A/Level Chemistry Syllabus

02 ඒකකය – ව්‍යුහය සහ බන්ධන

ඒකකය 2 – ව්‍යුහය සහ බන්ධන

 

නිපුණතාව 2.0 –

බන්ධන හා ව්‍යුහ පදාර්ථවල ගුණ සමග සම්බන්ධ කරයි

නිපුණතා මට්ටම 2.1 –

පදාර්ථයේ ව්‍යුහය හා ගුණ තීරණය කිරීමේ පිලිවෙතක් ලෙස බහු පරමාණුක පද්ධතිවල ප්‍රාථමික අන්තර් ක්‍රියා විග්‍රහ කරයි

කාලච්ඡේද ගණන –

10

ඉගෙනුම් ඵල –

  • රසායනික බන්ධන සෑදීම සඳහා සංයුජතා කවච ඉලෙක්ට්‍රෝන සහභාගි වන බව ප්‍රකාශ කරයි
  • සහසංයුජ බන්ධන සෑදීම පැහැදිලි කරයි
  • තනි බන්ධන හා බහු බන්ධන හඳුන්වා දෙයි
  • අණු හා අයන කාණ්ඩ සඳහා ලුවිස් ව්‍යූහ අඳියි
  • බන්ධනයට සහභාගි වන පරමාණුවල විද්‍යුත් ඍණතා වෙනස අනුව බන්ධන නිර්ධ්‍රැවීය සහසංයුජ බන්ධන, ධ්‍රැවීය සහසංයුජ බන්ධන හා අයනික බන්ධන ලෙස සන්සන්දනය කරයි
  • සුදුසු නිදසුන් දෙමින් ධ්‍රැවීකරණය හා ද්විධ්‍රැව ඝූර්ණය යන සංකල්ප විස්තර කරයි
  • සංගත / දායක බන්ධන සෑදීම පැහැදිලි කරයි
  • අයනික බන්ධන සෑදීම පැහැදිලි කරයි
  • කැටායනයේ ධ්‍රැවීකරණ බලය හා ඇනායනයේ ධ්‍රැවණශීලතාව පදනම් කර ගනිමින් අයනික බන්ධනයක සහසංයුජ ලක්ෂණය සුදුසු උදාහරණ ගනිමින්පැ හැදිලි කරයි
  • ලෝහක බන්ධනයක ව්‍යුහය පැහැදිලි කරයි
  • සහසංයුජ, අයනික හා ලෝහක බන්ධන ප්‍රාථමික අන්තර්ක්‍රියා ලෙස හඳුනා ගනියි

පාඩම් සැලසුම් සඳහා උපදෙස් –

  • රසායනික බන්ධන සෑදී සංයුජතා ඉලෙක්ට්‍රෝන සහභාගි වන බව පෙර දැනුම විමසමින් අවධාරණය කරයි
  • සුදුසු නිදසුන් යොදා ගනිමින් සහසංයුජ බන්ධන සෑදෙන ආකාරය විස්තර කරන්න (H2, Cl2, HCl, HF)
  • සුදුසු උදාහරණ සපයමින් තනිබන්ධන හා බහු බන්ධන හදුන්වා දෙන්න (O2, N2)
  • සම්මත නීතිරිති යොදා ගනිමින් සරල අණු සදහා ලුවිස් ව්‍යුහ අදින ආකාරය පැහැදිලි කරන්න
  • බන්ධනයට සම්බන්ධ වී ඇති පරමාණුවල විද්‍යුත් ඍණතා සලකමින් ඒවා ධ්‍රැවීය සහ සහසංයුජ නිර්ධ්‍රැවීය සහසංයුජ හා අයනික ලෙස බෙදා වෙන් කරන අයුරු විස්තර කරන්න
  • විද්‍යුත් ඍණතා අගයන් උපයෝගී කර ගනිමින් හා සුදුසු නිදසුන් සපයමින්
    ධ්‍රැවීකරණය හා බන්ධන ඝුර්ණය යන සංකල්ප විස්තර කරන්න
  • සුදුසු විද්‍යුත් උපයෝගි කර ගනිමින් ද්‍රායක සහ සංයුජ බන්ධන සෑදෙන අයුරු පැහැදිලි කරන්න
    • නිදසුන් – NH4+, H3O+, NH3 , BH3
  • අයනික බන්ධන සහ එමගින් අයනික දැලිසේ සෑදෙන ආකාරය සුදුසු නිදසුන් දෙමින් පැහැදිලි කරන්න
  • කැටායන ධ්‍රැවීකාරක බලය හා ඇනායනයක ධ්‍රැවණශීලීතාව පදනම් කර ගනිමින් අයනික බන්ධනයක් සහසංයුජ ලක්ෂණ පෙන්වන අයුරු සාකච්ඡා කරන්න
  • ලෝහක බන්ධන සෑදෙන ආකාරය පැහැදිලි කරන්න
  • සහසංයුජ බන්ධන, අයනික බන්ධන හා ලෝහක බන්ධන ප්‍රාථමික අන්තරක්‍රියා ලෙස හදුන්වන බව හදුන්වා දෙන්න

ඇගයීම් හා තක්සේරුකරණය –

  • දෙන ලද සංයෝගයක් අයනික, ධ්‍රැවීය සහ සංයුජ නිර්ධ්‍රැවිය සහසංයුජ, දායක සහසංයුජ හා ලෝහක ලෙස වර්ගකිරීමට ඇති හැකියාව අගයන්න
  • දෙන ලද සරල අණු හා අයනවල ලුවිස් ව්‍යුහ ඇදීමට ඇති හැකියාව අගයන්න

නිපුණතා මට්ටම  2.2 –

සහසංයුජ හා ධ්‍රැවීය සහසංයුජ අණුවල හා සරල අයනවල හැඩ විග්‍රහ කරයි

කාලච්ඡේද ගණන –

16

ඉගෙනුම් ඵල –

  • සම්මත නීති භාවිතයට ගනිමින්, සුලභව හමු වන උපරිම වශයෙන් පරමාණු 10කට සීමා වන සහසංයුජ අණුවල හා අයනවල ලුවිස් ව්‍යූහ අඳියි
  • සුදුසු නිදසුන් භාවිතයෙන් sp, sp², sp³ මුහුම්කරණය සිදු වන ආකාරය විස්තර කරයි
  • පරමාණුක කාක්‍ෂික වල රේඛීය හා පාර්ශ්වික අතිච්ඡාදනයෙන් σ හා π බන්ධන සෑදීම විස්තර කරයි
  • සම්ප්‍රයුක්තතාව භාවිත කර ඕසෝන් අණුවේ හා කාබනේට් අයනයේ බන්ධන දිගෙහි සමානත්වයට හේතු පැහැදිලි කරයි
  • මුහුම් කාක්ෂික අතර අතිච්ඡාදනයෙන් σ බන්ධන සෑදෙන බවත් පරමාණුක කාක්ෂිකවල පාර්ශ්වික අතිච්ඡාදනයෙන් π බන්ධන සෑදෙන බවත් විස්තර කරයි (කෙසේවුව ද අග්‍රස්ථ පරමාණු සඳහා පරමාණුක කාක්ෂික පමණක් යොදා ගැනෙ)
  • (VSEPR) වාදය භාවිතා කර අණුවල හා අයනවල කේන්‍ද්‍රීය පරමාණුව වටා (ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය) හා ඒවායේ හැඩය (අණුක ජ්‍යාමිතිය) පුරොක් ථනය කරයි
  • විවිධ අණුවල ආසන්න බන්ධන කෝණ සසඳයි. (බන්ධන කෝණවල සැබෑ අගයන පරීක්‍ෂා නොකෙරේ)
  • හැඩ විදහා දැක්වීම සඳහා අණුවල ආකෘති තනයි
  • මුහුම්කරණය ඔක්සිකරණය අංකය හා ආරෝපනය පදනම් කරගෙන විද්‍යුත් ඍණතාව විචලනය වන අයුරු පැහැදිලි කරයි

පාඩම් සැලසුම් සඳහා උපදෙස් –

  • දෙවන ආවර්තයේ මුල ද්‍රව්‍ය යොදා ගනිමින් සම්ප්‍රයුක්ත ව්‍යුහ යන සංකල්පය හදුන්වා දෙන්න
  • සහසංයුජ අණුවල සහ බහුපරමාණුක අයනවල අඩංගු මධ්‍ය පරමාණුවේ ඉලෙක්ට්‍රෝන සැකැසම් සලකමින් sp, sp² හා sp³ මුහම් කරණය අවස්ථා පැහැදිලි කරන්න
  • පරමාණුක/ මුහුම් කාක්ෂික අතිච්ඡාදනයෙන් (රේඛීය/ පාර්ශ්වික) සිග්මා (σ) හා පයි ( π) බනධන සෑදෙන ආකාරය රූපසටහන ආධාරයෙන් පැහැදිලි කරන්න
  • O3 හා CO32- වැනි ප්‍රභේද වල සම්ප්‍රයුක්ත මුහුම් වල බන්ධන දිග සමාන වන බව ඒවායේ සම්ප්‍රයුක්ත ව්‍යුහ සලකමින් පැහැදිලි කරන්න
  • සංයුජතා කවච ඉලෙක්ට්‍රෝන යුගල විකර්ශනය වාදය (VSEPR) යොදා ගනිමින් අනුවල හැඩ විස්තර කරන්න (උපරිම වශයෙන් ඉලෙක්ට්‍රෝන යුගල් 06ක විකර්ශන සලකන්න)
  • විවිධ අනුවල ආසන්න බන්ධන කෝණ නිර්ණය කරන අයුරු සාකච්ඡා කරන්න
  • විවිධ අණු/අයනවල මධ්‍ය පරමාණුවේ විද්‍යත් ඍණතාව එහි මුහුම්කරණය ඔක්සිකරණ අංකය හා ආරෝපනය මත වෙනස් වන අන්දම පහදන්න

අදාල පරීක්ෂණ –

  • පරමාණුක ආකෘති කට්ටලය මගින් අණුවල හැඩය පෙන්නුම් කිරීම

ඇගයීම් හා තක්සේරුකරණය –

  • දෙන ලද අණු සහ අයනවල හැඩ නිර්ණය කිරීමේ හැකියාව අගයන්න
  • දෙන ලද ප්‍රභේදවල ආසන්න බනධන කෝණ පුරෝකථනය කිරීිමට ඇතිහැකියාව
    අගයන්න

    • නිදසුන් – PCl3, CH4, H2O, NH4+, NO2, SO2

නිපුණතා මට්ටම 2.3 –

පදාර්ථයේ ව්‍යුහය හා ගුණ නිර්ණය කිරීමේ ක්‍රමයක් ලෙස විවිධ පද්ධතිවල ද්විතියික
අන්තර් ක්‍රියා විශ්ලේෂණය කරයි

කාලච්ඡේද ගණන –

09

ඉගෙනුම් ඵල –

  • සුදුසු නිදසුන් භාවිත කර ද්විතීයික අන්තර්කියා ආකාර විස්තර කරයි
  • ද්‍රව්‍යයක පවත්නා ද්විතීයික අන්තර්ක්‍රියාවල ස්වභාවය හා එහි භෞතික ගුණ අතර සම්බන්ධතාව ඉස්මතු කරයි
  • ද්විතීයික අන්තර්ක්‍රියා වල වැදගත්කම සහ පදාර්ථයේ භෞතික අවස්ථා සඳහා එහි බලපෑම හදුනාගනියි
  • සුදුසු උදාහරණ මඟින් අණුක දැලිසක පිළියෙල වීම පැහැදිලි කරයි
  • අණුක දැලිසක ලක්ෂණ පුරෝකථනය කරයි

පාඩම් සැලසුම් සඳහා උපදෙස් –

  • සුදුසු උදාහරණ දෙමින් ද්වි ධ්‍රැව- ද්වි ධ්‍රැව අන්තර් ක්‍රියා, හයිඩ්‍රජන් බන්ධන, අයන – ද්විධ්‍රැව අන්තර් ක්‍රියා අයන – ප්‍රේරිත ද්වධ්‍රැව අන්තර් ක්‍රියා, ද්වධ්‍රැව – ප්‍රේරිත ද්වධ්‍රැව අන්තර් ක්‍රියා සහ ලන්ඩන් අපකිරන බල යනාදී ද්විතියික අන්තර් ක්‍රියා ඇතිවන අයුරු පැහැදිලි කරන්න
  • ද්විතියක අන්තර් ක්‍රියා වල වැදගත්කම සහ පදාර්ථයේ විවිධ භෞතික අවස්ථා කෙරෙහි  ඒවායේ බලපෑම සුදුසු අකෘති හෝ විඩියෝ දර්ශන උපයෝගී කරගනිමින් සාකච්ඡා කරන්න
  • ද්විතියික අන්තර් ක්‍රියා හේතුකොට ගෙන විවිධ වර්ගයේ දැලිස් නිර්මාණය වන ආකාරය පැහැදිලි කරන්න
  • දැලිස් ව්‍යුහවල භෞතික ලක්ෂණ සාකච්ඡා කරන්න

ඇගයීම් හා තක්සේරුකරණය –

  • දෙන ලද ද්‍රව්‍යවල තාපාංක හා ද්‍රවාංක සන්සන්දනය කිරීමට ඇති හැකියාව අගයන්න

You Might Also Like