වේගය (C), වර්ග මධ්‍යනය වේගය (C2) හා වර්ග මධ්‍යන්‍ය මූල වේගය √C2 සඳහා ප්‍රකාශන ලියා දක්වයි
  • වායු පිළිබද චාලක අණුක සමීකරණය ප්‍රකාශ කර එහි පද විස්තර කරයි
  • C2 = 3RT/M සම්බන්ධතාව ව්‍යුත්පන්න කරයි
  • වායු පිළිබඳ මැක්ස්වෙල් – බෝල්ට්ස්මාන් වක්‍රවලින් ඉදිරිපත් කෙරෙන තොරතුරු විස්තර කරයි

පාඩම් සැලසුම් සඳහා උපදෙස් –

  • වායු සදහා වන චාලක අණුක වාදයේ උපකල්පන හදුන්වා දෙන්න
  • වර්ග මධ්‍යනය මූල වේගය සහ මධ්‍යනය වේගය අතර වෙනස පැහැදිලි කරන්න
  • අණුක චාලක සමීකරණය PV = 1/3mNC2 හදුන්වා දෙන්න
  • පරිපුර්ණ වායු සමීකරණය හා අණුක චාලක සමීකරණය මගින් C2 = 3RT/M ව්‍යුත්පන්න කරන්න
  • යම් කිසි වායුවක් උෂ්ණත්වය දෙකක දී මැක්ස්වෙල් බෝල්ට්ස්මාන් වක්‍ර ඇද ඒවා විචලනය වන අන්දම පැහැදිලි කරන්න
  • එකම උෂ්ණත්වයක ඇති වෙනස් වායු වල බෝල්ට්ස්මාන් වක්‍ර ඇද ඒවායේ විචලනය පැහැදිලි කරන්න

ඇගයීම් හා තක්සේරුකරණය –

  • දෙන ලද උෂ්ණත්වය වලදී විවිධ වායුවල වර්ග මධ්‍යනය වේග නිරුරදි සම්මත ඒකක යොදා ගනිමින් ගණනය කිරීමේ හැකියාව අගයන්න
  • එකිනෙකට වෙනස් තත්ත්ව යටතේදී PV = 1/3mNC2 සමීකරණයට සම්බන්ධ සරල ගණනයන් සිදු කිරීමට ඇති හැකියාව අගයන්න
  • මැක්ස්වෙල් – බෝල්ට්ස්මාන් වක්‍ර මගින් තොරතුරු ලබා ගැනීමේ සහ ඒවා සන්සන්දනය කිරීමේ හැකියාව අගයන්න

නිපුණතා මට්ටම 4.4 –

වායු මිශ්‍රණයක හැසිරීම පැහැදිලි කිරීම සදහා ඩෝල්ටන් ගේ ආංශික පීඩන නියමය යොදා ගනී

කාලච්ඡේද ගණන –

06

ඉගෙනුම් ඵල –

  • ආංශික පීඩනය යන පදය පැහැදිලි කර ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමය ප්‍රකාශ කරයි
  • පරිපූර්ණ වායු සමීකරණයෙන් ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමය ව්‍යුත්පන්න කරයි
  • ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමය ආශ්‍රිත ගැටලු විසඳයි

පාඩම් සැලසුම් සඳහා උපදෙස් –

  • වායු මිශ්‍රණයක ඇති යම් කිසි වායුවක ආංශික පීඩනය යනු කුමක්දැයි හදුන්වා දෙන්න
  • ඩොල්ටන්ගේ ආංශික පිඩන නියමය වචනයෙන් ලිවීමට මග පෙන්වන්න
  • පරිපුර්ණ වායු නියමය මගින් ඩොල්ටන්ගේ ආංශික පිඩන නියමය ව්‍යුත්පන්න කරන ආකාරය පෙන්වා දෙන්න
  • ඩොල්ටන්ගේ ආංශික පීඩන නියමයට සම්බන්ධ ගැටලු විසදීමට ඉඩ ලබා දෙන්න

ඇගයීම් හා තක්සේරුකරණය –

  • PV = nRT මගින් ඩොල්ටන් නියමය ව්‍යුත්පන්න කිරීමට ඇති හැකියාව අගයන්න
  • ඩොල්ටන්ගේ ආංශික පිඩන නියමය භාවිතයෙන් දෙන ලද වායු මිශ්‍රණ සදහා විවිධ වර්ගයේ ගණනයන් සිදු කිරීමට ඇති හැකියාව අගයන්න

නිපුණතා මට්ටම 4.5 –

සත්‍ය (තාත්වික) වායු සදහා පරිපුර්ණ වායු සමීකරණය යෙදීමේදී කළ යුතු සංශෝධන විශ්ලේෂණය කරයි

කාලච්ඡේද ගණන –

06

ඉගෙනුම් ඵල –

  • සම්පීඩ්‍යතා සාධකය අර්ථදක්වා, තාත්වික සහ පරිපූර්ණ වායුවල එහි අගය පීඩනය සමඟ වෙනස් වන ආකාරය ප්‍රස්තාරිකව ඉදිරිපත් කරයි
  • අණුක චාලක වාදයේ එන උපකල්පන සලකමින් තාත්වික වායු පරිපූර්ණ වායුවල හැසිරීමෙන් අපගමනය වීමට හේතු විස්තර කරයි
  • තාත්වික වායු, පරිපූර්ණ හැසිරීමෙන් අපගමනය වීම පැහැදිලි කිරීමට ගෙන ගොඩනඟන ලද සමීකරණයක් ලෙස වැන්ඩවාල් චාල්ස් සමීකරණය ඉදිරිපත් කරයි
  • අවධි උෂ්ණත්වය විස්තර කරයි
  • විද්‍යාත්මක සංකල්ප ස්ථිතික ඒවා නොව කරුණු මත පදනම් වෙමින් නිරන්තර වැඩි දියුණු වීම් වලට ලක් වෙතැයි යන අදහස අගය කරයි

පාඩම් සැලසුම් සඳහා උපදෙස් –

  • පරිපූර්ණ වායුවක් සහ තාත්වික වායු සදහා සම්පීඩ්‍යතා සාධකය, පීඩනය සමග විචලනය වන අයුරු ඉදිරිපත් කර චාලක අණුක වාදයේ උපකල්පන යොදා ගනිමින් එම විචලනයන්ට හේතු විස්තර කරන්න
  • පරිපූර්ණ වායුවට යොදන ලද සංශෝධන සහිත වැනඩාචාලස් සමීකරණ හදුන්වා දෙන්න
  • තාත්වික වායු පරිපුර්න හැසිරීමෙන් අපගමනය වන අයුරු පැහැදිලි කිරීමට සිසුන්ට මග පෙන්වන්න
  • අවධි උෂ්ණත්වය පැහැදිලි කරන්න

ඇගයීම් හා තක්සේරුකරණය –

  • තාත්වික වායු පරිපුර්ණ හැසිරීමෙන් අපගමනය වීමට හේතු ඉදිරිපත් කිරීමට ඇති හැකියාව අගයන්න

You Might Also Like