A/Level Chemistry Syllabus

02 ඒකකය – ව්‍යුහය සහ බන්ධන

ඒකකය 2 – ව්‍යුහය සහ බන්ධන

 

නිපුණතාව 2.0 –

බන්ධන හා ව්‍යූහ, පදාර්ථවල ගුණ සමඟ සම්බන්ධ කරයි.

නිපුණතා මට්ටම 2.1 –

පදාර්ථයේ ව්‍යූහය හා ගුණ තීරණය කිරීමේ පිළිවෙතක් ලෙස බහු
පරමාණුක පද්ධතිවල ප්‍රාථමික අන්තර් ක්‍රියා විග්‍රහ කරයි.

කාලච්ඡේද ගණන –

12

ඉගෙනුම් ඵල –

  • රසායනික බන්ධන සෑදීම සඳහා සංයුජතා කවච ඉලෙක්ට්‍රෝන
    සහභාගි වන බව අවබෝධ කර ගැනීමට රසායනික බන්ධන
    විමර්ශනය කරයි.
  • ඉලෙක්ට්‍රෝන හවුල් කර ගනිමින් සහසංයුජ බන්ධන සෑදීම
    පැහැදිලි කරයි.
  • තනි බන්ධන හා බහු බන්ධන හඳුන්වා දෙයි.
  • ලුවිස් ව්‍යූහ ඇඳීමේ දී භාවිත වන නීති පැහැදිලි කරයි.
  • සහසංයුජ අණු හා අයන කාණ්ඩ සඳහා ලුවිස් ව්‍යූහ අඳියි.
  • බන්ධනයට සහභාගි වන පරමාණුවල විද්‍යුත්-සෘණතා වෙනස
    අනුව බන්ධන නිර්ධ්‍රැවීය සහසංයුජ බන්ධන, ධ්‍රැවීය සහසංයුජ
    බන්ධන හා අයනික බන්ධන ලෙස සංසන්දනය කරයි.
  • සුදුසු නිදසුන් දෙමින් ධ්‍රැවීකරණය හා ද්විධ්‍රැව ඝූර්ණය යන
    සංකල්ප ඇසුරෙන් ධ්‍රැවීය සහසංයුජ බන්ධනය සහ අණුවල
    ධ්‍රැවීයතාව විස්තර කරයි
  • සංගත / දායක බන්ධන සෑදීම පැහැදිලි කරයි
  • අයනික බන්ධන සෑදීම පැහැදිලි කරයි.
  • අයනික දැලිස්වල ව්‍යූහය හා භෞතික ලක්ෂණ සෝඩියම්
    ක්ලෝරයිඞ් නිදසුන් ලෙස ගනිමින් පැහැදිලි කරයි.
  • කැටායනයේ ධ්‍රැවීකරණ බලය හා ඇනායනයේ ධ්‍රැවණශීලතාව
    පදනම් කර ගනිමින් අයනික බන්ධනයක සහසංයුජ ලක්ෂණය
    සුදුසු උදාහරණ ගනිමින් පැහැදිලි කරයි.
  • සංයෝගවල අයනික ලක්ෂණ හා සහසංයුජ ලක්ෂණ
    සංසන්දනය කරයි.
  • ලෝහක බන්ධනයක ව්‍යූහය පැහැදිලි කරයි.
  • සහසංයුජ, අයනික හා ලෝහක බන්ධන ප්‍රාථමික අන්තර්ක්‍රියා
    ලෙස සඳහන් කරයි.

පාඩම් සැලසුම් සඳහා උපදෙස් –

  • රසායනික බන්ධන සෑදීමට සංයුජතා ඉලෙක්ට්‍රෝන සහභාගි වන බව පෙර දැනුම
    විමසමින් අවධාරණය කරන්න.
  • සුදුසු නිදසුන් යොදා ගනිමින් සහසංයුජ බන්ධන සෑදෙන ආකාරය විස්තර කරන්න. (H2, Cl2, HCl, HF)
  • සුදුසු උදාහරණ සපයමින් තනි බන්ධන හා බහු බන්ධන හඳුන්වා දෙන්න.  (O2, N2)
  • සම්මත නීතිරිති යොදා ගනිමින් සරල අණු සඳහා ලුවිස් ව්‍යූහ අඳින ආකාරය පැහැදිලි
    කරන්න.
  • බන්ධනයට සම්බන්ධ වී ඇති පරමාණුවල විද්‍යුත්-ඍණතා සලකමින් ඒවා ධ්‍රැවීය,
    සහසංයුජ, නිර්ධ්‍රැවීය සහසංයුජ හා අයනික ලෙස බෙදා වෙන් කරන අයුරු සාකච්ඡා
    කරන්න.
  • විද්‍යුත්-ඍණතා අගයයන් උපයෝගී කර ගනිමින් හා සුදුසු නිදසුන් සපයමින් ධ්‍රැවීකරණය
    හා බන්ධන ඝුර්ණය යන සංකල්ප විස්තර කරන්න. සුදුසු නිදසුන් උපයෝගි කර ගනිමින්
    දායක සහසංයුජ බන්ධන සෑදෙන අයුරු පැහැදිලි කරන්න.

    • නිදසුන් – NH4+, H3O+, NH3 , BH3
  • අයනික බන්ධන සහ එමගින් අයනික දැලිස් සෑදෙන ආකාරය සුදුසු නිදසුන් දෙමින්
    පැහැදිලි කරන්න.
  • අයනික දැලිස්වල ගුණ පැහැදිලි කරන්න. (සන්නායකතාව, ද්‍රවාංක හා ද්‍රාව්‍යතාව)
  • කැටායනයක ධ්‍රැවීකාරක බලය හා ඇනායනයක ධ්‍රැවණශීලිතාව පදනම් කර ගනිමින්
    අයනික බන්ධනයක් සහසංයුජ ලක්ෂණ පෙන්වන අයුරු සාකච්ඡා කරන්න.
  • ලෝහක බන්ධන සෑදෙන ආකාරය පැහැදිලි කරන්න.
  • සහසංයුජ බන්ධන, අයනික බන්ධන හා ලෝහක බන්ධන ප්‍රාථමික අන්තර්ක්‍රියා ලෙස
    නම් කරන බව හඳුන්වා දෙන්න.

ඇගයීම් හා තක්සේරුකරණය –

  • දෙන ලද සංයෝගයක් අයනික, ධ්‍රැවීය සහසංයුජ, නිර්ධ්‍රැවිය සහසංයුජ, දායක සහසංයුජ
    හා ලෝහක ලෙස වර්ග කිරීමට ඇති හැකියාව අගයන්න.
  • දෙන ලද සරල අණු හා අයනවල ලුවිස් ව්‍යූහ ඇඳීමට ඇති හැකියාව අගයන්න.

නිපුණතා මට්ටම  2.2 –

සහසංයුජ හා ධ්‍රැවීය සහසංයුජ අණුවල හා සරල අයනවල හැඩ
විග්‍රහ කරයි.

කාලච්ඡේද ගණන –

16

ඉගෙනුම් ඵල –

  • සම්මත නීති භාවිතයට ගනිමින්, සුලබ ව හමු වන උපරිම
    වශයෙන් පරමාණු 10කට සීමා වන සහසංයුජ අණුවල හා
    අයනවල සම්ප්‍රයුක්ත ව්‍යූහ අඳියි.
  • සම්ප්‍රයුක්තතාව භාවිත කර ඕසෝන් අණුවේ හා කාබනේට්
    අයනයේ බන්ධන දිගෙහි සමානත්වයට හේතු පැහැදිලි කරයි.
  • පරමාණුවක කාක්ෂික අතිච්ඡාදනය පැහැදිලි කරයි.
  • සුදුසු නිදසුන් භාවිතයෙන් මධ්‍යම පරමාණුවේ sp, sp2 හා sp3 යන මුහුම්කරණ සිදු වන ආකාරය විස්තර කරයි.
  • s-s, s-p හා p-p පරමාණුක කාක්‍ෂිකවල රේඛීය අතිච්ඡාදනයෙන්
    σ බන්ධන සෑදෙන බව සඳහන් කරයි.
  • p කාක්ෂික දෙකක් අතර පාර්ශ්වික අතිච්ඡාදනයෙන් π බන්ධන
    සෑදෙන බව සඳහන් කරයි.
  • σ හා π බන්ධනවල ප්‍රබලතාව සංසන්දනය කරයි.
  • මුහුම් කාක්ෂික අතිච්ඡාදනයෙන් සිග්මා බන්ධන සෑදීම විස්තර කරයි.
  • සංයුජතා කවච ඉලෙක්ට්‍රෝන යුගල විකර්ෂණ වාදය (VSEPR)
    භාවිත කර අණුවල හා අයනවල කේන්‍ද්‍රීය පරමාණුව වටා
    ඉලෙක්ට්‍රෝන යුගල් දිශානුගත වී ඇති ආකාරය (ඉලෙක්ට්‍රෝන
    යුගල ජ්‍යාමිතිය) හා ඒවායේ හැඩය (අණුක ජ්‍යාමිතිය)
    පුරෝකථනය කරයි.
  • විවිධ අණුවල බන්ධන කෝණ සසඳයි. (බන්ධන කෝණවල
    සැබෑ අගයන් පරීක්‍ෂා නො කෙරේ.)
  • හැඩ විදහා දැක්වීම සඳහා අණුවල ආකෘති තනයි.
  • මුහුම්කරණය, ඔක්සිකරණ අංකය හා ආරෝපණය පදනම් කර
    ගෙන විද්‍යුත්-ඍණතාව විචලනය වන අයුරු විස්තර කරයි.
    (ගුණාත්මක ව පමණි.)

පාඩම් සැලසුම් සඳහා උපදෙස් –

  • දෙවැනි ආවර්තයේ මූලද්‍රව්‍ය යොදා ගනිමින් සම්ප්‍රයුක්ත ව්‍යූහ යන සංකල්පය හඳුන්වා
    දෙන්න.
  • සහසංයුජ අණුවල සහ බහුපරමාණුක අයනවල අඩංගු මධ්‍ය පරමාණුවේ ඉලෙක්ට්‍රෝන
    සැකැස්ම සලකමින් sp, sp2 හා sp3 මුහුම්කරණය අවස්ථා පැහැදිලි කරන්න.
  • පරමාණුක/ මුහුම් කාක්ෂික අතිච්ඡාදනයෙන් (රේඛීය/ පාර්ශ්වික) සිග්මා (σ) හා පයි (π)
    බන්ධන සෑදෙන ආකාරය රූපසටහන් ආධාරයෙන් පැහැදිලි කරන්න.
  • O3 හා CO32- වැනි ප්‍රභේදවල සම්ප්‍රයුක්ත මුහුම්වල බන්ධන දිග සමාන වන බව ඒවායේ
    සම්ප්‍රයුක්ත ව්‍යූහ සලකමින් පැහැදිලි කරන්න.
  • සංයුජතා කවච ඉලෙක්ට්‍රෝන යුගල විකර්ෂණ වාදය (VSEPR) යොදා ගනිමින් අණුවල
    හැඩ විස්තර කරන්න. (උපරිම වශයෙන් ඉලෙක්ට්‍රෝන යුගල් හයක විකර්ෂණ සලකන්න.)
  • විවිධ අණුවල ආසන්න බන්ධන කෝණ නිර්ණය කරන අයුරු සාකච්ඡා කරන්න.
  • විවිධ අණු/අයනවල මධ්‍ය පරමාණුවේ විද්‍යත්-ඍණතාව එහි මුහුම්කරණය, ඔක්සිකරණ
    අංකය හා ආරෝපණය මත වෙනස් වන අන්දම පහදන්න.

අදාල පරීක්ෂණ –

  • පරමාණුක ආකෘති කට්ටලය මගින් අණුවල හැඩය පෙන්නුම් කිරීම

ඇගයීම් හා තක්සේරුකරණය –

  • දෙන ලද අණු සහ අයනවල හැඩ නිර්ණය කිරීමේ හැකියාව අගයන්න.
  • දෙන ලද ප්‍රභේදවල ආසන්න බන්ධන කෝණ පුරෝකථනය කිරීමට ඇති හැකියාව
    අගයන්න.

    • නිදසුන් – PCl3 , CH4 , H2 O, NH4 + , NO2 – , SO2
  • දෙන ලද අණු සහ අයනවල මධ්‍ය පරමාණුවල විද්‍යුත් ඍණතාවය සංසන්දනය කිරීමට
    ඇති හැකියාව අගයන්න.

නිපුණතා මට්ටම 2.3 –

පදාර්ථයේ ව්‍යූහය හා ගුණ නිර්ණය කිරීමේ ක්‍රමයක් ලෙස විවිධ
පද්ධතිවල ද්විතීයික අන්තර් ක්‍රියා විශ්ලේෂණය කරයි.

කාලච්ඡේද ගණන –

07

ඉගෙනුම් ඵල –

  • සුදුසු නිදසුන් භාවිත කර ද්විතීයික අන්තර්ක්‍රියා ආකාර විස්තර
    කරයි.
  • ද්‍රව්‍යයක පවත්නා ද්විතීයික අන්තර්ක්‍රියාවල ස්වභාවය හා එහි
    භෞතික ගුණ අතර සම්බන්ධතාව ඉස්මතු කර පෙන්වයි.
  • 15, 16 සහ 17 කාණ්ඩවල මූලද්‍රව්‍ය ද්‍රවාංක කෙරෙහි හයිඞ්රජන්
    බන්ධනවල බලපෑම පැහැදිලි කරයි.
  • ද්විතීයික අන්තර්ක්‍රියාවල වැදගත්කම සහ පදාර්ථයේ භෞතික
    අවස්ථා සඳහා එහි බලපෑම ප්‍රකාශ කරයි.
  • සුදුසු උදාහරණ මඟින් අණුක දැලිසක පිළියෙල වීම පැහැදිලි
    කරයි.
  • දැලිස් ව්‍යූහවල ලක්ෂණ පුරෝකථනය කරයි.

පාඩම් සැලසුම් සඳහා උපදෙස් –

  • සුදුසු උදාහරණ දෙමින් ද්වි ධ්‍රැව- ද්වි ධ්‍රෑව අන්තර් ක්‍රියා, හයිඞ්රජන් බන්ධන, අයන –
    ද්විධ්‍රැව අන්තර් ක්‍රියා, අයන – ප්‍රේරිත ද්වධ්‍රැව අන්තර් ක්‍රියා, ද්වධ්‍රැව – ප්‍රේරිත ද්වධ්‍රැව
    අන්තර් ක්‍රියා සහ ලන්ඩන් අපකිරණබල යනාදී ද්විතීයික අන්තර් ක්‍රියා ඇති වන අයුරු
    පැහැදිලි කරන්න.
  • ද්විතීයික අන්තර් ක්‍රියාවල වැදගත්කම සහ පදාර්ථයේ විවිධ භෞතික අවස්ථා කෙරෙහි
    ඒවායේ බලපෑම සුදුසු අකෘති හෝ විඩියෝ දර්ශන උපයෝගී කර ගනිමින් සාකච්ඡා
    කරන්න.
  • ද්විතීයික අන්තර් ක්‍රියා හේතු කොට ගෙන විවිධ වර්ගයේ දැලිස් නිර්මාණය වන ආකාරය
    පැහැදිලි කරන්න.
  • දැලිස් ව්‍යූහවල භෞතික ලක්ෂණ සාකච්ඡා කරන්න.

ඇගයීම් හා තක්සේරුකරණය –

  • දෙන ලද ද්‍රව්‍යවල තාපාංක හා ද්‍රවාංක සංසන්දනය කිරීමට ඇති හැකියාව අගයන්න.

You Might Also Like