In your Mind

අනාගතය ඔබ අසලින් ගමන් කරයි

අතීතය වර්තමානය සහ අනාගතය කියන්නේ කාලයන් තුනක් බව ඔබ ඉගෙනගත්තේ හුගාක් පුංචි අවදියේ. ගෙවෙන සෑම තත්පරයක්ම අතීත්යට එකතු වෙද්දී එළඹෙන සෑම තත්පරයක්ම අනාගතය විදිහට ඉදිරියට එනවා. අපිට අභිමුඛ වෙන තත්පරය අපි වර්තමානය විදියට සලකනවා. කාලය නිර්ණයට මෙය සාධාරණ වුණත් ජීවිතය තීරණය කරන්න මේ ක්‍රමය සාධාරණ නෑ.

අපි අතීතය පසු කරමින් ගමන් කරන බව ඇත්ත. ඒත් අතීතය පසු කරද්දී අනාගතය ඔබ අසලින් ගමන් කරන බවත් ඔබ මතක තබා ගන්න ඕනේ. ඔබේ අභිමුඛ වන මොහොත වර්තමානය වුණත් ඒ වර්තමනයේ ප්‍රතික්‍රියාව අනාගතය තීරණය කිරීමට ඉවහල් වෙනවා. තව මොහොතින් ඔබට අභිමුඛ වන උසස් පෙළ විභහගය කියන්නෙත් වර්තමානයවත් අතීතයවත් නෙමෙයි ඔබ අසලින් ගමන් කරන ඔබේ අනගතය. මේ අභියෝගයට ඔබ ප්‍රතික්‍රියා කරන ආකාරය අනුව ඔබට නැවත ඔබ ඉදිරියේ පෙනී සිටින අනාගතය තීරණය කරන්න පුළුවන්.
අන්න ඒ නිසා ඔබ අසලින් මේ මොහොතේ ගමන් කරන ඔබේ අනගතයට අයාලේ යන්න ඉඩ දෙන්න එපා. ඒ අනාගතය නිවරදිව පිලිගත කරන්න.

You Might Also Like