A/Level Chemistry Syllabus

03 ඒකකය – රසායනික ගණනය

ඒකකය 3 – රසායනික ගණනය

නිපුණතාව 3.0 –

රසායනික ගණනය කිරීම් නිවැරදිව සිදුකරයි

නිපුණතා මට්ටම 3.1 –

පරමාණුවේ හා අණු සම්බන්ධ භෞතික රාශි උපයෝගී කර රසායනික සූත්‍ර නිර්ණය
කිරීමට, අදාළ නියත භාවිත කර ගණනයන් සිදු කරයි

කාලච්ඡේද ගණන –

13

ඉගෙනුම් ඵල –

  • දෙන ලද විශේෂයක ඇතුළත් පරමාණුවල ඔක්සිකරණ අංකය සොයයි
  • IUPAC නීති භාවිත කර රසායනික සූත්‍ර හා නාම ලියයි
  • නිරන්තරයෙන් භාවිත වන රසායනික සංයෝගවල සාමාන්‍ය නාම ප්‍රකාශ කරයි
  • ඇවගාඞ්රෝ නියතයේ (NA) අගය ඒකක සහිතව ලියා දක්වයි
  • මවුල සහ ඇවගාඞ්රො නියතයට සම්බන්ධ ගණනය කිරීම් සිදු කරයි
  • ප්‍රතිශත සංයුතිය දන්නා විට ආනුභවික සූත්‍රය ද, ආනුභවික සූත්‍රය හා අණුක ස්කන්ධය දන්නා විට අණුක සූත්‍රය ද නිර්ණය කරයි
  • සංයුතියෙහි පරාමිති (ස්කන්ධ භාගය, පරිමා භාගය, මවුල භාගය, සාන්‍ද්‍රණය) සමාලෝචනය කරයි
  • ස්කන්ධ භාගය, පරිමා භාගය හා මවුල භාගය සම්බන්ධ ගැටලු විසදයි
  • ඒකක, පරිමාවක ඇතුළත් ද්‍රාව්‍ය මවුල ප්‍රමාණය සාන්ද්‍රණය ලෙස අර්ථදක්වයි
  • සංයුතිය ස්කන්ධය / පරිමාව ලෙස, ප්‍රමාණය / පරිමාව (සාන්‍ද්‍රණය) ලෙස හා ප්‍රමාණය / ස්කන්ධය ලෙස ගණනය කර ප්‍රකාශ කරයි
  • විද්‍යා ගාරයේ ඇති පිපෙට්ටු, බියරෙට්ටු, බීකර, මිනුම්සරා වැනි වීදුරු උපකරණ හා සිව්දඬු තුලාව නිවැරදිව පරිහරණය කරයි

පාඩම් සැලසුම් සඳහා උපදෙස් –

  • විවිධ රසායනික සංයෝග වල අඩංගු සංඝටක පරමාණුවල ඔක්සිකරණ අංකය ලබා ගන්නා අයුරු පැහැදිලි කරන්න
  • IUPAC නීති භාවිතයෙන් රසායනික සුත්‍ර ලිවීමට සිසුන් යොමු කරන්න
  • සිසුන් කණ්ඩායම් කර අප නිතර භාවිතා කරන සුලභ රසායනික සංයෝගවල සාමාන්‍ය නම් සෙවීමට යොමු කරන්න
  • රසායනික ගණනයේදී ඇවගාඞ්රෝ අංකයේ (NA) වැදගත්කම සුදුසු උදාහරණ මගින් පැහැදිලි කරන්න
  • මවුල සහ ඇවගාඞ්රෝ නියතය මත පදනම් වු ගණනය කිරීම් සිදු කිරීමට සිසුන්ට මග පෙන්වන්න
  • සංයෝගයක ආනුභවික සුත්‍රය හා අණුක සුත්‍රය හදුන්වා දී එම සුත්‍ර දෙක අතර වෙනස හදුනාගැනීමට සුදුසු නිදසුන් ඉදිරිපත් කරමින් සහාය වන්න
  • සංයෝගවල සංයුති යොදා ගනිමින් ආනුභාවික සුත්‍රය හා අණුක සුත්‍රය නිර්ණය කිරීමට මග පෙන්වන්න
  • නිදසුන් යොදා ගනිමින් සංයුතිය ප්‍රකාශ කළ හැකි පරාමිතීන් හඳුනා ගැනීමට උදව් කරන්න (ස්කන්ධ භාගය, පරිමා භාගය, මවුල භාගය හා ප්‍රමාණය/ස්කන්ධය)
  • සාන්ද්‍රණය හදුන්වා දී එය මවුල ප්‍රමාණය/ පරිමාව යන පද මගින් ප්‍රකාශ කල හැකි බව පෙන්වා දෙන්න
  • සිසුන් කණ්ඩායම් කර සුදුසු උදාහරණ මගින් සංයුතිය සහ සාන්ද්‍රණය සම්බන්ධ ගණනය කිරීම් සිදුකිරීමට මග පෙන්වන්න
  • විද්‍යාගාරයේ ඇති වීදුරු උපකරන වල වැදගත්කම හා ප්‍රයෝජන සදහන් කර ඒවා ආදර්ශනය කරමින් සිසුන්ටද ඒවා භාවිත කිරීම් හුරුවීමට අවස්ථාව සලසා දෙනන
  • සිව් ඳඩු නිවැරදිව භාවිතා කිරීමට මග පෙන්වන්න

අදාල පරීක්ෂණ –

  • විද්‍යාගාරයේ ඇති වීදුරු උපකරණ හා සිව් දඩු තුලාව භාවිතා කිරීම

ඇගයීම් හා තක්සේරුකරණය –

  • සංයුතිය හා සාන්ද්‍රණය මත පදනම් වී ඇති විවිධ වර්ගයේ ගණනයන් සිදු කිරීමට ඇති හැකියාව අගයන්න

නිපුණතා මට්ටම  3.2 –

විවිධ ක්‍රම භාවිතා කර තුලිත සමීකරණ ලියා දක්වයි

කාලච්ඡේද ගණන –

10

ඉගෙනුම් ඵල –

  • ස්කන්ධ හා ආරෝපණ සංස්ථිතිය සැලකිල්ලට ගනිමින් රසායනික සමීකරණයක තුලිත බව පිරික්සයි
  • සෝදිසි ක්‍රමය හා රෙඩොක්ස් ක්‍රමය භාවිතයට ගනිමින් සමීකරණ තුලනය කරයි
  • න්‍යෂ්ටික ප්‍රතික්‍රියා තුලිත කරයි

පාඩම් සැලසුම් සඳහා උපදෙස් –

  • ස්කන්ධ සංස්ථිතිය හා ආරෝපණ සංස්ථිතිය සලකමින් සමීකරණය තුලිත කිරීමට සිසුන්ව යොමු කරන්න
  • සෝදිසි ක්‍රමය මගින් සමීකරණ තුලිත කරන ආකාරය පෙන්වා දෙමින් ඒ සදහා මග පෙන්වන්න
  • ඔක්සිකරණ අංක පමණක් භාවිතයෙන් සහ අයන-ඉලෙක්ට්‍රෝන අර්ධ ප්‍රතික්‍රියා ලිවීම මගින් රෙඩොක්ස් ප්‍රතික්‍රියා තුලිත කිරීමට මග පෙන්වන්න
  • සරල න්‍යෂ්ටික ප්‍රතික්‍රියා තුලිත කිරීමට මග පෙන්වන්න

ඇගයීම් හා තක්සේරුකරණය –

  • විවිධ මර්ගයේ ප්‍රතික්‍රියා ලබා දී ඒවා තුලිත කිරීමට ඇති හැකියාව අගයන්න

නිපුණතා මට්ටම 3.3 –

ස්ටොයකියෝමිතිය හා අනුමාපන ආශ්‍රිත ගණනය කිරීම් සිදු කරයි

කාලච්ඡේද ගණන –

14

ඉගෙනුම් ඵල –

  • තුලිත රසායනික සමීකරණයේ ස්ටොයිකියෝමිතියට අදාළ ගැටලු විසදයි
  • ද්‍රාවණ පිළියෙල කරන ආකාරය හා තනුකකරණය කරන ආකාරය පැහැදිලි කරයි
  • සෝඩියම් කාබනේට් ද්‍රාවනයක් පිළියෙල කරයි

පාඩම් සැලසුම් සඳහා උපදෙස් –

  • ද්‍රාවණ තනුක කර වෙනත් ද්‍රාවණ පිළියෙල කිරීමට අදාල ගණනයන් සිදු කරන ආකාරය පැහැදිලි කරන්න
  • අම්ලභෂ්ම ප්‍රතික්‍රියාවලට අදාල ගණනයන් සිදු කිරීමට මග පෙන්වන්න
  • තුලිත රසායනික සමීකරණ භාවිතයෙන් විවිධ වර්ගයේ ගැටලු විසදීමට යොමු කරන්න
    නිදසුන්

    1. දෙන ලද ද්‍රාවණයක් තනුක කිරීමෙන් නව සාන්ද්‍රණය සොයන්න
    2. එකිනෙක ප්‍රතික්‍රියා නොකරන ද්‍රාවණ දෙකක් මිශ්‍ර කල විට සෑදෙන ද්‍රාවණයේ ඇති අයන සාන්ද්‍රණ සොයන්න
    3. එකිනෙක ප්‍රතික්‍රියා කරන ද්‍රාවණ දෙකක් මිශ්‍ර කළ විට සෑදෙන ද්‍රාවණයේ ඇති අයන සාන්ද්‍රණ සොයන්න
    4. අම්ල ද්‍රාවණයක ඝනත්වය හා ස්කන්ධය අනුව ප්‍රතිශත සංශුද්ධතාවය දී ඇති විට එම ද්‍රාවණයේ සාන්ද්‍රණය සෙවීම
    5. දෙන ලද ද්‍රාවණ දෙකක් මගින් වෙනත් ද්‍රාවණ පිළියෙල කිරීම සම්බන්ධ ගණනයන්
    6. නිර්ජලීය හා ජලීය ඝන ද්‍රව්‍ය භාවිතා කර නිශ්චිත සාන්ද්‍රණයක් ඇති ද්‍රාවණ පිළියෙල කිරීමට අදාළ ගණනය කිරීම්
    7. ද්‍රාවණ දෙකක් මිශ්‍ර කල විට සෑදෙන අවක්ෂේපයක් ස්කන්ධය සෙවීම
    8. ප්‍රතික්‍රියා දෙකක් සමගාමීව සිදුවන විට යම් මිශ්‍රණයක සංයුතිය නිර්ණය කිරීිම
    9. ප්‍රතිකාරක දෙකක් අතර ප්‍රතික්‍රියාවක් සිදු වු විට ඉතිරිවන ප්‍රතිකාරකය සොයා ගැනීමට අදාල ගැටලු විසදීම නිදසුන්: හුණුගල් සාම්පලයක ඇති කැල්සියම් කාබනේට් ප්‍රමාණය නිර්ණය කිරීමට වැඩිපුර හයිඩ්‍රොක්ලෝරික්අ ම්ලය භාවිතා කිරීම
    10. ඉහත සදහන් කර ඇති මාතෘකා වලට අදාල වෙනත් ගැටලු විසදීම

අදාල පරීක්ෂණ –

  • Na2CO3 ද්‍රාවණයක් පිළියෙල කිරීම

ඇගයීම් හා තක්සේරුකරණය –

  • ස්ටොතියොමිතිය සම්බන්ධ විවිධ වර්ගයේ ගැටලු විසදීමට ඇති හැකියාව අගයන්න

You Might Also Like